spot_img
spot_imgspot_img

ශ්‍රී ලාංකිකයන් 10,000කගේ ජීවිත බේරාගන්න යැයි සෞඛ්‍ය විශේෂඥයෝ ඉල්ලති

පුවත්

විදෙස්

නිරෝධායන ඇඳිරිනීතය දැඩි සීමා ක්‍රියාත්මක කරමින් ඔක්තෝබර් 02 වැනි දා දක්වා පවත්වාගෙන යන්නේ නම් කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියයාමට ඉඩ ඇති 10,000කගේ ජීවිත බේරාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්වාධීන තාක්ෂණ කමිටුව පවසයි.

එම කමිටුව ඊයේ ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ දැඩි සංචරණ සීමා සැප්තැම්බර් මස 18 වැනි දා දක්වා පවත්වාගෙන යන්නේ බේරාගත හැකි ජීවිත සංඛ්‍යාව 7,500ක් බවයි

එම වාර්තාව මෙම සබැඳියෙන් ලබාගත හැකිය.

https://cdn.who.int/media/docs/default-source/srl/20210826.-6th-expert-group-recommendations-final.pdf?sfvrsn=99bf0d3f_10

මේ බව ප්‍රකාශ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත්කර ඇති ස්වාධීන තාක්ෂණික කමිටුවක් විසිනි. එම කමිටුව පෙන්වාදෙන්නේ රටේ ජනතාව සංචරණ සීමාවලට අනුගත වීම අත්‍යාවශ්‍ය බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම්ගේ විශේෂ නියෝජිත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන පහසුකම් සපයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවයි.

එම තාක්ෂණික කමිටුව රැස්වී සමාලෝචනය කරන ලද කරුණු අනුව සැකසූ වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවයි. රෝහල් සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත්, වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එහි දැක්වේ.

එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ දැක්වේ.

වයිරසය සම්ප්‍රේෂණය (ව්‍යාප්තිය), වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන් ය.

දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැය ද විශේෂඥ කමිටුව සඳහන් කරයි. එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!