spot_img
spot_imgspot_img

සෞඛ්‍ය ක්ෂේත්‍රයම අමාරුවේ දමන ප්‍රවාහන ප්‍රතිපත්ති

පුවත්

විදෙස්

සෞඛ්‍ය සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක තත්ත්වයයි මේ.

මාරාන්තික වසංගතයක් රට පුරා පැතිරෙමින් පවතිද්දී පළමුවෙන් ම ඒ වසංගතයෙන් ආරක්ෂා කරගත යුතු වන්න් සෞඛ්‍ය සේවකයන් බවට කිසිදු විවාදයක් නැත. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ට සපයා ඇති ප්‍රහාහන පහසුකම් පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවට මේ ඡායාරූ‍පයෙන් දැක්වේ.

කෑගල්ල ඩිපෝවට අයත් මේ බස් රථය ජාතික රෝහල අසළින් සෞඛ්‍ය සේවකයන් නංවා ගන්නා ආකාරයයි මේ. මෙහි නිරෝධායන නීති කිසිවක් නැත. ආසන ගණනට මගීන් ගන්නේ ද නැත. නිශ්චිත පරතරය ද තබා නොගනී. ඒ නිසාම මේ සෞඛ්‍ය සේවක සේවිකාවන් කොතරම් අනාරක්ෂිත ද ? ජාතික රෝහලේ සේවය කර නිවෙස් බලා යන මේ සේවක සේවිකාවන් අතර එක් අයකුගේ හෝ සිරුරට කොරෝනා වයිරසය පැමිණ තිබුණහොත් මේ බසයේ සිටින 60-70ක් පමණ වූ පිරිස දැඩි අනතුරකය. එවිට ඔවුන්ට නිවෙස්වලට වී සිටීමට සිදුවනු ඇත. මෙවැනි අනාරක්ෂිත ප්‍රවාහන පහසුකම් නිසා සෞඛ්‍ය සේවය විනාශ වී යාම නොවැළැක්විය හැකි බව පාලකයන් තේරුම්ගත යුතුය.

ඡායාරූපය – Jaded නමැති twitter ගිනුමකින් ලබාගත්තකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!