spot_img
spot_imgspot_img

කොරෝනා ආදාහනය කිරීමට රජයෙන් දෙන මුදල ප්‍රමාණවත් නෑ

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිත බව තහවුරු කෙරෙන මළ සිරුරු ආදාහන කිරිමේ දී ලබාදෙන මුදල් සහ ඒවා වියදම් කෙරෙන ආකාරය පිළිබඳ ගැටලුවක් තිබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරු සහ මල්ශාලා හිමිකරුවෝ කියති.

ඥාතීන් විසින් භාර නොගන්නා කොරෝනා මළ සිරුරු රජයේ වියදමින් ආදාහය කිරීම සිදුකෙරිණි. එහි දී එක් සිරුරක් ආදාහනය කිරීම සඳහා රජයෙන් වෙන්කර තිබූ මුදල රුපියල් 10,000.00කි. ආදාහනාගාරය සඳහා රුපියල් 7,500.00ක මුදලක් ගෙවීමට සිදුවූ බැවින් පසුගිය කොරෝනා දෙවැනි රැල්ලේ දී සිදුවූ මරණ ආදාහනය කරන ලද්දේ වෛද්‍යවරුන් ද මුදල් එකතුකර ලබා දෙමිනි. ආදාහනාගාරය රුපියල් 5,000.00ක මුදලකට වෙන්කරගැනීම සඳහා අධිකරණ ව්‍යෛ අංශය සාකච්ඡා කර එකඟවූ අතර මල් ශාලාවෙන් සිරුරු බහාලීම සඳහා රුපියල් 5000.00 කට පෙට්ටි ලබාදීමට ද එකඟ වී තිබිණි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්ම පෙට්ටි සැපයීම සිදු කෙරිණි.

මේ වනවිට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මැදිහත් වී දකුණේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සඳහා ආදාහනාගර නොමිළයේ ලබා දීමට කටයුතු කරන බව කීව ද මෙතෙක් ඒ හා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් දැනුම් දී නැත. එබැවින් ආදාහනාගාරයට වැය වූ රුපියල් 5000.00 ක මුදල තවමත් ගෙවීමට සිදුවෙයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියයන හිමිකරුවන් නොමැති මළ සිරුරු ආදාහනය කිරීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති මනම්පේරී මල් ශාලව මෙම සිරුර ආදහනය කරයි.

එහි හිමකරු පවසන්නේ මෙම රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ වගේ සිරුරු ආදාහනය කරන පෙට්ටියක් ගන්නේ රුපියල් 4500.00ට ඒ මොරටුවෙන්. ඒවා ගාල්ලට අරගෙන එන්නත් වියදමක් යනවා. ආදාහනාගාරයට රුපියල් 5000.00ක් අපි තවවමත් ගෙවනවා. මේ වැඩේ අපි කරන්නේ සේවයක් හැටියට සළකලා අපිට ආදාහනාගාරයට සහ පෙට්ටිය මිලදී ගැනීමට පමණක් රුපියල් 9500.00ක මුදලක් වැය වෙනවා. රජයේ වියදමින් සිදුකරන මළ සිරුරු ඉවත්කිරීමේ ටෙන්ඩරය ලබාගෙන තිබෙන නිසා අපි මේක කරනවා. අපිට මෙයින් කිසිම ලාභයක් නැහැ. අවම වශයෙන් ආදාහනාගාරය හෝ නොමිලයේ ලැබෙනවානම් මෙය කළ හැකියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!