spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලට පරිත්‍යාග අවශ්‍යයැයි ‌කියන බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින කොරෝනා රෝගීන් සඳහා නව වාට්ටු සකස්කරන බැවින් ඒ සඳහා අවශ්‍ය ඇඳ ඇතිරිලි සහ කොට්ට වැනි දෑ ඉතා ඉක්මණින් අව්‍යයැයි සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයට නොරැවටෙන ලෙස රෝහල් පරිපාලනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රෝහලේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගොස් ඇතත් ඔවුන්ට අවශ්‍ය ඇඳ ඇතිරිලි සහ උපකරණ ප්‍රමාණවත් තරම් තිනෙ බව ද රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙය එක්තරා facebook පිටුවක පළකර තිබූ බවත් “දකුණ ඔබතුළ ඒ සඳහා සහායක් විය හැකි අය ඇත්නම් ක්‍රමවේදයක් සකස් කර පිහිට වන්න” යැයි ද එම පෝස්ටුවේ සඳහන් කර තිබිණි.

මේ සඳහා ඇඩ්මින් මඩුල්ල හා සාමාජික සැමගෙන් ඉල්ලමි යනුවෙන් දක්වා කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනියකගේ නම සහ දුරකථන අංකය ද සඳහන් කර තිබිණි. එම හෙද නිලධාරිනය ඇමතූ විට ඇය කියා සිටියේ එක් රෝගියකුට තිබූ අවශ්‍යතාවක් ගැන තමන් පුද්ගලකුට පැවසූ බවත් ඉන් පසු මෙම සටහන දැමීමෙන් විශාල වරදක් කර ඇති බවත්ය. තමන් එවැනි කිසිදු ඉල්ලීමක් නොකළ බව ද ඒ ගැන රෝහල් අධ්‍යක්ෂවරයාට ද පැමිණිලි කළේ යැයි ද ඇය පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා එම සටහන යොදා තිබූ facebook පිටුවේ පරිපාලකයන්ට කතා කර එය ඉවත්කරන ලෙස ද දැනුම් දී තිබේ.

එමෙන්ම ඇඳ ඇතිරිලි සහ කොට්ට එකතුකිරීමට දමා ඇති සටහනේ යටින් සඳහන් කර ඇත්තේ එය චමල් සංජීවගෙන් උපුටාගත් බවකි.

වෛද්‍ය චමල් සංජීවගෙන් අප විමසූ විට වෛද්‍යවරයා කියා සිටියේ තමන් එවැනි සටහනක් කිසිම තැනක යොදා නොමැති බවයි. එමෙන්ම එවැනි අවශ්‍යතාවක් ගැන තමන් නොදන්නා බව ද වෛද්‍ය චමල් සංජීව අප සමඟ කීවේය.

එබැවින් මෙලෙස අසත්‍ය කරුණු දක්වමින් කරනු ලබන භාණ්ඩ හෝ මුදල් එකතුකිරීම්වලට නොරැවටෙන ලෙස කරාපිටිය රෝහල් බලධාරීන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!