spot_img
spot_imgspot_img

දෛනික ආසාදිතයන් සංඛ්‍යාත්මකව අඩු වුණාට වාර්තාවීමේ ප්‍රතිශතය ඉහළ ගිහින් ?

පුවත්

විදෙස්

කොරෝනා දෛනික ආසාදිතයන් වාර්තාවීම ඊයේ දිනයේ දී 1,573 දක්වා අඩු වී තිබුණ ද කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අනුව වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රතිශතයක් ලෙස ඉහළ අගයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද වාර්තා අනුව පෙනී යයි.

පසුගිය ජුනි මාසයේ අවසන් දින කිහිපයේ දී දිනකට සාමාන්‍යයෙන් පීසීආර් පරීක්ෂණ 16,000 – 18,000ත් අතර ප්‍රමාණයක් සිදුකර ඇති අතර ඒ අතරින් 11-12% ප්‍රමාණයක් ආසාදිතයන් බවට වාර්තා වී තිබිණි.

නමුත් ඊයේ (04) වාර්තාකරන ලද කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1573ක් වන අතර එම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පීසීආර් පරීක්ෂණ 9,279කින් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව පැහැදිලි වේ.

එම දත්ත අනුව සළකා බැලූ වි‍ට ඊයේ (04) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 16.95% ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මෙය අතිවිශාල වැඩිවීමකි. මීට හේතුව වන්නට ඇත්තේ කොරෝනා වඩාත් වැඩි ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම ද යන්න සෞඛ්‍ය බලධාරීන් විසින් අධ්‍යයනය කළ යුතුය.

පසුගිය මාසයේ දිනකට සාමාන්‍ය 18,000ක අගක තිබූ පීසීආර් පරීක්ෂණ එම ආකාරයෙන් ම සිදුකළේ නම් මේ ප්‍රතිශතය අනුව ඊයේ (04) දිනයේ දී වාර්තාවිය යුතු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,000 ඉක්මවිය යුතුය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල හැර අනෙකුත් සෞඛ්‍ය සේවා රැසක් වර්ජනයක් දියත්කර තිබීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ බරපතල ගැටලුවක් ඇති බවයි. එබැවින් දිනකට සිදුකළහැකි පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩක් පමණ වී ඇති බවත් සිදුකර ඇත්තේ ද රෝගීන්ගේ ආශ්‍රිතයන් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එබැවින් මෙලෙස වැඩි ප්‍රතිශතයක් ආසාදිත යැයි පෙපනෙන බව ද අමාත්‍යාංශ ප්‍රකාශකයකු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!