spot_img
spot_imgspot_img

“SPA විවෘතයි. ගෙදර රැස්වීම් බෑ” අලුත්ම මාර්ගෝපදේශ මෙන්න

පුවත්

විදෙස්

කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා අද(5) සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව එම සංචරණ සීමා ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මෙම සෞඛ්‍ය නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ(4) පස්වරුවේ නිකුත් කරන ලද අතර එම මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කැසිනෝ රාත්‍රී සමාජ ශාලා සමාජශාලා ඔට්ටු මධ්‍යස්ථාන,සහ බාර් තවදුරටත් වසා තැබිය යුතුවෙයි.

මෙයට අමතරව සැණකෙළි, සංගීත සංදර්ශන පැවැත්වීමද උද්‍යාන,වෙරළ,ගං ඉවුරු ආශ්‍රිතව එක්රැස්වීමද තවදුරටත් තහනම් කෙරේ.

සම්භාෂණ හා ගෘහස්ථ රැස්වීම් පැවැත්වීමටද අවසර නොලැබේ.

කෙසේ වෙතත් “ස්පා” විවෘත කිරීමට අවසර හිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කෙරුණු එම නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!