spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළඳ පොළ දෛනික පිරිවැටුම සීඝ්‍ර ලෙස ඉහළට‍

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළඳ පොළ අද (04) දිනයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.6ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 12කින් පහළ ගියේය. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 8211ක් බවට පත්විය.

අද දිනයේ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1436ක් ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මට්ස් සමාගම රුපියල් මිලියන 840ක් ද ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 383ක් ද ලෙස ඉදිරියෙන් සිටියේ ය.

දිනයේ වඩාත් සක්‍රීයව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා, අම්බන් හෝල්ඩිංස් සහ රෝයල් සෙරමික් සමාගම් ප්‍රධාන විය.

අද දිනයේ කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනුවලදී සමාගම් රාශියක කොටස් විශේෂිතව හුවමාරු වූ අතර එය වෙළඳපොල වර්ධනය කෙරෙහි බලපාන ප්‍රධාන කරුණක් ලෙස දැක්විය හැකිය.

අද දිනයේ විදේශ ආයෝජකයන්ගේ කොටස් විකිණීම රුපියල් මිලියන 345ක් වූ අතර කොටස් මිලදී ගැනීම රුපියල් මිලියන 78ක් විය.

ඒ අනුව විදේශීය ආයෝජකයන් ශුද්ධ ලෙස රුපියල් මිලියන 267ක මුදලක් කොළඹ කොටස් වෙළඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිලදීගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 19ක් ද කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 9.6ක් ද ටෝකියෝ සිමෙන්ට් රුපියල් මිලියන 2.8ක් ලෙස ද සටහන් විය.

විදේශීය සමාගම් කොටස් විකිණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන267.4ක් ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම රුපියල් මිලියන 12.7ක් ද සී.අයි.සි. සමාගම රුපියල් මිලියන 11.4ක් ද ලෙස මූලික විය.

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ ගිය ද සීඝ්‍ර එන්නත්කරණය හමුවේ රටේ ජන ජීවිතය ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳ පොළ තවදුරටත් වර්ධනය විය හැකි බවට ආයෝජකයන් විශ්වාසය පලකර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!