spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අදත් ඉහළට

පුවත්

විදෙස්

කොළම කොටස් වෙළෙඳ පොළෙහි අද (01) සියලු කොටස් මිල දර්ශකය ඒකක 47කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ ඒකක 7450ක් ලෙස සටහන් වී තිබේ.

අද දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 2.9ක් වන අතර දිනයේ පිරිවැටුම සඳහා වටිනාකමින් වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ LOLC සමාගම මිලියන 622ක්, රෝයල් සෙරමික් සමාගම මිලියන 291ක්, Dipped Product සමාගම මිලියන 218ක් වශයෙනි.

දිනයේ වැඩිපුරම හුවමාරු වූ කොටස් අතර Dipped Product සමාගම, LOLC සමාගම, රෝයල් සෙරමික් සමාගම ප්‍රධාන වෙයි. අද (01) දිනයේ ද විදේශික මිලදී ගැනීම් මිලියන 95ක් වූ අතර විදේශික විකිණීම් මිලියන 138ක් වේ. දැනට වසර 02කට ආසන්න කාලයක් තිස්සේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් විකිණීම වැඩි වශයෙන් සිදුවී ඇති අතර එය කොළඹ කොටස් වෙළෙඳ පොළට එල්ල වී ඇති දැඩි අභියෝගයකි.

විදේශික ආයෝජකයන් අද දින මිලදීගත් කොටස් අතර හැටන් නැෂනල් බැංකුව ප්‍රධාන වන අතර විකිණීම් වශයෙන් හේලීස් සමාගම සහ ජෝන් කීල්ස් සමාගම ප්‍රධාන වේ. දිනයේ සියළු ගනුදෙනුවල දී වාණිජ බැංකුවල කොටස් මිලදී ගැනීම් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි අවධානය යොමු වී තිබේ.

කොටස් වෙළෙද පොළ ක්‍රම ක්‍රමයෙන් මේ දිනවල ඉහළ යාමට හේතු වී ඇත්තේ සංචරණ සීමා හේතුවෙන් බොහෝ ආයෝජකයන් සක්‍රීයව වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා දායක වීම, ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන අඩු පොළිය සහ බොහෝ සමාගම් විසින් ලාභාංශ වශයෙන් වැඩි මුදල් ගෙවීමට නැඹුරුවී තිබීම, වරාය නගර පනත සම්මත වීම සහ දේශපාලන ස්ථාවරත්වය යන මූලික කරුණු වේ.

(කොටස් වෙළෙඳ පොළ විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!