spot_img
spot_imgspot_img

බද්දේගම අද හමුවූ ආසාදිතයන් 10න් 05ක්ම කුඩා දරුවන්

පුවත්

විදෙස්

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 10 දෙනකු වාර්තාවන අතර ඉන් 05 දෙනකු ම ළමයින් වීම විශේෂත්වයකි.

මේ ළමයින් අතර මාස 03ක බිළිඳියක හා මාස 08ක බිළිඳකු ද සිටියි. ඊට අමතරව යස අවුරුදු 02ක පිරිමි ළමයෙක්, අවුරුදු 04ක පිරිමි ළමයෙක් සහ වයස අවුරුදු 07 පිරිමි ළමයකු ද සිටියි.

කොහොඹලාදෙණිය ප්‍රදේශයෙන් වයස අවුරුදු 28 ක තරුණියක් ආසාදිත බව වාර්තාවන අතර ඉහත සඳහන් කළ මාස 03, මාස 08 සහ වයස අවුරුදු 04ක ළමුන් ද පදිංචිව සිටින්නේ කොහොඹලා දෙණියේය.

මනෝජ්වත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් තිදෙනකු වාර්තාවන අතර වයස අවුරුදු 27ක තරුණියක්, වයස අවුරුදු 07ක පිරිමි ළමයෙක් හා අවුරුදු 02ක ගැහැනු ළමයෙක් ඒ අතර සිටිති.

බද්දේගම විදුලි අධිකාරී කාර්යාලයේ සේවය කරන රියදුරකු ද අද වාර්තා වූ ආසාදිතයන් අතර සිටියි. මීට අමතරව රුහුණු රෝහලේ සේවකයෙක් හා මාතර රථ වාහන අළෙවි සැළක සේවය කරන අයකු ද ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!