spot_img
spot_imgspot_img

ඩෙල්ටා හමුවේ එන්නත් සාර්ථක වෙයි ද ? එන්නත් ගැන දැනගන්න කියවන්න. දෙවියන් නොදත් විද්‍යාව

පුවත්

විදෙස්

ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රෝහල් ඇඳන් පිරී ගොස් ඇත. ශ්වසන අපහසුතා ඇති රෝගින් වැඩි වශයේන වාර්තාවීම හේතුවෙන් ඔවුන්ට වෛද්‍ය ආධාර සැපයීම ද අසීරු තත්වයකට පත්වෙමනි් තිබේ.

පෙර වාර්තා වූ කොරෝනා ප්‍රභේදවලට වඩා වේගයෙන් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණයට ලක්වූ පිරිස් අතර ද පැතිරයන බව ‍ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ම දත්ත විශ්ලේෂණ කළ විට පෙනී යයි.

වාසනාවකට මෙන් එන්නත්කරණය සම්පූර්ණකළ පුද්ගලයන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී මියයාමේ සම්භාවිතාව අඩු බව පෙනෙන්ට තිබේ. නැතිමන් ඩෙල්ටා ප්‍රභේදයෙන් සිදුවිය හැකි මරණ එන්නත්කරණයෙන් වළක්වා ගත හැකි බව සනාථ වී ඇත.

නමුත් එන්නතේ සක්‍රීය කාලය කොපමණ ද ? නැතිනම් වෙනත් කොරෝනා එන්නතක් ලබා ගත යුතු ද ?

මේ හේතුවෙන් එන්නත් නිපද වූ සමාගම් කොරෝනා වයිරසයේ විකෘතිවලට ඔරොත්තු දෙන පරිදි එන්නත් ද වැඩි දියුණු කිරීමට ක්‍රම සොයමින් සිටියි. ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන සහ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් ඇතැම් පුද්ගලයන් සඳහා බූස්ටර් එන්නතක් ද (ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන එන්නතක්) ලබා දී ඇත.

කැලි‍ෆොර්නියාවේ ස්ක්‍රිප්ස් පර්යේෂණ ආයතනයේ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය එඑික් ටොපෝල් පවසන්නේ අවම වශයෙන් වයස්ගත හා අවදානම් සහිත පුද්ගලයන් තුළ ප්‍රතිශක්තීකරණය වර්ධනයට පමණක් නොව ආසාදනය වීම වැළැක්වීම සඳහා ද පියවර ගත යුතු බවයි.”

කෙසේ වෙතත් එන්නත් නිපදවන්නන් ඩෙල්ටා සහ වෙනත් ප්‍රභේද සඳහාත් අනාගතයේ පැමිණිය හැකි තවත් විකෘති සඳහාත් නව එන්නත් වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

ඩෙල්ටාවට එරෙහිව එන්නත්වල කාර්යක්ෂමතාව

ඇමෙරිකකාව පවසන්නේ එරට භාවිතයට ගෙන ඇති සියලුම කොරෝනා මර්ධන එන්නත් ආසාදිතයන් මරණයෙන් ගලවාගැනීමට සමත්වන බවයි. ඩෙල්ටා ප්‍රභේදය පුද්ගලයන්ට වේගයෙන් ආසාදනය වුව ද එන්නත්කරණයට ලක්වූ අය මියයාම වැවළකෙන බව විශේෂඥයන්ගේ මතය වී ඇත.

කෙසේ වෙතත් සාර්ථක අසාර්ථක බව පිළිබඳ දත්ත තවමත් ප්‍රමාණවත් නැත. රටවල් සහ රෝහල් පද්ධති අතර සන්සන්ධනය කිරීම ද මෙතෙක් සාර්ථකව සිදුවී නැත. ඉකාන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිිශක්ති රෝග විශේෂඥ සහ පිළිකා ජීව විද්‍යාඥ ජෝර්ඩි ඔවැන්ඩෝ පවසන්නේ එන්නතේ කාර්යක්ෂමතාව විවිධ හේතූන් මත වෙනස්වන බවයි.

බොහෝ රටවල දත්ත විශ්ලේෂණය කරමින් ඔහු පවසන්නේ ෆයිසර් සහ බයෝඑන්ටෙක් සහ මොඩර්නා එන්නත් මගින් ලබාදෙන එන්නත් අනෙකුත් ප්‍රභේදවලින් 60%ක් සහ ඩෙල්ටා ප්‍රභේදයෙන් 50%ක් ආරක්ෂා කරන බවයි.

ආහාර හා ඖෂධ පරිපාලනය විසින් නව කොරෝන එන්නත් අනුමත කිරීමේ දී කාර්යකෂමතාවයේ සීමාව දැක්වූ ආකාරය ඒ අනුව නිවැරදිය.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වෙනත් රෝගාබාධ බරපතල වීම එන්නත්කරණයෙන් වළක්වාගත හැකි බව දැන් තහවුරු වෙමින් පවතී.

එමෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදනය ඇති පුද්ගලයන් එන්නත ලබාගෙන තිබුණ ද වෙනත් අයකුට රෝගය බෝකළ ද එන්නත නොගත් අයකුගෙන් බෝවිය හැකි සම්භාවිතාවට වඩා එවැනි අයකුගෙන් කොරෝනා බෝවීමට ඇති සම්භාවිතාවත් අඩු අගයක් ගන්නා බව සිංගප්පූරුවේ කරන ලද අධ්‍යයනයකින් තහවුරු වී ඇත.

එමෙන් ම එන්නත් නොකළ පුද්ගලයකුගේ සිරුරේ ඇති ‍වියරස ධාරිතාවට වඩා එන්නත් කළ පුද්ගලයකුගේ සිරුරේ ඇති වයිරස ධාරිතාව ඉතා වේගයෙන් පහළ වැටෙන බව ද ආසාදනය වී දින 5-6 අතර කාලයකින් පසු බෝ නොවන බව ද තහවුරු වී ඇත.

නමුත් විවිධ අවස්ථාවල දී එන්නත් මගින් ඇතිකරන ආරක්ෂාව ද ඩෙල්ටා ප්‍රභේදය විසින් බිඳ දමා ඇති බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. මෙය සිදුවන්නේ කවර හේතුවකින් ද යන්න මෙතෙක් තහවුරු වී නැත.

විද්‍යාඥයන් අනුමාන කරන්නේ එන්නත මගින් ලබාගන්නා ප්‍රතිදේහ වයිරස් ප්‍රභේදයට සම්බන්ධයක් නොතිබීම ඊට හේතුවක් විය හැකි බවයි. නැතිනම් පසුගිය ජූලි මාසයේ දී නේචර් සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණයකට අනුව මුල් කොරෝනා වයිරස් ප්‍රතිදේහ වඩාත් නරක ලෙස වඩාත් නරක ලෙස ක්‍රියාකරන ඩෙල්ටා ප්‍රෝටීන තිබිය හැකිය.

එමෙන් ම කාලයත් සමඟ පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය එහි කාර්යක්ෂමතාව අඩුකරගැනීමට පටන් ගැනීම ද මෙවැනි තත්වයකට හේතුවිය හැකි බව නිව්යෝර්ක් හි රොක්ෆෙලර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය යිස්කා වයිස්බ්ලම් පවසයි.

කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ එන්නත්කරණයට ලක් නොවන කුඩා දරුවන් සමඟ සිටින මව්වරු සහ වැඩිහිටියන් අනිවාර්යයෙන් ම හැකි පමණ ඉක්මණින් එන්නත් ලබාගෙන ඊට අමතරව ප්‍රතිශක්තිය වැඩිකරන බූස්ටර් එන්නතක් ද ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බවයි.

දැනට කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ එන්නත්කරණය සම්පූර්ණකළ ද ඉන් පසු මාස කිහිපයක් ගත වූ පසු ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයකු වීමට ඉඩ තිබෙන බවයි. “මාස හයක් එළියේ සිටිය දී ඩෙල්ටාවක් නැතිනම් ඔබ සුරක්ෂිතයි. නමුත් ඩෙල්ටා ප්‍රභේදය ඔබ අනතුරට පත්කරයි.” ‍ටොපෝල් පවසිය.

ඉදිරි අනාගතය සඳහා එන්නත් සැළසුම් කිරිම

එන්නත්කරණය සම්පූර්ණ කළ ද ඩෙල්ටා වයිරසය ආසාදනය විය හැකි බැවින් ඉදිරියට ඇති හොඳම උපායමාර්ගය පිළිබඳ දැන් විද්‍යාඥයන්ට බරපතල ප්‍රශ්නාර්ථයක් මතුව ඇත. ඩෙල්ටා ප්‍රභේදයෙන් බේරීමටනම් ඇති හොදම විකල්පය වන්නේ ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම සඳහා බූස්ටර් එන්නතක් ලබාදීම බව ඇතැම් පර්යේෂකයෝ ‍යෝජනා කරති.

මේ අරත එන්නත් නිෂ්පාදකයන් ඔවුන්ගේ එන්නත් මගින් ඉලක්ක කරගත් ස්පයික් ප්‍රෝටීන අනුව යාවත්කාලීන කරන ලද එන්නත් නිපදවීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියි.

නමුත් දකුණු කැරොලිනා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛවද්‍ය කෘතික කුප්පල්ලි පවසන්නේ යම් කොරෝනා ප්‍රභේදයකට එරෙහිව එන්නත් යාවත්කාලීන කරන විට එම ප්‍රභේදය අතුරුදන් වී වෙනත් ප්‍රභේදයක් මතුවීම බරපතල ගැටලුවක් තිබෙන බවයි.

ඇල්ෆා ප්‍රභේදයට සාර්ථකව මුහුණ දෙන එන්නතක් නිපදවන විට එම ප්‍රභේදය අතුරුදන් වෙමින් වඩාත් වේගයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය මතුවීම ඊට හොඳ උදාහරණයක් බව ද ඇය පෙන්වා දෙන්නීය.

එන්නත් වෙනුවට වෙනත් ක්‍රමයක් පැමිණේ ද ?

කොරෝන වයිරසයට එරෙහිව එන්නත් භාවිතය වෙනුවට ඉන්හේලරයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ද විද්‍යා පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ. ඔවුන් පවසන්නේ නාසික විදිනයක් (ඉන්හේලර) මගින් වයිසරය ඇති ස්ථානයට ම සෘජුව බලපෑම් කළ හැකි බවයි. එමගින් නාසයේ ඇති ශ්ලේෂ්මල පටලයේ ප්‍රතිශක්තියක් ඇතිකිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇත.

එලෙස කිරීමෙන් නාසයේ වයිරස පැවතීම හා ගුණනනය වීම අඩුකළ හැකි බව බර්මින්හැම් ඇලබාමා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ජූලි 23 වැනි දා පර්යේෂණ පත්‍රිකාවක් මගින් ලොවට හෙළිකර තිබේ.

වැඩි ප්‍රතිදේහ හදන්නේ එනත්කිරීමෙන් ද ආසාදනය වීමෙන් ද ?

දැනට තහවුරු වී ඇත්තේ එන්නත් ලබාගත් පුද්ගලයන්ට සහ එන්නත් ලබා නොගෙන කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ට වඩා වැඩි ප්‍රතිදේහ සංඛ්‍යාවක් එන්නතත් ලබාගෙන ආසාදනයත් වූ අයගේ සිරුරේ ගොඩනැගී ඇති බවයි.

මෙය කෙටියෙන් කියන්නේ නම් යම් සිරුරක් තුන්වරක් කොරෝනා වයිරසය දුටුවිට ආක්‍රමණික වයිරසයට එරෙහිව පුළුල් ආරක්ෂාවක් ලබාගන්නා බවයි. පර්යේෂකයන් මෙහි දී සිදුකළේ මෙලෙස ත්‍රිත්ව ප්‍රතිශක්තියක් ලැබූ අයගේ ප්‍රතිිදේහ ලබාගෙන ඒවා වයිරසයට එරෙහිව ක්‍රියාකරන ආකාරය සොයා බැලීමයි. ඉන් තහවුරු වී ඇත්තේ එම ප්‍රතිදේහ වඩා හොඳින් වයිරසය පරාජය කිරීමට සමත්වන බවකි.

“මේ දත්තවලින් පැහැදිලි වන්නේ උත්තේජනය කිරීමෙන් අපේ ප්‍රතදේහ ප්‍රතිචාරයේ ශක්තිය වැඩිකළ හැකි බවයි.” යනුවෙන් යැයි පර්යේෂකයෝ කියති.

අවිනිශ්චිත අනාගතයක්

නමුත් තවමත් කොරෝනා වයිරසයට ‍එරෙහි අනාගතය තේරුම්ගත නොහැකිව තිබේ. දිගුකාලීනව එන්නත්වල සාර්ථක බව වඩාත් හොඳින් සිදුකරන්නේ කවර ප්‍රතිශක්තිකරණ සෛල ද යන්න විද්‍යාඥාඥයන්ට මෙතෙක් පැහැදිලි නැත.

බොහෝ අධ්‍යයනයන් හි සිදුවන්නේ ප්‍රතිදේහ සැකසීම හා ඒවා උදාසීන වන ආකාරය පිළිබඳවය. මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛවද්‍ය ආචාර්ය සයින් වග්ලා පවසන්නේ ආසාදනවලින් ආරක්ෂාවීම සඳහා මේවා සුදුසු නමුත් දරුණු රෝගවලින් ආරක්ෂාවීම සඳහා එය සුදුසු නැති බවයි. එයට හේතුව ප්‍රතිශක්ති පද්ධතියට වයිරසයක් ආක්‍රමණය වීමෙන් පසු ඊට එරෙහිව ක්‍රියාත්මක වීම වේගයෙන් සිදු නොවන නමුත් ආසාදනය බරපතල වීම වැළැක්වීමට සමත්වීමයි.

කෙසේ වෙතත් කාලයත් සමඟ ප්‍රතිදේහ අඩු වේ. එවිට වයිරසයට නැවත ගොදුරුවීමේ හැකියාවක් ද පවතී.

එන්ත්කරණයේ සාර්ථක බව තක්සේරු කිරීමේ එක් අභියෝගයක් වන්නේ ප්‍රතිදේහ මට්ටම පහත වැටීමෙන් පසු රෝගවලින් කොතරම් ආරක්ෂිත පුද්ගලයෙක් ද යන්න තීරණය කිරීමට කුමන ආකාරයේ ප්‍රතිශක්තීකරණ සෛල අධ්‍යයනය කළ යුුතු ද යන්න සොයාබැලීමයි

හෙපටයිටිස් සහ සරම්ප වැනි රෝග සඳහා ආරක්ෂාව සපයන ප්‍රතිිදේහ මට්ටමක කඩඉම් තීරණය කර ඇතත් කොරෝනා වයිසර ප්‍රතිදේහ සම්බන්ධයෙන් එවැනි කඩඉමක් ගැන තවමත් කිසිදු පර්යේෂකයකු සනාථ කර නැත.

මේ දත්ත ලැබෙන තුරු බලා සිටින විට නැවත වයිරස ප්‍රභේදයක් පැමින එය බෝවීමට පටන් ගනී. එවිට සියලු දත්ත වෙනස් කිරීමට සිදුව ඇත.

ජීවත කාලයේ ම වරින් වර එන්නත් ගැනීමට සිදුවෙයි ද ?

මේ සම්බන්ධව සිදුකරන සායනික පරීක්ෂණවලින් පසුව කොරෝනා එන්නතේ වැඩි ආරක්ෂාව සඳහා ප්‍රතිශක්තිය ඉහළ දමන බූස්ටර් එන්නතක් අවශ්‍යයැයි සනාථ වුවහොත් සෑම කෙනෙකුටම තම ජීවිත කාලය පුරා මාස හයකට හෝ අවුරුද්දකට වරක් කොවිඩ් එන්නතක් අවශ්‍ය නොවනු ඇත.

හෙපටයිටිස් බී එන්නත වැනි සමහර එන්නත් මාත්‍රා 03ක දාමයක් සමඟ හොඳින් ක්‍රියාත්මක වන අතර ඉන් පසු කලාතුරකින් නැවත බූස්ටරයක් අවශ්‍ය වෙයි.

කෙසේ වෙතත් දැනට ඇති විශ්ලේෂණයන් අනුව පෙනී යන්නේ එන්ත්කරණය සිදුවුව ද වයිරසය ලෝකය පුරා අඛණ්ඩව ව්‍යාප්තවීමේ ප්‍රතිඵලය වන්නේ වයිරසයට වාසිදායක විය හැකි විකෘති තවදුරටත් ඇතිවීමට වැඩි ඉඩක් පවතින බවයි.

මෙම ලිපියේ මුල් පිටපත මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!