spot_img
spot_imgspot_img

සංචරණ සිමා දැඩි කරයි ගෙදරකින් යා හැකි එක් අයකුට පමණයි”

පුවත්

විදෙස්

නිවසකින් පිටව යා හැකිවන්නේ එක් අයකුට පමණක් බව දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

රැකියා සහ සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා යාමේ දී එය අදාල නොවේ.

අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා කැඳවීමට හැකියාව ඇත්තේ ද අවම කාර්ය මණ්ඩලයක් බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දක්වා ඇත.

මේ අතර වැඩමුළු , හමු හා සම්මන්ත්‍රණ යනාදිය තහනම් කර ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ඇත්තේ ද තොග වෙළෙඳාම සඳහා පමණි.

එමෙන් ම අද (18) සිට සම්බාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, පිහිනුම් තටාක වසා දැමිය යුතුය.

කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ කටයුතු කළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීති රීතිවලට අනුකූලවය.

සුපිරි වෙළෙඳසල් සඳහා පුද්ගල ධාරිතාවයෙන් සියයට 25 කට පමණක් අවසර ලැබෙන අතර සාප්පු සංකීරණ විවෘත කිරීම තහනම් කර ඇත. සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද විනෝද සැණකෙළි ආදිය පැවැත්වීමටද අවසර හිමි වන්නේ නැත.

එසේම ආගමික ස්ථානවල ජනතාව ඒකරාශි වීමේ අවස්ථාවන්ට අවසර හිමි නොවන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමි නොවුණු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!