spot_img
spot_imgspot_img

ගාල්ලේ තරු හෝටලයකින් ආසාදිතයන්. විදෙස් සිනමා නිර්මාණයකටත් බලපෑම්

පුවත්

විදෙස්

ගාල්ල දඩල්ලේ පිහිටි තරු හෝටලයක මුළුතැන්ගේ සේවකයකු සහ ඔවුන්ගේ සේවක නේවාසිකාගාර භාර පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය එම හෝටලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම සේවකයන් දෙදෙනා කොරෝනා ආසාදනය වුව ද ඔවුන් දෙදෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයන් හෝ මෙතෙක් නිරෝධායනයට යොමුකර නැත. මුළුතැන්ගේ සේවකයා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර සිටියි.

මුළුතැන්ගේ සේවකයයා සමඟ සමීපව සම්බන්ධව සිටි අනෙකුත් සේවකයන් තවදුරටත් හෝටලයේ ආහාර සැකසීම් කාර්යයේ නිරතව සිටින අතර ඔවුන්ට නිරෝධායනය උපදෙස් මෙතෙක් ලබා දී නැත.

දැනට ගාල්ල උණවටුන ගුරුවිද්‍යාලයේ රූගතකිරීම් සිදුකරන විදේශීය චිත්‍රපටයක කාර්ය මණ්ඩලයේ 30ක පමණ පිරිසක් මේ හෝටලයේ නවාතැන් ගෙන සිටිනන අතර ඔවුන් සඳහා උදෑසන තේ සහ ආහාර සපයනු ලබන්නේ මේ හෝටලයෙනි. ඇතැම් පුද්ගලයන් රාත්‍රී ආහාරය ද හෝටලයෙන් ම ඇණවුම් කරයි.

ආසාදිත මුළුතැන්ගේ සේවකයා රාජකාරියේ යෙදී සිටි දිනවල ද එම චිත්‍රපට කණ්ඩායමට ආහාර සපයා තිබේ.

සිනමා නිර්මාණය සදහා පැමිණි කණ්ඩායම ‍ජෛව බුබුළක් තුළ කටයුතු කරන බව සෞඛ්‍ය අංශ වෙත කලින් දැනුම් දී තිබිණි. පිටත පුද්ගලයන් වරින් වර ඔවුන් හමුවට පැමිණෙන බැවින් සෞඛ්‍ය අංශ මැදිහත්වීමෙන් නිරන්තරව ම ඔවුන් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ජෛව බුබුල අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කර තිබේ.

එසේ වුව ද නවාතැන් ගෙන සිටින හෝටලයේ මුළුතැන්ගේ සේවකයකු කොරෝනා ආසාදිත බව ඔවුන් දන්නේ ද යන්න ගැටලුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!