spot_img

ශ්‍රී ලංකාවටත් “ලැම්ඩා” ප්‍රභේදයේ අවදානමක්

පුවත්

විදෙස්

‍ලොව වඩාත් වේගයෙන් පැතිරයන කොරෝනා විකෘති ප්‍රභේදය වන “ලැම්ඩා” ශ්‍රී ලංකාවට ද පැමිණිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙයි.

සියලුම කරුණු සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය අධීක්ෂණයෙන් පසුවුව ද විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ඕනෑම කෙනෙකු මේ ලැම්ඩා ප්‍ර‍භේදය ආසාදනය වී පැමිණිය හැකි බවත් ඔවුන් යම් අවස්ථාවක දී සෞඛ්‍ය අංශවලට මඟහැරී යා හැකි බවත් වෛද්‍ය හේරත් කීවේය.

“පීසීආර් පරීක්ෂණයක් කියන්නේ 100%ක් සියලු දේ හඳුනාගන්නා පරීක්ෂණයක් නොවෙයි. ලැම්ඩා ප්‍රභේදය ඕනෑම මොහොතක රටට ඇතුළුවිය හැකියි. ඒ වගේම එය පැතිර නොයනවා යැයි කීමට නොහැකියි. ඒ නිසා මේ භයානක උවදුරෙන් අප සියලුදෙනා ම තනි තනි පුද්ගලයන් වශයෙනුත්, සමූහයක් වශයෙනුත්, රටක් වශයෙනුත් මේ වයිරසයෙන් ගැලවීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකළ හැකියි.”

දැනට මෙරට පැතිරයාමේ දැඩි අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ හඳුන්වන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගවත් පැතිරීමක් හා වඩාත් මාරාන්තික බවක් පෙන්වන ලැම්ඩා විකෘති ප්‍රභේදය මුල්වරට පේරු රාජ්‍යයෙන් හඳුනා ගැණිනි. මේ වනවිට එම වයිරස ප්‍රභේදය ලෝකයේ රටවල් 30කින් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles