spot_img
spot_imgspot_img

ගම්මන්පිළ මාධ්‍ය හමුවක් කැඳවා පක්ෂ ලේකම්ට අභියෝග කරයි

පුවත්

විදෙස්

ඉන්ධන මිල වැඩි කිළේ සමස්ත ආණ්ඩුවේ ම තීරණයක් අනුව බවත් එය තම පුද්ගලික තීරණයක් නොවන බවත් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ අද (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඊ‍යේ (12) නිකුත්කරන ලද නිවේදනයට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය.

ඔහු මෙහි දී කියා සිටියේ නිසි කරුණු නොදන නීතිඥ සාගර කාරියවසම් චෝදනා එල්ල කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙ‍රමුණෙන් බිහිවූ පළමු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බවයි. ඒ අනුව ඉල්ලා අස්විය යුත්තේ තමන් නොව සාගර කාරියවසම් බවත් ඔහු කීවේය.

එමෙන්ම සාගර කාරියවසම් විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන්ව ඇති තීරණය ගැනීම සඳහා රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් කවුරුන්දැයි ඔහු හෙළි කළ යුතුයැයි ද ගම්මන්පිළ අමාත්‍යවරයා කීවේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා සමගත් අග්‍රාමාත්‍යවරයා සමඟත් සාකච්ඡා කළ බවත් මාධ්‍ය හමුව කැඳවීමට පෙර ජනාධිපතිවරයා කෙටි පණිවිඩයක් ද තමා වෙත යොමුකර තිබූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!