spot_img
spot_imgspot_img

GMOA නිලවරණය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා කාර්ය පටිපාටියක් සකස් කරන ලෙසත් එසේ නොමැතිව නිලවරණය නොපවත්වන ලෙසත් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක අද (16) වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය නිකුත්කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව විසින් ගොනුකරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විසින් මෙම පෙත්සම ගොනුකර තිබූ අතර පැමිණිලිකරු වෙනුවෙන් අද නීතිඥ සම්පත් විජේවර්ධන ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු 14 දෙනකු වගඋත්තරකරුවන් ලෙස එම පෙත්සම මගින් නම්කර තිබිණි. ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් ලබන ජූලි 29 වැනි දින දක්වා එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම විභාග කිරීමට යළි 29 වැනි දින කැඳවීමට නියමිතය.

මේ පිළිබඳ විමසීමේ දී වෛද්‍ය චමල් සජීව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වත්මන් සභාපති අනුරුද්ධ පාදෙණිය ඇතුළු නිලධාරීන් කණ්ඩායම අයථා ලෙස බලහත්කාරයෙන් තනතුරුවල රැඳී සිටින බවයි. එසේ රැඳී සිටිමින් නව නිලධාරීන් පත්කරගැනීමේ නිලවරණයට අනිසි බලපෑම් එල්ලකරන බවත් නිලවරණය සඳහා කාර්ය පටිපාටියකින් තොරව දූෂිතව පැවැත්වීමේ සූදානමක් ඇති බැවින් තමන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි.

වෛද්‍ය චමල් සංජීව ද රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ තනතුරක් සඳහා නාමයෝජනා භාර දී සිටින අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!