spot_img
spot_imgspot_img

ලොව හොඳම කොටස් වෙළෙඳ පොළ බවට කොළඹ කොටස් වෙළෙඳ පොළ පත්වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ගනුදෙනු සිදුවන අතරතුර ඒකක 8,000 ඉක්මවා ගොස් දිනය අවසානයේ 7,986ක් ලෙස දැක්විනි.

ඒ අනුව දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 47.1කින් ඉහළ ගිය අතර සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.93ක් ලෙස වාර්තා විය.

වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 191යි. LOLC සමාගම රුපියල් මිලියන 141යි, ඊඩ්න් හොටෙල් සමාගම රුපියල් මිලියන 117යි. ලෙස ප්‍රධාන විය අද දිනයේ විශේෂත්වයක් වන්නේ විදේශීය ආයෝජකයන්ගේ මිල දී ගැනීම් වැඩිවීමත්, කොටස් විකිණීම් අඩුවීමත්ය.

ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 114ක කොටස් මිල දී ගෙන තිබූ අතර රුපියල් මිලියන 104ක කොටස් විකුණා තිබේ. විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර සන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 99.8යි, කෑගල්ල වතු සමාගම රුපියල් මිලියන 02යි, LOLC රුපියල් මිලියන 1.8ක් ලෙස මූලිකවිය.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 34.8ක්, ලීඑජස් සමාගම රුපියල් මිලියන 21ක්, පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 10.5ක් ලෙස ප්‍රධාන විය.

දැනට ලෝකයේ ක්‍රියාත්මක වන සියලුම කොටස් වෙළෙඳ පොළවල් අතුරින් මෙම වසරේ ගතවූ මාස කිහිපයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්ධනය 17.89%ක් වන අතර එය වැඩිම වර්ධනයක් ඇති කොටස් වෙළෙඳ පොළ අතරින් ලොව ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

එහි දෙවැනි ස්ථානය නිව්යෝර්ක් කොටස් වෙළඳ පොළ හිමිකරගෙන ඇත්තේ 14.88% ක වර්ධනයක් ලබාගනිමිනි.  එහි තෙවැනි ස්ථානය MSCI Frontier කොටස් වෙළඳ පොළ 14.55% ක වර්ධනයක් හිමිකරගනිමිනි. ඒ අනුව වැඩිම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳ පොළ තුළින් එහි ආයෝජනය කළ ආයෝජකයන් ද මේ වසරේ ලෝකයේ වැඩිම ලාභ ඉපයූ ආයෝජකයන් ලෙස හැඳින්විය හැක.

කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙම තත්ත්වයට පත්වීම සඳහා ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ දැඩි සුපරික්ෂාව ද කොළඹ කොටස් වෙළෙඳ පොළ තාක්ෂණික අංශයේ සුවිශාල දියුණුව ද ප්‍රධාන වී ඇති අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මෙලෙස විශිෂ්ඨ තත්ත්වයකට පත්වීම ශ්‍රී ලංකා ආර්ථිකයට සාධනීය පියවරක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ කියති.

බො‍හෝ ආයෝජකයන් තම ආයෝජන සඳහා කොටස් වෙළෙඳ පොළක් තෝරාගැනීමේ දී වැඩිම වර්ධනයක් සහිත කොටස් වෙළෙඳ පොළක් වෙත යොමුවීම දැකිය හැකි ලක්ෂණයකි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!