spot_img

නිරෝධායන පනත උල්ලංඝනය කිරීම දන්ත ශල්‍ය වෛද්‍යවරු හෙළා දකිති

පුවත්

විදෙස්

නිරෝධායන පනත මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල වෙනත් පාර්ශවයන් විසින් ඔවුන්ගේ පුද්ගලික අරමුණු හා දේශපාලනික වුවමනාවන් මත වෙනස් කිරීම තරයේ හෙළා දකින බව දක්වමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරියට ලිපියක් යොමු කර තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ විසින් යොමුකර ලද මෙම ලිපියේ පිටපත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පළාත් සෞඛ්‍ය ‍සේවා අධ්‍යක්ෂවරුන්ට යොමුකර තිබේ.

එමගින් ඉල්ලා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගන්නා සියළුම තීන්දු තීරණ උල්ලංඝනය කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොතැබීමට කටයුතු කරන ලෙසයි. එවැනි පාර්ශවයන්ගේ කටයුතු මැඩපැවැත්වීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය පූර්ණ සහයෝගය ලබා දෙන බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, විශේෂඥ වෛද්‍යවරුන් සහ දිවයිනේ සිටින සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා ඉදිරිපත් කරන වෘත්තීමය සහ තාක්ෂනික කරුණු මුල්කරගෙන ගන්නා තීන්තු වෙනත් පාර්ශව විසින් වෙනස් කිරීම වරදක් බව ද මෙම සංගමය පෙන්වා දෙයි.

ලෝකයේ කොරෝනා වසංගත තත්ත්වය හා විශේෂයෙන් ම අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය ඉතාමත් භියජනක බැවින් ශ්‍රී ලංකාවේ ජනතාව එවැනි තත්ත්වයකට පත්නොකිරීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ගනු ඇතැයි රජයේ දන්ත ‍ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය අපේක්ෂා කරන බවත් ඊට පූර්ණ දායකත්වය දක්වන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles