වකුගඩු ජාවාරමක යෙදෙන බවට ඉන්දියාවේ පොලිසිය හා ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චෝදනාවට ලක්වූ මෙරට වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ එක්තරා ප්‍රභලයකු මැදිහත් වී ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ.
මෙම චෝදනාව එල්ල කරන්නේ තවත් වෛද්‍යවරයකු විසිනි. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනයි.
ඉන්දියාවේ පොලිසිය සහ එරට මාධ්‍ය මගින් මහත් ආන්දෝලනාත්මකව අනාවරණය කරන ලද වකුගඩු ජාවාරම හා සම්බන්ධ බවට චෝදනා එල්ල වූ මෙරට වෛවද්‍යවරු පිරිසක් සම්න්ධයේන ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද සොයාබැලීම්වලින් පසුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ මූලිකත්වයෙන් ද කමිටුවක් ද පත්කෙරිණි.
වෛද්‍ය බෙල්ලන චෝදනා කරන්නේ එම කිමිටුවේ සියළු පරීක්ෂණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයකුගේ බලපෑමෙන් යටපත් කර ඇති බවයි.
“මේ වෛද්‍ය ජයසුන්දරගේ ගමිටුව අක්‍රිය කළා. ඒ වගේ ම වකුගඩු ජාවාරම සම්බන්ධ වූ කිසිදු වෛද්‍යවරයකුට චෝදනා ගොනු කළෙත් නැහැ. මේ නිසා වකුගඩු මාෆියාව විසින් එක්තරා පුද්ගලයකුට නවීන මෝටර් රථයක් ද තෑගි කරපු බවට තොරතුරු අප සතුව තිබෙනවා.” වෛද්‍ය බෙල්ලන කියයි.
ශ්‍රී ලංකාවේ ද්‍රවිඪ සරණාගතයන් 500ක් පමණ මේ ජාවාරම්කරුවන් හා සම්බන්ධ වී තම අවයව විකුණා ඇති බව නීතිඥ සැමුවෙල් චන්ද්‍රහාසන් පෙන්වා දී තිබිණි. මේ සරණාගතයන්ගේ වකුඩු ක්‍රියාකාරීත්වය තහවුරු කර ඇත්තේ යාපනය රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරයකු විසිනි. එම තොරතුරු රාවය, සිළුමින, දේශය පුවත්පත්වල ද අනාවරණය කර තිබිණි.
රැකියා නොමැති උතුරේ දුප්පත් තරුණ තරුණියන්ට මුදල් දී ඔවුන් වකුගඩු දායකයන් කරගෙන ඇති යාපනය රෝහලේ අදාල වෛද්‍යවරයා පිළිබඳ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ ජී.කේ.ජී.එන්.ප්‍රියදර්ශන විසින් පරීක්ෂණයක් ද ආරම්භබ කර තිබිණි. නමුත් වැඩිකල් නොගොස් එය අඩාල විය.
අනාවරණය වී ඇති තොරතුරු අනුව සෑම වර්ෂයක ම ශ්‍රී ලාංකිකයන් 1500කට වැඩිඩ පිරිසක් තම වකුගඩු විකුණති. මේ නීති විරෝධී ජාවාරමේ දී වකුගඩුවක් අවශ්‍ය පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 30ක් පමණ අයකරගන්නා බවත් වකුගඩුව විකුණන පුද්ගලයාට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 05ක් වැනි මුදලක් බවත් ඉන්දීය රහස් ඔත්තු සේවා අනාවරණය කර තිබිණි. ඉතිරි ලක්ෂ 25 මේ ජාවාරමේ නිරත පුද්ගලයන්ට ලැබෙන බව ද එම වාර්තාවල දක්වා තිබිණි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ විශාලතම මිනිස් අවයව වෙළෙඳ පොළ බවට පත්ව තිබෙන බවයි.
ඔබගේ ලිපි ෂෙයාර් කරන්න බැරි ඇයි.අසාධාරණයිනේද.ලිපි බෙදී ගියාම වැඩි පිරිසක් බලනවා නේද.