spot_img
spot_imgspot_img

දේවානි ජයතිලකට ජනතාව හූ කියූ කතාව ඇත්තක් ද ? නිර්මාණයක් ද ?

පුවත්

විදෙස්

පරිසරය ‍ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිමින් රජයේ අමාත්‍යවරුන් සමඟ පවා වාද විවාද කළ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලකට අද මීගමුවේ ප්‍රදේශවාසීන් විරෝධය දක්වා හූ තැබූ බවට ඇතැම් මාධ්‍යවල විශාල ප්‍රචාරයක් ගෙන යයි.

මීගමුවේ පිහිටි නිකලස් මාකස් ක්‍රීඩාංගණයේ සංචාරක හෝටලයක් ඉදිකිරීමේ සූදානමක් සම්බන්ධයෙන් සොයා බැලීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (17) පැමිණි අවස්ථාවේ දී මෙය සිදුවූ බවයි.

ඒ සඳහා දේවානි ජයතිලක පැමිණි අවස්ථාවේ දී ඇය හෝටල් ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රදේශවාසීන් චෝදනා කළ බවත් ඇය එතැනින් ඉවත්ව යාමට සූදානම්වන අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් ඇයට හූ කියූ බවත් එම වාර්තාවල දැක්වේ.

ඇතැම් නාලිකා එම දර්ශන යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කර ඇත.

නමුත් එය සැළකිල්ලෙන් නිරීක්ෂණය කළ විට දක්නට ජනතාවගෙන් එවැනි විරෝධතාවක් දක්නට ලැබෙන්නේ නැත. දේවානි ජයතිල හෝටල් ව්‍යාපෘතිය සිදුකරන ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවට ජනතාවගෙන් චෝදනා එල්ලවන බවක් ද පෙනෙන්නේ නැත. ඇය එම ස්ථානයෙන් නික්මයාමට සූදානම්වන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් පිරිසක් ඇයගෙන් Voice cut ඉල්ලන අයුරු පැහැදිලිව ඇසේ.

නමුත් ඇය පවසන්නේ ඇයට එවැනි ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බවයි. අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසන ලෙස ද ඇය මාධ්‍යවේදීන්ට පවසයි.

අප දන්නා තරමින් දේවානි ජයතිලක මීට ඉහත දී මාධ්‍යවෙත අදහස් දැක්වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණ පැවැත්වෙන අතර මාධ්‍යවෙත අදහස් ප්‍රකාශ නොකරන ලෙස ඇයට උපදෙස් නිකුත් කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ ඇය මාධ්‍යවෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ඉවත්ව යයි.

නමුත් මේ අවස්ථාවේ ඇය හඹායන මාධ්‍යවේදීන් දිගින් දිගටම අදහස් දැක්වීමක් ඉල්ලා සිටින අතර ඇය තම නිල රථයට නැගී යන අවස්ථාවේ දී කිසියම් පුද්ගලයකු හූ කියන හඬ පසුබිමෙන් ඇසේ.

මෙය සැබැවින්ම ජනතා විරෝධයක් ද නැතිනම් මාධ්‍යවේදීන්ගේ නිර්මාණයක් ද යන්න විමසා බැලීම පාඨක ඔබට භාරය.

එම වීඩියෝව පහතින්

1 COMMENT

  1. හූ කියන්නේ නරි , කගේ හරි දේශපාලන හෙන්චයි වෙන්න ඇති . ඔක්සිජන් කන්න ද කියලත් අහපු මිනිස්සු ඉන්න රටක් මේක

Leave a Reply to SUMITH WEERAKKODY Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!