spot_img

කාබනික පොහොර ආනයනය නතරකරයි

පුවත්

විදෙස්

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් පවසයි.

ජුනි මස 01 වැනි දා අමාත්‍ය මණ්ඩල තීරණවල දක්වා තිබුණේ මෙවර මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර 500,000කට අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාව සඳහා රජයේ පොහොර සමාගම් හරහා කාබනික පො‍හොර ආනයනයට අවසර ලැබුණු බවයි.

මීට අමතරව වෙනත් භෝග හෙක්ටයාර 600,000කට පමණ අවශ්‍ය කාබනික පොහොර, එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශවලට අනුව ආනයනයට බලපත්‍ර හිමි සමාගම් මගින් ගෙන්වා ගොවීන් වෙත බෙදා හැරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි.

අමාත්‍ය මණ්ඩලය එසේ අනුමැතිය ලබා දී තිබුණ ද කාබනික පො‍හොර ආනයනය හරහා ක්ෂුද්‍රජීවීන් මෙරටට පැමිණීමේ අවදානම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් පොහොර ආනයනය තාවකාලිකව නතර කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles