spot_img

ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැති‍රීගෙන යයි ? අධි අවදානම් අවස්ථා මගහරිමු

පුවත්

විදෙස්

ඉන්දියාවට දැඩි බලපෑමක් සිදුකළ කොරෝනා ඉන්දීය ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් වාර්තාවීම කො‍රෝනා තවදුරටත් වාර්තාවීමේ දැඩි අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එම ආයතනයේ නිල Facebook පිටුවේ සටහනක් තබා පවසා තිබේ.

එම ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති ප්‍රභේදවලට වඩා වේගයෙන් ව්‍යාප්ත වියහැකි තත්ත්වයක් පවතින බැවින් එය පාලනය කිරීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් දැඩි ලෙස අනුගමනය කළ යුතු බව ද එම කාර්යාංශය පෙන්වා දෙයි.

ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත් බවත් පවසා ඇත.

සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකි බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles