බාලවයස්කාර දැරියක් ලිංගික සේවා සඳහා අළෙවි කිරීම සඳහා දැන්වීම් පළකරන ලද තවත් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු , දැරිය මිල දී ගත් මාලදිවයින් ජාතිකයකු හා අපයෝජනයට පහසුකම් සැපයූ හෝටල් කළමනාකාරවරයකු ඊයේ (04) අත්අඩංගවට ගත් බව පොලිසිය පවසයි.
දැනට සිදුකර ඇති විමර්ශන අනුව එම දැරිය අළෙවිකිරීම සම්බන්ධයෙන් වෙබ් අඩවි 04ක තොරතුරු පළකර ඇතැයි අනාවරණය වී තිබේ. මේ වනවිට වෙබ් අඩවි දෙකක් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.
15 හැවිරිදි වියේ පසුවන එම දැරිය අළෙවි කළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දැරියගේ මව ඇතුළු පුද්ගලයන් 32ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කීවේය.
දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තවත් 12 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය පවසයි.