spot_img

“ගාල්ලේ දී එන්නත් හොරපාරේ ගියේ දේශපාලන බලෑමෙන්” ශ්‍රීලනිප කියයි

පුවත්

විදෙස්

ගාල්ල උණවටුනේ දී සහ තවත් ප්‍රදේශ කිහිපයක දී කොරෝනා මර්ධන එන්නත් හොර පාරේ ගියේ දේශපාලන මැදිහත්වීමෙන් බව රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ඔහු මේ බව කියා සි‍ටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලේය දී පැවැති රැස්වීක දී ය.

මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ එන්නත් මාත්‍රා 7,000කට වැඩි ප්‍රමාණයක් මෙලෙස අවභාවිතා කර ඇති බවයි.

කුරුණෑගල දී, මොරටුවේ දී හා පිළියන්දල දී ද දේශපාලන මැදිහත්වීම් එළිපිටම දක්නට ලැබුණු බවත් කොළඹින් ගිය පුද්ගලයන් පවා ගාල්ලේ දී එන්නත් ලබාගත් ආකාරය හෙළිදරව් වූ ආකාරය කණගාටුදායක බවත් මහාචාර්යවරයා කීවේය.

“හැමතැනම දූෂණය වංචාව රජකරන තත්ත්වයක් තියෙන්නේ. පීසීආර්වලින් පවා වංචා සිදුවනවා.  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශක මහාචාර්යවරයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඊට අමතරව විශාල අත්දැකීම් සහිත සෞඛ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. මේ කිසිම කෙනෙකුගෙන් කොරෝනා මර්ධනය සඳහා උපදෙස් අරගෙන නැහැ. වසංගතය ආරම්භ වූ අවස්ථාවේ අපි එන්නත් ඇණවුම් කළේ නැහැ. එන්නත් ගෙන්වන්න පියවර ගත්තේ දෙවැනි රැල්ල ආරම්භ වූ පසු. වැදගත් කාර්යභාරයක් කරන සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරු, හෙද හෙදියන්, ඇතුළු සියළුම සියලු දෙනා ඉන්නේ දැඩි අතෘප්තියකින්” යැයි ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles