spot_img

අලුත් සහලින් දළදා පුදති

පුවත්

විදෙස්

පැරණි චාරිත්‍රාණුකූළව ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් ලෙස සැළකෙන අලුත් සහල් මංගල්‍ය්‍ය ඊයේ (28) දුරුතු පුර පසළොස්වක පොහෝ දා පැවැත්විණි. කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුව ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම පුරාණ චාරිත්‍රය පවත්වන ලදී.

පල්ලෙකැලේ වී අටුවෙන් රැගෙන ආ අලුත් සහලින් පිසූ කිරිබත් දළදා සමිඳුන් අභියස දී පූජා කරමින් මේ වසරේ අලුත් සහල් මංගල්‍යය මෙලෙස පැවැත්විණි. රටට සෞඛභාග්‍යය ද සශ්‍රීකත්වයක ද ප්‍රාර්ථනා කරමි්න සෑම වසරක ම පවත්වන ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය වාර්සික සතර මහා මංගල්‍යයන්ගෙන් පළමු මංගල්‍යය ලෙස සැළකේ.

‍ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාරව කටුයුතු කරන මහා සංඝරත්නය, දියවඩන නිලමේ තුමන්, කාරියකරවන කෝරාළ ඇතුළු සෙසු රාකාරි කරුවන් අතින් මේ පුරාතන චාරිත්‍රය මෙවරත් ඉටුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles