spot_img
spot_imgspot_img

කොරෝනා සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් එයි

පුවත්

විදෙස්

කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි නව ප්‍රතිකාර ක්‍රමයකට ඒක්සත් රාජධානියේ අනුමැතිය හිමිව තිබේ.

රොනාප්‍රිව් නම් මෙම ඖෂධය, ප්‍රතිදේහ යුගලයක් භාවිතා කරමින් පර්යේෂණාගාර තුළ සකස් කරන ලද්දකි. පර්යේෂකයන් පවසන්නේ මෙම ඖෂධය ආසාදන ඇතිවීම වැලැක්වීමට මෙන්ම රෝගී තත්ත්වය උත්සන්න වීම වැළැක්වීමට උපකාර වන බවයි.

කොරෝනා වයිරසයේ නව ප්‍රබේද සඳහා ද මෙම ප්‍රතිකාරය සාර්ථක වනු ඇතැයි පර්යේෂකයෝ තහවුරු කරති.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා රෝගයට ගොදුරු වූ අවස්ථාවේ ලබාදුන් පර්යේෂණ ඖෂධ කට්ටලයේ මෙම ඖෂධය ද තිබූ බව සඳහන් වෙයි.

කෙසේවෙතත් මෙහි මිල ඉතා අධික වන බැවින් දැඩි ලෙස රෝගාතුර වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා වෙන් කිරීමට ඉඩ ඇතැයි පැවසේ.

ලන්ඩනයේ කිංග්ස් විශ්ව විද්‍යාලයේ ඖෂධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන පෙනී වෝඩ් පැවසූයේ මෙම ප්‍රතිකාරය වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට සුදුසු විය හැකි බවයි.

ඒන්නතට ප්‍රතිචාර නොදක්වන පුද්ගලයන් සඳහා ද ඒය භාවිතා කළ හැකි බව ඇය පැවසුවාය. නිදසුනක් වශයෙන් පිළිකා සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයන් හෝ අවයව බද්ධ කිරීම් සිදුකළ පුද්ගලට මෙය යෝග්‍ය විය හැකි බව ඇය පවසයි.

මෙම ඖෂධය සම්බන්ද අතක්හදා බැලීම් මෙහෙයවනු ලැබූ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිරෝන් ලෙවින් පැවසූයේ ඒහි ප්‍රථිඵල සිත් ඇදගන්නා සුළු බවයි. ඒය වැඩි අවශ්‍යතාවයක් ඇති පුද්ගලයින්ට රෝගයෙන් මිදීම සඳහා වැදගත් වනු ඇතැයි ද ඔහු පවසයි.

https://www.bbc.com/news/health-58281332

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!