ඉන්දියාවේ සල්ලිකාරයෝ ශ්‍රී ලංකාවට ඇවිත් නිරෝධායනයේ. හෝටල් පිරෙයි ?

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

කොරොනා දැඩි ව්‍යාප්තියක් ඇති අසල්වැසි ඉන්දියාවේ සිටින ඉන්දියාවේ පුරවැසියන් මෙරටට ගෙන්වා සංචාරක හෝටල්වල නවාතැන් දීමේ වැඩපිළිවෙලක් මේ වනවිට දියත් වෙමින් තිබේ.

ඉන්දියාවේ පැතිරයමින් පවතින කොරෝනා ප්‍රබේදය ඉතා දරුණු රෝග ලක්ෂණ පෙන්වන අතර සීඝ්‍රයෙන් පැතිරීම හැ වැඩිපිරිසක් මරණයට පත්වන තත්ත්වයක් තුළ මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසු ද යන්න පිළිබඳ ප්‍රශ්න කළ යුතුය.

ඉන්දියාවේ පුරවැසියන්ට මෙරට දී ඇමෙරිකානු ඩොලර් 690ක් වැනි මුදලකට සුව පහසු හෝටල්වල රාත්‍රී 13ක නිරෝධායන කාලයක් ගත කළ හැකි බවට එක්තරා පුද්ගලික ආයතනයක් විසින් අන්තර්ජලායේ පළකර තිබූ දැන්වීමකට අනුව rata.lk අපි ඔවුන්ට කතා කළෙමු.

එය සංචාරක නියෝජිත ආයතනයකි. එහි හිමිකරුවා බව පවසන පුද්ගලයා කියා සිටියේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ආයතනයේ ද ප්‍රබලයකුගේ සහයෙන් සහ රජයේ ඉහළම පුද්ගලයන් කිහිප දෙනකුගේද දැනුම්වත් වීම් සහිතව තමන් මෙම සේවාව පවත්වාගෙන යන බවයි.

ඉන්දියාවේ කිසිදු පුද්ගලයකුට මේ වනවිට ඩුබායි, සිංගප්පූරු ඇතුළු රටවල් ගණනාවකට ඇතුළුවීමට හැකියාව නැත. ඔවුන්ට එවැනි රටකට ඇතුළු වී නිරෝධායනය වී හෝ අවශ්‍ය කටයුතුවල යෙදීමේ අවස්ථාවක් නැත. නමුත් ඩුබායි හෝ සිංගප්පූරුවට යාමට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ දී රාත්‍රී 13ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ පසු ඉන්දියාවේ පුරවැසියන්ට සිංගප්පූරුවට හා ඩුබායි වෙත ඇතුළුවීමට අවසර හිමිවේ. එබැවින් මෙම ආයතන විසින් සපයා ඇත්තේ ඉන්දියාවේ පුරවැසියන්ට අවශ්‍ය එම පහසුකමයි.

තරු තුනක් සහිත හෝටලයක Full board පහසුකම සහිතව රාත්‍රී 13ක් ගත කිරීම පීසීආර් පරීක්ෂණ දෙක්ක සිදුකිරීම, ඩොලර් 12ක් ගෙවා ලබාගන්නා ඩොලර් 50,000 වටිනා  කොවිඩ් – 19 රක්ෂණ ආවරණයක් හිමිකරදීම හා එමගින් පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ආවරණය කිරීම, යළි ගුවන්තොටුපොළ වෙත යොමුකිරීම යන පහසුකම් මෙම පැකේජයට අයත් වේ.

ඉන්දියාවේ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ නිරෝධායනයට අවශ්‍ය පහසුකම් සපයන ආයතනය සමඟ සාකච්ඡා කිරීමේ දී අනාවරණය වූයේ පසුගිය සති කිහිපයක සිට ඉතා විශාල වශයෙන් ඉන්දීය ජාතිකයන් එම පහසුකම් ලබාගැනීම සඳහා මෙරටට පැමිණෙන බවයි. ඔවුන් මීට පෙර කළුතර හා දකුණු වෙරළබඩ හෝටල් සඳහා යොමුකළ ද මේ වනවිට එම හෝටල් පිරී ඇති බැවින් දැන් ඔවුන් යොමුකිරීමට හැකියාව ඇත්තේ මහනුවර හා හබරණ හෝටල්වලට බව ද මේ සංචාරක නියෝජිත ආයතන නිලධාරීන් පවසයි.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ජාතිකයන්ගෙන් මෙරට වැසියන්ට කොරෝනා වයිරසය පැතිරීමේ අවදානමක් තිබිය හැකි නොවේදැයි විමසූ විට එක් ප්‍රකාශකයකු කියා සිටියේ සෞඛ්‍ය නීතිරීති අනුව මෙය ක්‍රියාත්මක කළ හැකි බවයි. එබැවින් මෙය නීත්‍යානුකූල කටයුත්තක් බවත් නිරෝධායනය සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ පළමු පීසීආර් පරීක්ෂණය සෘණාත්මකනම් පමණක් ඔවුන්ට ඉතිරි දින කහිපයේ දී ආහාර ගැනීම, පිහිනුම් තටාක භාවිතය, ඇවිදීම වැනි කරුණු සඳහා හෝටල පරිශ්‍රය ඇතුළත පමණක් වෙනත් ස්ථානවලට යාමට අවසර හිමිවන බවයි. පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිත බව තහවුරු වුවහොත් රක්ෂණ ආවරණයෙන් මුදල් ලැබෙන බැවින් පුද්ගලික රෝහලකට යොමුකරන බව ද කියා සිටියේය.

7 COMMENTS

  1. It’s a good move. E we need to exploit opportunities within the given frame. I don’t see any threat there of proper protocols are following.

    • move is good for people like you. every other country take precautions and dont allow people from India. These henchmen of dirty politicians making money out of this.

  2. We are thinking only one side . It’s spread through air now. What if our country be like spread of India . Then government has to declare emergency look after patients . What about the expenses of patients . Do these hotels are going to look after patients. I wish those who are in this game get covid 19 this dangerous form and experience the consequences. Then only will understand why Singapore is shut down for Indians

  3. $690 ta rata bilidena wadak meka!
    India wen wen hungak ratawalata minisun ganne na. Giya aya ehe hirawela innawa. Mama liyanne Canada indan mehen giya ayath enna baruwa hira wela innawa mokada mehatath indian flights ganne nathi nisa.
    Meka sulu $$ gaanaka peretha kamata lankaawa illan kana wadak 😱

  4. Most of countries banned enter the Indian citizens due to the pandemic but sri lanka welcome any citizens

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ...

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය.

පොත් අළෙවි සැල් විවෘතකිරීමට පොලිස්පති අවසර ඉල්ලයි

නි‍රෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර...

ගාල්ලේ හෙද සිසු සිසුවියෝ අමාරුවේ වැටෙති ? සෞඛ්‍ය නීති අමු අමුවේ උල්ලංඝනය කරලා

ගාල්ල කළුවැල්ලේ පිහිටි හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් දිනපතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද උල්ලංඝනය කරමිනි.

මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22)...

ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි

ශ්‍රී ලංකා‍වේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි

වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට...

කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව,...

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා...

සහල් ඇතුළු මිල වැඩිවෙන ද්‍රව්‍ය මෙන්න

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට භාණ්ඩ කිහිපයක මිල ඉහළ යනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ ‍රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (21)...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!
%d bloggers like this: