සාමාන්‍ය පෙළ විභාගය අවසන්වූ පසු දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා සෞඛ්‍ය නිර්දේශ අනුව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 දා සිට ආරම්භ වන අතර 11 වැනි දා අවසන්වීමට නියමිතය.
ඒ අනුව සියලු පාසල් පෙබරවාරි මස 26 වැනි දිනෙන් පසු නිවාඩු ලබාදෙන පාසල් යළි මාර්තු 15 දා විවෘත කිරීමට රජය තීරණය කර ඇත.
බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා පියවර ගන්නා ලදී.
මේ වන විට කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් එම නිර්දේශ ලැබී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් වෙත යොමුකර ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු පෙබරවාරි 15 වනදා බස්නාහිර පළාතේ බොහෝ පාසල් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසල් සංඛ්‍යාව 492 ක් වන අතර, ඉන් 412ක් පෙබරවාරි 15 සිට ආරම්භ කිරීමට කිසිදු ගැටළුවක් නොවන බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු විසින් නිර්දේශ කොට ඇත .
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 80ක් පමණක් පෙබරවාරි 15 වනදා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව දිස්ත්‍රික් කමිටු සඳහන් කරයි.
මේ නිවාඩුවෙන් පසුව පළමුවන වාර විභාග 2021 වර්ෂයට තියෙනවා. නිවාඩුවට කලින් 2020 අවසාන වාර තියෙනවා