spot_img
spot_imgspot_img

හිතට වදින, රටට දැනෙන, ලොවට පෙනෙන අලුත්ම සරසවි අත්දැකීමක් BCI Campus

පුවත්

විදෙස්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන්  මීගමුව විශ්වවිද්‍යාලය අයදුම්පත්‍ර කැඳවයි.

BCI Campus මගින් ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය පිරිනැමේ.
ශුද්ධවූ 16 වැනි බෙනඩික් පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය සැමරීම සදහා ආරම්භ කළ  BCI Campus විශ්වවිද්‍යාලය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ කොළඹ අගරදගුර පදවිය විසින් පරිපාලනය කරනු ලබයි.   ඉංග‍්‍රීසි භාෂාව, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, යන අංශයන්ගෙන් සිසු සිසුවියන් දහස් ගණනකට උසස් අධ්‍යාපන අවස්ථා විවර කරදුන් BCI Campus සිය ගමන් මගේ වැදගත් සංදිස්ථානයක් සටහන් කරමින් 2020 වසරේ දී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත උපාධි ප‍්‍රදානය කරන විශ්වවිද්‍යාලයක් බවට පත්කෙරිණි.

BCI Campus ආයතනයේ අධ්‍යක්ෂ ක්වින්ටස් ප‍්‍රනාන්දු පියතුමා මෙසේ පවසයි.
’‘BCI Campus ආයතනය මූලික අවධානය යොමුකර තිබෙන්නේ ඉහළ වත්තීයමය බවින් යුත් දැනුමෙන් හා දක්ෂතාවයෙන් සන්නද්ධ සාර්ථක වෘත්තීය ගමනකට සූදානම් උපාධිධාරින් බිහි කිරීමට. ඒ සඳහා ඔවුන්ට න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ද සුදුසුකම් සම්පූර්ණ කරපු ඉතාමත් දක්ෂ හා පළපුරුදු අධ්‍යයන කාර්ය මණ්ඩලයක් අප සතුවෙනවා. නවීන දේශන ශාලා සහ විද්‍යාගාර තබෙනවා.  අපි සෑම ශිෂ්‍යයෙක්ගේම වෘත්තීය ගමන සාර්ථක කිරීම සදහා ඔවුන් සමග සමීපව වැඩ කරනවා. අධ්‍යාපනය පමණක් නොවෙයි අපේ උපාධිධාරීන් සමාජයට හා රටට වැඩදායී වගකීම් සහගත පුරවැසියන බවට පත් කිරීමේ අරමුණ ඇතිව අපි සියලු සිසු දරු දැරියන් සඳහා අවධානය යොමු කරමින් කටයුතු කරනවා’’

ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සැකසුණු නවීන පහසුකම්වලින් සමන්විත BCI Campus ආයතනය නූතනයට ගැලපෙන්නා වූ විෂ්‍ය නිර්දේශයන් අනුව ඉහළ පළපුරුද්දක් සහිත දේශීය හා විදේශීය මහාචාර්යවරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත අධ්‍යයන කාර්ය මණ්ඩලයක් මෙහි පාඨමාලා මෙහෙයවයි.      
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්  BCI Campus   වෙත බඳවාගැනීම දැන් ආරම්භ කර තිබේ. ඔවුන් අයදුම් කිරීමට බලාපොරොත්තුවන පාඨමාලා පිළිබඳ විස්තර  www.bci.lk  වෙබ් අඩවිය වෙතින් මෙන් ම 031-2035100 හෝ 070-6035100 යන දුරකථන අංක මගින් න අංක වෙතින් විමසා බැලීමට හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!