spot_img
spot_imgspot_img

දකුණේ ආසාදිතයන් 500 පනී. rata.lk පුවත ඵල දරයි. සෞඛ්‍ය දත්ත ප්‍රශස්ථ මට්ටමකට

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් අද (16) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 516 දෙනකු හමු වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිකුත් කළ දත්ත සටහනෙහි දැක්වේ. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ විසින් එම ලේඛනය මාධ්‍යවෙත නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ අද (16) සවස 2.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී දකුණු පළාතේ පුද්ගලයන් 467 දෙනකු, නිරෝධායන මධයස්ථානවලින් 02කු, බන්ධනාගාර සහ විශ්වවිද්‍යාල වැනි ආයත තුළින් 39 දෙනකු රෝහල්වලින් ආසාදිතයන් 08 දෙනකු වශයෙන් මෙම 516 දෙනා වාර්තා වී ඇති බවයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 286ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 133ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 48 ක් වශයෙන් සමාජ‍ය තුළින් හඳුනාගත් රෝගීන් 467 වාර්තා වී ඇති බවයි.

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි දකුණු පළාත් තොරතුරු මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලබන තොරතුරු ව්‍යාජ තොරතුරු බව සාධක සහිතව පෙරේදා (14) අපි ප්‍රකාශයට පත්කළ අතර මේ හේතුවෙන් ගාල්ලේ ජනතාවට එන්නත් ලැබීම ද ප්‍රමාද වී ඇති බව ඊට වගකිව යුතු නිලධාරීන්ගේ ද නම් සඳහන් කරමින් අප ඊයේ (15) ප්‍රකාශටය පත්කළෙමු.

මෙම ප්‍රවෘත්ති දෙක කෙරෙහි ම දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ පළාතේ සහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන්ගේ පුද්ගලික අවධානයට යොමුව තිබූ බව ද අපි දනිමු. ඉන් පසු අද (16) ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ වාර්තාවක් නිකුත් කිරීමට දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමත්ව සිටීම පිළිබඳ අපගේ ස්තූතිය ඔවුන්ට පිරිනමන්නෙමු.

සිදුවිය යුත්තේ එයයි. සමාජයට වගකියන ජනතා අභිලාශයන් තේරුම් ගෙන කටයුතු කරන මාධ්‍යයක් ලෙස rata.lk කරන ලද පෙන්වා දීම අනුව රාජ්‍ය ආයතන යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කරගත යුතුය.

අද නිකුත් කළ ලේඛනය ජාත්‍යන්තර මට්ටමේ ලේඛනයක් බව අපි කියන්නෙමු. කලින් සංඛ්‍යාලේඛන ව්‍යාජ බැවින් තවමත් මේ ලේඛන යන්නේ එම ව්‍යාජ දත්ත පදනම් කරගෙන බව අපි දනිමු. නමුත් අද සිට හෝ එය වෙනස් වන්නේ නම් ඉතාමත් අගනේය. මේ නව වාර්තාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන්නන්ගේ සිට නිවසේ නිරෝධායනය වන පුද්ලයන් දක්වා සියලු තොරතුරු ඇතුළත්ය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දකුණට වැඩක් කර තිබේ.

ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය 286

අක්මීමණ 36

අම්බලන්ගොඩ 05

බද්දේගම 29

බලපිටිය 06

බෝපේ පෝද්දල 19

ඇල්පිටිය 39

ගාල්ල මහ නගර සභාව 4

ගෝනාපීනුවල 19

හබරාදුව 88

හික්කඩුව 29

ඉමදුව 12

ඉඳුරුව 23

කරන්දෙණිය 05

නාගොඩ 01

රත්ගම 10

තවලම 04

යක්කලමුල්ල 10

මාතර දිස්ත්‍රික්කය 133

අකුරැස්ස 04

දෙවිනුවර 01

දික්වැල්ල 25

හක්මන 02

කඹුරුපිටිය 01

කිරින්ද පුහුල්වැල්ල 01

කොටපොළ / දෙණියාය 04

මාලිම්බඩ 08

මාතර නගර සභාව 12

කැකණදුර 07

මොරවක 02

මුලටියන 07

පස්ගොඩ 02

තිහගොඩ 01

වැලිගම 50

වැලිපිටිය 06

හම්බන්තොට දිස්ත්‍රික්කය 48

අඟුණුකොළපැලැස්ස 01

බෙලිඅත්ත 05

හම්බන්තොට 04

කටුවන 02

ලුණුගම්වෙහෙර 11

ඕකේවෙල 03

සූරියවැව 05

තංගල්ල 10

තිස්සමහාරාමය 04

වලස්මුල්ල 03

2 COMMENTS

  1. මේ සක්කිලි හැත්ත ගෙ කිරිපල්ලට පයිං ඕන,වල්ග කරකවල,කෙවිටි පාර දුන්නම තමයි දවසකට හරි හැදෙන්නෙ,හැබැයි ඕක දවසයි නැත්තං දෙකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!