spot_img

කොරෝනා මරණ වාර්තාවීම 28%කින් වැඩි වෙලා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ වාර්තාවීම පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ 28% කින් ඉහළ ගොස් ඇතැයි කොරෝනා පාලනය පිළිබඳ ‍රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 1,910ක් වාර්තා වී ඇති අතර ගම්පොළ සිදුවූ දින 08කි බිළිඳකු සහ ගාල්ලේ දී මියගිය වයස අවුරුදු 104ක කාන්තාවක් ද ඒ අතර සිටියි.

මේ දක්වා වාර්තාකර ඇති මරණ 1,910 න් 1,128ක් ම පරිමි පුද්ගලයන්ගේ මරණ වන අතර මියගිය කාන්තාවන් සංඛ්‍යාව 782කි.

එම මරණවලින් අති බහුතරයක් වයස අවුරුදු 65-75ත් අතර පසුවූ අය වෙති. එම සංඛ්‍යාව 28.43% වේ. වයස අවුරුදු 76-90ත් අතර 19.21% ප්‍රමාණයක් මියගොස් ඇත. වයස අවුරුදු 46-60ත් අතර 6.13% ප්‍රමාණය් සහ 31-45ත් අතර 2.77 වන අතර සෙසු පිරිස වයස අවුරුදු 30ට අඩු සහ 90ට වැඩි අය වෙති.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 213,396ක් වන අතර ඉන් 50% වැඩි ප්‍රමාණයක් හමුවී ඇත්තේ 2021 සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව වීම විශේෂ කරුණකි. එම සංඛ්‍යාව 115,965කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles