දුම්රියෙන් යනවානම් අනිවාර්යයෙන් කියවන්න

0
82

ඔබටත් වෙන්න පුළුවන්….අපේ මහඑකාලගේ සැමට පොදු අප්පගේ නීති..!තමන්ට වෙනවා කියලා හිතාගෙන කියවන්න…✋කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ටිකට් ජාවාරම..!(මෙය කොල්ලුපිටියට පමණක් සීමාවූවක්ද නොවිය හැකියි.)අද මට කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේදී ලොකු අසාධාරණයකට මුහුණ දීමට සිදුවිය. රත්මලාන දුම්රිය ස්ථානයෙන් ටිකට් එකක් ගෙන හනිකට ආපු දුම්රියට මම ගොඩ වුයේ කොල්ලුපිටිය පිහිටි මාගේ රැකියාව කරන ස්ථානයට යාම සදහාය. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ තාප්පය කඩා වැටී බොහෝ කාලයක් තිස්සේ පවතින නිසා ගොඩක් පුද්ගලයින් දුම්රියෙන් බැස ඒ හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කරයි. නමුත් පුරුද්දක් ලෙස සාමාන්‍ය විදියට දුම්රියෙන් මම කොල්ලුපිටියෙන් බැස වෙනදා මෙන්ම ආපසු හවසට ගෙදර යාම සදහා කොල්ලුපිටියේ පිහිටි කවුන්ටරය වෙත ගොස් රත්මලානටත් ටිකට් එකක් ගත්තේය. එය ගෙන පඩිපෙළ ලඟ ටිකට් පරික්ෂා කරමින් සිටි පුද්ගලයාට මාගේ අනිත් ටිකට් එක දී පඩි කිහිපයක් ඉහළට නැග්ගේය. නමුත් ටිකට් පරික්ෂා කරන පුද්ගලයා යළිත් මට කතා කළේය…”මේ මහත්තයා ඔයා එන්නකෝ පොඩ්ඩක්…””මමද..??””ඔව් ඔයා තමයි…””ඇයි..??””මේ ටිකට් එක පරණයි…””මම ඕක අද උදේ ගත්ත ටිකට් එක. දිනය ගහලා ඇති. බලන්න…””නෑ. දිනය වැදිලා නැහැ. ඔයා පරණ ටිකට් එකකින් ඇවිත් තියෙන්නේ. එන්න ඇතුළට…”මමද ඇතුළට ගියෙමි…ඔහු දුම්රිය ස්ථානාධිපතිට ටිකට් එක දී…”මෙයා පරණ ටිකට් එකකින් ඇවිත් තියෙන්නේ සර්” කියමින් රත්මලාන දුම්රිය ස්ථානයට ඇමතුමක් දුන්නේය. එහි ඇතුලත කාර්යාලයේ පස් දෙනෙක් විය. ඔවුන්ද “හොරෙන් එන්න එපා” යනුවෙන් එක එක දේවල් මට කීවේය. ඒත් මම නැවත නැවත කියා සිටියේ “මම ටිකට් එක ගත්තේ අද උදේ” කියාය…ඇමතුමෙන් පසු…”මම දැන් කතා කළා. ඔයා ගාව තියෙන ටිකට් එක සති දෙකකට කළින් නිකුත් කරපු එකක්. ඕකේ සීරියල් නම්බර් එක පරණයි…””මම සිරියල් නොම්බර ගැන දැනුවත් නැහැ. මම මගියෙක්. ඕක මම අද උදේ ගත්ත ටිකට් එක. ඉතින් ඕකේ දිනය බලන්න…””දිනේ මේකේ හරියට වැදිලා නැහැ. නමුත් මේක පරණ එකක්…””ඒක පුදුම කතාවක්නේ. දිනේ වැදිලා නැති එක මගේ වරදක්ද..?””එහෙම නැහැ. ඔයා දිනේ බලන්න ඕනේ…””හදිස්සියේ ටිකට් අරන් නැග්ගේ. ඒ වෙලාවට කොහොම බලන්නද..? අනික ඔයලානේ දිනය ගහලා දෙන්නේ…””ඒත් මේක පරණයි. ඔයා හොරෙන් ඇවිත් කියවන්න එපා…””හොරෙන් ආපු අය දැන් ගිහින් ඉවරයි. එයාලා යන්නේ තාප්පේ කැඩුණු තැනින්. මම හොරෙන් යනවනම් මෙතනට එන්න ඕනේ නැහැනේ. මාත් එතනින් යනවනේ. අනික මම හවසට යන්නත් ටිකට් එකක් ගත්තා. ඒක ඔයාලා හොඳටම දැක දැක මම හොරෙන් ආවා කියන එක අසාධාරණයි නේද..?””හොරෙන් ඇවිත් කියවන්න එපා. දඩේ රු: 3000/- ක් ගෙවලා යන්න…””මම වැරද්දක් කළේ නැහැනේ දඩ ගෙවන්න…””එහෙනම් අපි මේක උසාවි දානවා. ඔයාට කොහොමත් දඩේ ගෙවලා තමයි උසාවි යන්නත් වෙන්නේ…””ඉතින් මම වැරද්දක් කළේ නැහැනේ. පොඩ්ඩක් එතන CCTV චෙක් කරන්න. මම උදේ කවුන්ටරයෙන් ටිකට් එක ගත්ත විදිහ ඇති…””එහේ ඕවා නැහැ. අනික ඕවා බලන්න ඕනෙත් නැහැ. මේක පරණයි. දඩේ දැන් ගෙවන්න බැරිනම් Phone එක හරි, ID එක හරි වටිනා දෙයක් තියලා යන්න…””මම වැරද්දක් කරලා නැහැනේ ඉතින්…””ඒවා මේවා වැඩක් නැහැ. දඩේ ගෙව්වේ නැත්නම් උසාවි දානවා…”එහි හිටපු කිහිපදෙනාම මට එරෙහි විය. තනියෙන් හිටපු මම අසරණ වුයේය. ඔවුන් දිගටම එක එක දේවල් කියති. අනිත් හැමෝම කරනවා මෙන් මමද Phone එක ගෙන Record කරන්න පටන් ගත්තේය…”ඔය මොකද කරන්නේ..? Record කරනවා නේද..? මෙහෙට දෙනවා phone එක…””මට බැහැ…””දෙනවා phone එක…” කියමින් හැමෝම මගේ ඇගේ එල්ලුණේය. මට පොර බැඳීමට හැකියාවක් නැත. අනික phone එකක් ගැනීමට සල්ලිත් නැත. පසුව ඔවුන් එය උදුරා ගත්තේය…”එතකොට ඔයා ඇයි record කරන්නේ..?””මම මේකේ වැඩ කරන කෙනෙක්. මට අයිතිය තියෙනවා…””ඉතින් ඒකත් අසාධාරණයි නේද? මට වෙන දේනේ මම record කළේ…””ඒවා මේවා වැඩක් නැහැ. කොල්ලුපිටිය පොලිසියට එන්න කියන්න. Railway security එකටත් කියන්න. මෙයා දඩේ ගෙවන්නේ නැහැනේ…”ඒ අතර ඔවුන් කියන දේට මම උත්තර දෙයි. පැහැදිළි කරයි. ඒක ඔවුන් දැක්කේ වෙනස් ආකාරයකටය…”මට call එකක් ගන්න ඕනේ ඔෆිස් එකට. phone එක දෙනවද..?””දෙන්න බැහැ…””මේ වුණු සිද්දිය දැනුම් දෙන්න ඕනේ. මම පරක්කු වෙන්නේ ඇයි කියලා දැනුවත් කරන්න ඕනේ. නැත්නම් මගේ පඩිය කපනවා…””නැහැ දෙන්නේ නැහැ…””එහෙනම් මට මෙතන phone එකකින් call එකක් ගන්න දෙන්න…””නැහැ. එහෙම දෙන්නෙත් නැහැ ඔයාට…””ඉතින් ඔයාලා හරිම අසාධාරණයිනේ…””පොලිසිය එනකන් ඉන්න. video එක delete කරන්න ඕනේ…””ඉතින් ඔයාලා වැරැද්දක් කළේ නැත්නම් ඇයි බය වෙන්නේ video කළාට..?””ඒවා මේවා කියවන්න එපා…”පොලිසිය පැමිණෙයි… ඔවුන් විස්තරය කියයි…⁣”මෙයා මේ පරණ ටිකට් එකකින් ඇවිත්. දඩේ ගෙවන්න බැහැලු. ඒ මදිවට අපිත් එක්ක රණ්ඩු කරන්න එනවා…” කියමින් දොඩවයි…ඊට පසු මම…”Officer මම ටිකට් අරන් ආවේ. එයාලා මේක පරණයිලු. දිනේ වැදුණේ නැති එකත් දැන් මගේ වැරද්දක් ගාණට දාලා කතාකරනවා. CCTV ත් නැහැලු. මම හොරෙන් ආවනම් මෙතනට එන්නේ නැහැ. මාත් අනිත් අය වගේ තාප්පේ කැඩුණු තැනින් යනවා. මම හොරෙක් නම් මම ආයේ හවසට යන්න ටිකට් ගන්නේ මොකටද..?” කියමින් මම එම ටිකට් එකත් පෙන්නුවේය…පොලිසිය- “මේ ටිකට් එකත් අද එකක් නෙමෙයිනේ. මේක 03 වැනිදා එකක්…””නැහැ ඕක අපි දැන් දුන්නේ…””මේ බලන්න මේකේ 3 විතරයි වැදිලා තියෙන්නේ. 1 වැදිලා නැහැ. 31 කියලා කියන්නේ කොහොමද..? රත්මලානින් ආයෙත් මෙයාව අල්ලයිනේ මේකත් පරණයි කියලා…””නැහැ එතකොට සිරියල් නම්බර් බලන්න පුළුවන්…”ඒ සමඟම දුම්රියක් පැමිණ මිනිසුන් බැස යයි. කළින් කීවා මෙන්ම විශාල පිරිසක් තාප්පේ කැඩුණු තැනින් පිටවී යයි…පොලිසිය – “එතකොට අර යන මිනිස්සු චෙක් කරන්නේ නැද්ද..?”දු: ස්ථානාධිපති – “අපිට දැල් දාන්න වෙයි. හැමෝම බලන්න බැහැනේ…”පොලිසිය – “එතකොට මේ ඉන්නේ කට්ටිය. දෙන්නෙක් දැම්මනම් පුළුවන්නේ…”දු: ස්ථානාධිපති – “මෙයාලා ඉන්නේ ඇතුළේ වැඩ වලට…”පොලිසිය – “හොරෙන් යන අය ඔතනින් යනවා ඇති. මෙයත් එහෙම කෙනෙක් නම් මෙතනට එයි කියලා හිතන්න පුළුවන්ද..? අනික නැවත යන්න ටිකට් එකකුත් අරන් තියෙනවනේ…”දු: ස්ථානාධිපති – “ඔබතුමා දන්නේ නැහැ. මුන් හොරු. අහු වුණාම ඔහොම තමයි කියන්නේ…”ඒ සමඟ දුම්රිය ආරක්ෂක ඒකකයෙන් පැමිණෙයි. ඔවුන්ටද පෙර ලෙසම කතාව කියයි. මමද පැවසුවෙමි. ඔවුන්ට මගේ කතාව තේරුම් ගියත් කිරීමට දෙයක් නොමැත…”අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපේ වැඩේ උසාවි දාන එක විතරයි. ටිකට් එක පිටිපස්සේ අත්සන් කරන්න. දැන් අපිට ඔබතුමාව ගෙනියන්න වෙනවා මාංචු දාලා…””අනේ මම වැරද්දක් කළේ නැහැ. මාංචු දාන්නේ ඇයි..?””වැරද්දක් කරලා නැතත් ක්‍රමය මේකයි. නඩු ගාස්තු LAWYER ගාස්තු ගෙවනවාට වඩා දඩේ ගෙවන එක ලේසියි. කුඩුවේ තපින්න ඕනෙත් නැහැනේ…””මට ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ. රු: 3000/- මගේ දරුවන්ට කිරිපිටි අරන්දෙන්න පුළුවන්. පොත්පත් ගන්න පුළුවන්. වැරැද්දක් කරන්නේ නැතුව ඇයි මම දඬ ගෙවන්නේ..?””එහෙනම් උසාවි දාමු. යමු අපිත් එක්ක…”ඔවුන්ට කතාව තේරුණු නිසා මාංචු දැම්මේ නැත…ඔවුන්ගේ වාහනයට ගොඩවූ පසු මට හිතුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති සහ සේවකයින්ගේ අධ‍්‍යාපන මට්ටම් ගැනය. දේශපාලකයින්ගේ බත් බැලයින් මෙවැනි පොදු ස්ථානවල රැකියාවට දමන නිසා කොපමණ මිනිසුන් අසරණ වෙනවා ඇත්ද..? මෙවැනි දෙයක් පොඩි දරුවෙකුට වුවද තේරුම් ගත හැක. නමුත් ඔවුන් හැසුරුණේ වෙනස්ම ආකාරයකටය. මෙවැනි දෙයක් ගැහැණු ළමයෙකුට වූවානම් සියදිවි නසාගන්නවා නියතය. මා සිතින් මෙය විදෙව්වේය…”ඔතන හොරු අහුවෙනවා. ඒත් මේක එහෙමයි කියලා මට හිතෙන්නේ නැහැ. ඒත් අපිට තියෙන්නේ උසාවි දාන වැඩේ විතරයි. ඔයා වැරැද්දක් කළත් නොකළත්…” වාහනයේ සිටි නිලධාරියා පැවසුවේය…මම තවත් අසරණ විය…මා කොළඹ දුම්රිය ආරක්ෂක ස්ථානයට රැගෙන ගියේය…”මෙන්න මෙයාගේ විස්තර පුරවගන්න. ඒත් මම කියන්නේ මහත්තයා අතේ සල්ලි තියෙනවනම් විතරක් නඩු කියන්න. නඩු කිව්වොත් ඔයාට වාසියි. ඒත් සල්ලි නැත්නම් එහෙම යන්න එපා. ඔයා නිවැරදිකරු කිව්වත් කරන්නේ ඔයාව ලොකප් කරන එක. ඒක තේරුමක් නැහැ. අද උසාවි දැම්මොත් ඇපත් නැහැ. සිකුරාදා නිසා…”මම තවත් අසරණ විය…”සල්ලි නැත්නම් ඔෆිස් එකේ කෙනෙක්ට හරි එන්න කියන්න සල්ලි අරන්. අපි එතකන් ඉන්නම්. දඩේ ගෙව්වට පස්සේ දුම්රිය සාමාන්‍ය අධිකාරිට ඕක ගැන ලියන්න. සොයා බැලීමක් කළොත් ආපහු සල්ලි ලැබෙන්නත් පුළුවන්…”අසරණ වූ මම යාළුවෙකුට එන්න කියා දඩේ ගෙවා පැමිණියෙමි…”මාගේ වැරැද්ද සල්ලි ගෙවා ටිකට් එකක් ගෙන දුම්රියේ පැමිණීමයි. තාප්පේ කැඩුණු තැනින් අනිත් උන් වගේ හොරෙන් ගියානම් ඉවරයි නේද?” කියා මට සිතුණි…”දිනේ වැදිලා නොතිබීමත්, පරණ ටිකට් නිකුත් කර තිබීමත් යන වැරදිද මගේම විය. අපි ගෙවන බදු මුදල් වලින් පඩි ගන්නා මොවුන්ගේ ක්‍රියා කලාපය මෙහෙමද..? අවවාදයක් දී හෝ යවන්න හැකියාව තිබියදී ඔවුන් මෙසේ හැසිරුණේ මන්ද..?? ඔවුන් වැරැද්දක් නොකළානම් RECORD කිරීමට බය වුයේ ඇයි ?? මෙය ජාවාරමක්ද? ඔවුන් මෙවැනි ටිකට් ලඟ තබාගෙන අපි දෙන ඒවාට මාරු කර මෙසේ දඩ ගසනවා වෙන්න පුළුවන් නේද..? මෙවැනි දෙයකට ඔබත් ලක් විය හැක. හැකි සෑම ආකාරයෙන්ම ප්‍රවේසම් වන්න. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ මීළඟ ගොඳුර ඔබ විය හැක…””ඔබගේ සහෝදර සහෝදරියන් හිතවතුන් මේ ගැන දැනුවත් කරන්න. SHARE කරන්න. ඒක ලොකු පිනක් වෙයි මෙවැනි පුද්ගලයින්ගෙන් ආරක්ෂා වීමට..!”( Copied )ප.ලි.:- මම හිතන විදිහට මෙය කාලයක් තිස්සේ සිදුකරගෙන යමින් සිටින ජාවාරමකි. එය දෙවිදිහකට සිදුවිය හැකියි…1. ටිකට්පත් නිකුත් කරන කවුන්ටරයෙන් මුදල් ගෙන පරණ ටිකට්පත් නිකුත්කර එම මුදල් ඔවුන් ගන්නවා විය හැකියි. එය අසුවුවහොත් දුම්රිය මඟියා වරදකරු වෙයි. කෙසේ වෙතත් ටිකට් කවුන්ටරයේ සිටින නිලධාරියාට එය බිස්නස් එකකි…2. ටිකට්පත් චෙක්කරන පුද්ගලයාට ටිකට්පත අතේ ඇති පරණ ටිකට්පතකට මාරුකර එම වරද මඟියා පිට දමා දඬ ගැසීමද කළ හැකියි. එය ටිකට්පත් චෙක් කරන්නාට බිස්නස් එකකි…ඔබ, ඔබ අවට සිටින කිසිවෙකු හෝ විශ්වාස නොකිරීමට සහ ඔබ ඔබ ගැන වඩා සැලකිලිමත් වීමට සෑමවිටම වගබලාගන්න… රටම අරාජිකත්වයට පත්වෙමින් පවතින යුගයකි..By- Sameera Priyanka Muttettuwatta

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here