spot_img
spot_imgspot_img

LOLC සමාගමේ වටිනාකම තවත් ඉහළ යයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 19.5 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7966ක් බවට පත්විය.

සම්පූර්ණ පිරිවැටුම වාර්තාවූයේ රුපියල් බිලියන 3.1ක් ලෙසිනි.

වැඩි වශයෙන් ගනුදෙනු වූ ‍සමාගම් අතර කාගීල්ස් සමාගම රුපියල් මිලියන 931යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 507යි, සිංගර් ශ්‍රී ලංකා සමාගම රුපියල් මිලියන 152යි ලෙස කැපී පෙණිනි.

දිනයේ විදේශ ආයෝජකයන්ගේ කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 11ක් වූ අතර කොටස් විකිණීම රුපියල් මිලියන 1133ක් විය. ඒ අනුව සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 1122ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර කාගීල්ස් සිලෝන් සමාගම රුපියල් මිලියන 930යි, ටේක්සටර් ජර්සි සමාගම රුපියල් මිලියන 112යි ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 58ක් ලෙස මූලික විය.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර LOLC සමාගම රුපියල් මිලියන 1.1යි, කොමර්ෂල් ඩිවලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 0.9යි, එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 0.7ක් ලෙස ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වටිනාම සමාගම් අතර ප්‍රථම ස්ථානයට පත්ව සිටි LOLC සමාගම තම සමාගමේ සමස්ත කොටස් වටිනාකම අද දිනය රුපියල් බිලියන 200 ඉක්මවීය. ඒ අනුව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වටිනාම සමාගම බවට තවදුරටත් ස්ථාවර වී ඇති අතර ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලයන 183.5ක වටිනාකමක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයටත්, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 183.4ක වටිනාකමක් ලබමින් තෙවැනි ස්ථානයටත් පත්ව සිටියි.

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි භාණ්ඩා හා සේවාවන් අපනයනය කිරීමෙන් ආදායම් ලබන සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇති වී තිබීම මෙයට හේතු වී තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!