කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ සිට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට ගාල්ලේ උණවටුනට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් ගාල්ල පොලිස් කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව පසුගිය 05 වැනි දා සහ 07 වැනි දා අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් පිටවූ වාහනවල තොරතුරු ඇතුළත් CCTV දර්ශන පොලිසියට ලබාදෙන ලෙසට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රතාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
සංචරණ සීමා පනවා තිබිය දී බස්නාහිර පළාතේ පුද්ගලයන් මෙලෙස සුපිරි වාහනවලින් ගාල්ල උණවටුනට පැමිණීම සිදුවූයේ විශේෂ අවසරයක් හෝ බලපත්‍රයක් ලබාගෙන ද යන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප විමසීමේ දී එම කාර්යාලය කියා සිටියේ එවැනි අවසරයක් ලබා දී නොතිබූ බවයි. නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසක් එම එන්නත්කරණ පත්‍රිකා පෙන්වා තමන්ට ගාල්ලේ වෛද්‍යවරුන්ගෙන් කැඳවීමක් ලැබී ඇතැයි පවසමින් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ලට ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරී මහත්මයකු තොරතුරු සොයා බැලීමෙන් පසු කීවේය.