spot_img
spot_imgspot_img

“සුජාත දියණිය” කාතාවේ ‘චංගුමී’ එදා මුහුණ දුන්නේ කොරෝනා වසංගතයකට ද ?

පුවත්

විදෙස්

වසංගතයක් මිනිසුන් අතර පැතිරයන විට අතීත රජ දවස එය පාලනය කළ හැටි මෙරට බෙහෙවින් ජනප්‍රිය වූ කොරියානු නාට්‍ය මාලාවක් වූ “සුජාත දියණිය” නාට්‍යයේ පෙන්වූ ආකාරය අද බොහෝ දෙනකුට අමතකව ඇතුවාට සැකයක් නැත.

එම කතා මාලාව ජාතික ‍රූපවාහිනියෙන් වසර කිහිපයකට පෙර විකාශය වූ අතර ප්‍රධාන චරිතය වූ චන්ගුමී, හන් පාළිකාව, ඩුක්කු මාමා, යුන් පාළිකාවත් ඔබේ මතකයේ ඇතිවාට සැකයක් නැත.

එම කතා මාලාවේ 24 වැනි කොටසේ දැක්වෙන්නේ රජ මැදුරේ සෙබළු සහ පාලිකාවන් අතර පැතිරයන වසංගතයකි. උණ රෝගයක් ලෙස සිතා සිටිය ද පසුව එය වසංගතයක් බව දැනන්නා වෙදැදුරන්ගේ උපදෙස් මත වසංගතයට ගොදුරු වූ රෝගී සියලු දෙනාම එක රැයකින් රජමාළිගාවෙන් ඉවත්කර නිරෝධායනයට යවති.

නිරෝධායනයට ඔවුන් යවද්දී මුඛ හා නාස් ආවරණ පැළඳ සිටින ආකාරයත් අපූරුවට එහි පෙපන්වයි.

මුළුතැන් ගේ පාළිකාවන් අතර ද මේ වසංගතය පැතිර තිබූ බැවින් අමු ආහාර පිළියෙළ නොකරන ලෙසත්, සියලු ආහාර හොඳින් පිසූ ආහාර පමණක් විය යුතු බවත් හන් පාළිකාව සියලු දෙනාට උපදෙස් දෙන්නීය.

එමෙන්ම හොඳින් වතුර උණුකර සියළු භාජන සෝදන ලෙස ද ඇය තම කණ්ඩායමට උපදෙස් දෙන අයුරු එහි මනාව පෙන්වයි.

කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස රෝගීන් සමඟ නිරෝධායයට යවා සිටි මුළුතැන්ගේ ප්‍රධාන පාළිකාව හමුවීමට චන්ගුමීගේ සහ හන් පාළිකාවගේ වුවමනාවට ඇය රඳවා සිටින ස්ථානයට යන ඩුක්කු මාමාට හමුවන්‍නේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින හෙදියකි. ඇය නිරෝධායන ඇඳුමක් හැඳි සිටියි.

කිසිදු මුඛ හෝ නාස් ආවරණයක් නැතිව සිටින ඩුක්කු මාමා ඇගෙන් කටකලියාවක් ඉල්ලයි. එයින් ගම්‍ය වන්නේ රෝගියකු හමුවීමට නම් මුඛ ආවරණ අවශ්‍ය බවයි. තමන්ට වසංගතය නොමැති බව දන්නා ප්‍රධාන පාළිකාව ඩුක්කු තම කුටියට කැ‍ඳෙව්ව ද ඩුක්කු ඇතුළට යාම ප්‍රතික්ෂේප කර ඇය අසළට නොගොස් ඈතින් සිටින්නේ සමාජ දුරස්ථභාවය ද තබා ගැනීමේ අවශ්‍යතාව දන්නා බැවිනි.

නිරෝධායනයට යවා සිටින ප්‍රධාන පාළිකාව හමුවී ආපසු නිවසට ආ ඩුක්කු මාමාට ඇගේ බිරිඳ යම් දියරයක් ඉසියි. අනපේක්ෂිතව වැදුණු මේ ප්‍රහාරයෙන් තක්කු මුක්කු වී යන ඩුක්කු මාමා ‍කෑ ගසද්දී ඇය පවසන්නේ

“ආ….. ඔය වයින්. ලෙඩෙක් ගාවට ගිහින් එනකොට පිරිසිදු කරලානේ ගන්න ඕනෑ.” යනුවෙනි.

ඩුක්කු මාමා මුහුණ සෝදා ගැනීමට වයින් ඉල්ලන්නේ බිරිඳගේ ආදරය ගැන ද ප්‍රශංසා කරමිනි.

අදට ද අප ඇල්කොහොල් සහිත විෂබීජ නාශක කොරෝනා වසංගතයෙන් බේරීමට භාවිතා කරයි.

“සුජාත දියණිය” කතා මාලාව අතුල රන්සිරිලාල්ගේ නිර්මාණාත්ම කාර්යයකි. එම කතා මාලාව 14-15 වැනි සියවස්වල දී කොරියානු ජන සමාජය හා රජ පෙළපත නිරූපනය කරන්නකි. එකළ මේ සමාජයේ තිබූ රටාවන් අධ්‍යයනය කරමින් නිෂ්පාදිත මේ කතා මාලාවේ වසංගතයකින් බේරීමට ගත් ක්‍රියාමාර්ග හා සමානවම අද නූතන සමාජය ද වසංගතයෙන් බේරීමට උත්සාහ ගනී.

සුජාත දියණිය තුළින් එදා අපි දුටු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නැවත නරඹා රසවිඳින මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමි.

මේ එම කතා මාලාවේ 24 වැනි කොටසයි. වසංගතය ආරම්භ වන්නේ එහි 20 වැනි විනාඩිය පසු වූ විටය. වසංගතය සමඟ සුපුරුදු පරිදි චෝයි පවුලේ කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. 25 වැනි කොටසේ ද 20 වැනි විනාඩියේ දී ඩුක්කු මාමාගේ සිද්ධිය දක්නට ලැබෙයි.

එම වීඩියෝව මෙම සබැඳියෙන් බලන්න

https://col3neg.com/video/sujatha-diyani-episode-24/230785

1 COMMENT

  1. ගාල්ලෙ නිවුස් ඔස්තාර් මේ වගේ තුට්ටු දෙකේ ගොසිප් කෑලි දාලා නෝන්ඩි වෙනකොට දොස්තර සංගමේ වෙනුර සිංගාරම් ලා, තුනපහ කරල් ගුණවර්ධන ලා අනිත් පැත්තෙන් හිනා වෙනවා ඇති. මේවා රට්ටු හිනස්සන ගොං වැඩ මචෝ.😂😂😂

Leave a Reply to මු. ඩුක්කු මාමා Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!