spot_img

නිකවැරටිය රෝහල නොසන්සුන්. මෘත දේහ දෙකක් මාරුවෙයි. එකක් ආදාහනය කරලා

පුවත්

විදෙස්

නිකවැරටිය රෝහලේ දී මෘත දේහ දෙකක් මාරුකර භාර දී එක් මෘතදේහයක් ආදාහනය කර තිබීමෙන් ඊයේ (30) රාත්‍රියේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබිණි.

නිකවැරටිය තරණගොල්ල පදිංචි 66 හැවිරිදි ඒ.ඩී.පොඩිනෝනා නමැති කාන්තාවක් 29 වැනි දින රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිටියාය. ඇගේ දේහය පීසීආර් පරීක්ෂණයකට යොමුකර ප්‍රතිඵල ලැබුණු පසු දේහය භාරදෙන බවට රෝහල ඥාතීන්ට දැනුම් දීම හේතුවෙන් ඔවුන් පිටවගොස් ඇත.

ඒ අනුව ඊයේ (30) සවස රෝහ‍ලේ කැඳවීමක් අනුව එහි ගිය ඥාතීන්ට භාර දී ඇත්තේ වෙනත් මළ සිරුරකි. එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඔවුන් තම ඥාතියාගේ දේහය ඉල්ලා ඇත. එවිට මෘත ශරීරාගාරයේ තිබූ සියලු මෘත දේහ ඔවුන්ට පෙන්වා ඇති අතර කොරෝනා ආසාදිතව මියගිය කාන්තවකගේ සිරුරක් ද පෙන්වා ඇත. මේ කිසිදු සිරුරක් මියගිය පොඩිනෝනාගේ නොවීම හේතුවෙන් රෝහලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබිණි. එය පාලනය කිරීම සඳහා පොලිසිය ද මැදිහත් වී ඇත.

පසුව කරන ලද සොයාබැලීම්වලින් අනාවරණය වී ඇත්තේ පොඩිනෝනාගේ දේහය මහව නිකවලයාය ප්‍රදේශයේ සිට පැමිණ රෝහල්ගතව සිටිය දී මියගිය ජේපින් නෝනා නමැති අයකුගේ දේහයට මාරුවී එය ඇගේ ඥාතීන්ට භාර දී ඇති බවයි. ගැටලුව වූයේ එම දේහය රැගනෙ ගිය ඥාතීන් විසින් එය කැකිරිබොඩයාගම ආදානාගාරයේ දී ආදාහනය කර තිබීමයි

නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධකාරී අමිල අධිකාරී පවසන්නේ ගැටලුව සමථයකට පත්කිරීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනට අපහසුතාවට පත්ව සිටින කරණගොල්ල ප්‍රදේශයේ ඥාතීන් හා මහව ප්‍රදේශයේ ඥාතීන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වා දේහය මුදාහැරීමට කටයුතු කළ රෝහල් සේවකයන් පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles