ගාල්ල නගරය ආසන්නයේ කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් විදුලි මනු කියවන්නකු කටේ කෙළ භාවිතා කරමින් මනු ලේඛන ගැලවීම පුරුද්දක් කරගෙන තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් බියට පත්ව සිටිති.
ඔහු පසුගිය සිකුරාදා දිනයේ ද මනු කියවීමේ කාර්යයේ යෙදී ඇති අතර ඊයේ (08) ප්‍රදේශවාසීන්ට දැනගන්නට ලැබී ඇත්තේ මෙම තැනැත්තා කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී ඇති බවයි. ප්‍රදේශවාසීන් මේ පුද්ගලයාගේ පුරුද්ද ගැන සෞඛ්‍ය අංශ දැනුම්වත් කර ඇති අතර ඔහු සිකුරාදා දිනයේ දී ද මනු කියවා අදාල බිල්පත ලබාදීමේ දී මුඛ ආවරණය අතරින් ඇඟිල්ල යවා ඇඟිල්ල කෙළවර කෙළ ගා කොළය පෙරලන ආකාරය ප්‍රදේශවාසීන් විසින් නිරීක්ෂණය කර තිබේ.
මේ පිළිබඳ අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසූ විට කියා සිටියේ එය ඉතාමත් භයානක තත්ත්වයක් බවයි. මනු කියවන්නා මේ හේතුවෙන් කොරෝන සම්ප්‍රේෂකයකු වී තිබීමට ඉඩ ඇති බැවින් ඔහුගේ බිල්පත් ලබාගත් පිරිසි වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු බව ද සෞඛ්‍ය අංශ පවසයි.