1.6 C
New York
Home Blog Page 27

හමුදාවේ සිටි 10,000ක් පොලිසියට

0

යුද හමුදා සේවයේ යෙදී සිට ඉන් නීත්‍යානුකූලව ඉවත් වූ 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

ඒ සඳහා බඳවාගනු ලබන්නේ මේ වනවිට වයස අවුරුදු 45ට අඩු අය බව ද දැනගන්නට ඇත.

තඹුත්තේගම පොලිස් අධිිකාරීය කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහනේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව කීවේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම පිරිස වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි.

-Advertisement-

ලෝකයේ ම අවදානය දිනූ මනුස්සකම “මැඩ්ලීන්”

0

“මැඩ්ලීන්” යනුවෙන් හැඳින්වෙන නෞකාව මේ වනවිට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මාතෘාවක් බවට පත්ව ඇත.

පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ඇතුළු විවිධ රටවල මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මාධ්‍යවේදීන් එක්ව මෙම යාත්‍රාවෙන් ගමන් ආරම්භ කර ඇත.

එහි ඉලක්කය වන්නේ ගාසා තීරයේ යුද ගැටුම්වලින් පීඩා විඳින ජනතාවට උපකාර කිරීමයි. මේ ගමනට දැනටමත් විවිධ තර්ජනය සහ බාධක එල්ල වෙමින් පවතී. කෙසේ වෙතත් ඊශ්‍රායල් ක්‍රියාකලාපයට එරෙහිව සාමකාමී විරෝධතාවක් සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ සංකේතයක් ලෙස සැළකේ.

“ගාසා නිදහස් ෆ්ලෝටිලා” (Gaza Freedom Flotilla) නමින් හැඳින්වෙන ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගේ එකමුතුවක් විසින් මෙම ගමන සංවිධානය කර ඇත.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට පනවා ඇති නාවික අවහිරය බිඳ දමා, එම ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා සංකේතයක් ලෙස මෙම ගමන සිදුවෙයි. එමගින් ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු කරවීම සහ පලස්තීන ජනතාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම එහි ක්‍රියාකාරීන්ගේ අරමුණයි.

මෙම නෞකාව මගින් ළදරු කිරිපිටි, වෛද්‍ය උපකරණ සහ ඖෂධ, ළමුන් සඳහා කෘතිම පාද, පිටි සහ සහල් වැනි වියළි ආහාර, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන රැගෙන යයි.

“මැඩ්ලීන්” යනු ඊශ්‍රායලයේ ක්‍රියාකලාපයට එරෙහිි සාමකාමී විරෝධතාවක් දක්වමින් පීඩාවට පත් ජනතාවක් වෙනුවෙන් පෙනී සිටින ආධාර රැගත් නෞකාවක් බැවින් මේ වනවිට එය ජාත්‍යන්තරයේ දැඩි අවදානයට ලක්ව ඇත.

-Advertisement-

බන්ධනාගාරයේ රැඳවූවන්ට නිදහස දුන්නේ කවුද ?

3

ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබාදෙන අවස්ථාවන්වල දී අනීතික ලෙස වෙනත් පුද්ගලයන් නිදහස් කිරීම දීර්ඝ කාලයක සිට සිදුකර ඇත්ද යන්න පිළිබඳ පරීක්සණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුව නිදහස් කරන ලද රැඳවූවන්ට අමතරව තවත් සිරකරුවන් කිහිප දෙනකුට බන්ධනාගාරය විසින් අනීතිකව නිදහස ලබා දී ඇති බවට පැමිණිල්ලක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගිය 06 වැනි දා අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තවදුරටත්, මීට අදාළ ලේඛණ පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමටද නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් ලබාදෙන පොදු සමාව භාවිතා කරමින් අනීතික ලෙස සිරකරුවන් පිරිසක් පසුගිය වෙසක් දිනයේ දී නිදස් කර ඇතැයි හෙළිදරව් වන බවයි.

මෙම කරුණු අනුව ඊට සම්බන්ධ යැයි සැක සහිත සියලු නිලධාරීන්ට ‍එරෙහිව විමර්ශන කටයුතු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බවත් මීට ඉහත දී ද එවැනි ආකාරයෙන් ම අනීතික ලෙස සිරකරුවන් නිදහස් කර ඇතැයි තොරතුරු හෙළිදරව් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත.

-Advertisement-

වැවක ගිලී සිව් දෙනකු මරුට

0

පොළොන්නරුවේ, අරලගංවිල ප්‍රදේහයේ ඇති බාලඇල්ල වැවේ දිය නෑමට ගිය සිව් දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මලානේ සිට පොළොන්නරුවට ගිය පිරිසකි. මියගිය පිරිිස අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව ‍දැනගන්නට ඇත.

-Advertisement-

පරීක්ෂා නොකර නිදහස් කරපු බහාලුම්වල තිබූ දේ ?

0

රේගුවෙන් නිදහස් කළ බව පවසන ප්‍රශ්නගත බහාලුම්වල නීති විරෝධී හෝ සැකකටයුතු හෝ කිසිවක් අඩංගුව නොතිබූ බවට තමන් විශ්වාස කරන්නේ යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

එම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බව ද ඔහු පවසයි.

හෙතෙම වැඩිදුර‍ටත් අදහස් දක්වමින් මෙසේ කීවේය.

ආනයනය කරපු මේ බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝධනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, දැව වගේ දේවල්. මේ බහාලුම් වැඩි ප්‍රමාණයක් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවලිනුත් මේ බහාලුම් ආනයනය කරලා තිබුණා.”

ඔහු පවසන්නේ මෙම බහාලුම් නිදහස් කිරීමේ දී ඒවා ආනයනය කරන ලද පුද්ගලයන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක් එහි අඩංගු වූවා යැයි රේගුව විශ්වාස කරන බවයි.

ඔවුන් මේ බහාලුම් නිදහස් කර ඇත්තෙත් ආනයන සටහන්වල අඩංගු ලේඛන පරීක්ෂා කිරීමෙන් පමණක් බව ද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය විය.

“ අපිට චෝදනා නගලා තිබුණා. ආයුද තියෙන්න පුළුවන් කියලා. නැත්නම් රත්‍රං තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා. ඉතිං අපි තෝරාගන්න මේ ක්‍රමවේද  අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නෑ කියන එක. කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් සිදුකරමින් යනවා. ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා විස්තර ලබා දීලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි විස්තර ලබා දීලා තියෙනවා ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ.”

ඒ වගේම මේ බහාලුම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදුවුණේ නෑ. ඒක මට බොහොම ස්ථීරවම කියන්න පුළුවන්.

මෙම ගැටලුව ඇති වී තිබෙන්නේ 2025 ජනවාරි මස 18 වැනි දා නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධයෙනි. ආනයන කරුවන් 180ක් විසින් රේගු සටහන් 234ක් ලැබී තිබූ අතර එමගින් බහාලුම් 309ක් නිදහස් කර ඇත. රේගුව පවසන්නේ බහාලුම් 371ක් තිබූ බවයි. එයින් 62ක් ම දත්ත පද්ධතිය මගින් ස්වයංක්‍රීයව නිදහස් වූ බවත් රේගුව පවසයි.

මාධ්‍ය සාකච්ඡාවේ දී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආනයනකරුවන් සම්බන්ධ සියලු විස්තර ඔවුන් සතුත බවයි. එම ආනයනකරුවන්ගේ නම්, ලිපිනය, සමාගමක් නම් ඒ සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ විස්තර මේවා නිශ්කාෂණය කළේ කවුද යන විස්තරත් ඇති බව හෙතෙම කීවේය.

එමෙන් ම අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ  පවසා සිටියේ පරීක්ෂා නොකර බහාලුම් නිදහස් කිරීම රේගුවට අලුත් දෙයක් නොවන බවයි. අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඒ අනුව පරීක්ෂා කළ යුතු සහ නොකරන දේ තෝරාගන්නා බවත් බහාලුම්වලින් 60%ක් පමණ පරීක්ෂා නොකර යවන බවත් හෙතෙම වැඩිදුරටත් කී‍වේය.

-Advertisement-

මාතර බන්ධනාගාරය, කොටවිලට ගෙන යාමේ සැළැස්මක්

0

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

මාතර බන්ධනාගාරයේ අඩු පාඩු පරීක්ෂා කිරීම සඳහා ඊයේ (07) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසු හෙතෙම මේ බව කියා සිටියේ ය.

එහි දී අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද කීවේය. “ මෙම බන්ධනාගාරයේ දැනට බන්ධනගාරයකට අවශ්‍ය කටයුතු සඳහා සුදුසු ඉඩකඩ නෑ. මේ නිසා රැඳවූවන්, කාර්ය මණ්ඩලය සහ සියලු නිලධාරීන් දැඩි අපහසුතාවකට ටපත්ව සිටිනවා. මෙයට විසඳුමක් ලෙස මාතර බන්ධනාගාරය ඉක්මණින් කොටවිල ප්‍රදේශයට ගෙන යාමට කටයුතු කරනවා. නව අධිකරණය තියෙන්නෙත් කොටවිල ප්‍රදේශයේ. එහි බන්ධනාගාරය සඳහා ඉඩමක් වෙන්කර තිබෙනවා. දැනට තිබෙන බන්ධනාගාරය ඓතිහාසික වටිනාකමක් සහිත භූමියක් බවට පත්කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළා.”

-Advertisement-

“ආණ්ඩුව, හොර වැඩ කරනවා” – ගුරු සංගම්වලින් චෝදනා

0

සුදුසුකම් නොමැති පුද්ගලයන්ට ගුරු සේවයේ ඉහළට ම පැමිණීම සඳහා වත්මන් රජය හොර මාර්ගයක් විවෘත කර දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමටත්, අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමටත් එරෙහිව කටයුතු කළ අගමැති සහ අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රමුඛ රජය දැන් තම ප්‍රතිපත්ති අමතක කරමින් ඇති බවයි.

මේ වනවිට අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සිදුකරන අතර දැනටමත් බස්නාහිර පළාතේ 210කට අධ්‍යාපන සේවයේ 2-ii ට අන්තර්ග්‍රහණය කරමින් පත්වීම් ලබා දී තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මෙසේ කීවේය.

“අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමේ දී රජය පුද්ලික විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිය ලබාගත්තා යැයි කියන අයටත් පත්වීම් දීලා. රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිය කියන්නේ වසර 04ක උපාධියක්. එයට ප්‍රායෝගික ගුරු පුහුණුවක් ද අදාළයි. නමුත් කිසිම ප්‍රමිතියක් නැති උපාධි පිරිනමන් පුද්ගලික ආයතනවලින් විශ්වවිද්‍යාල කියලා ලේබල් කරගෙන අධ්‍යාපනවේදී උපාධි පිරිනමනවා. ඒවා අවුරුදු 04ක උපාධි නෙවෙයි. ප්‍රායෝගික පුුහුණුවක් නෑ. පුද්ගලික විශ්වවිද්‍යාවලින් අධ්‍යාපනවේදී කියාගෙන උපාධි අරගෙන එන අයත් ගුරු සේවයේ ඉහළම තැනක් වන 2-ii ට අන්තර්ග්‍රහණය කරනවා. සාමාන්‍ය උපාධිධාරියකු බඳවාගන්නේ ගුරු සේවයේ 3-I ට. මේ පත්වීම් දීපු ගුරුවරු ගැන අපි සොයා බැලුවා. රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනවේදී උපාධිය හදාරන්න නම් උසස් පෙළ  Z-score එක ඉහළ මට්ටමක තියෙන්න ඕන. නමුත් මේ පත්වීම් ලැබූ පුද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ගත්තු ඇතැම් අයට තියෙන්න් උසස් පෙළ වැඩ දෙකක් පමණයි. ඇතැම් පුද්ගලික විශ්වවිද්‍යාලවල නමවත් දන්නේ නෑ. මේ අය ඇවිත් තියෙන්නේ වැරදි පාරේ. මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනා විරෝධය දක්වනවා. ඒ පත්වීම් ලබාදීපු අය ගැන රජය වහාම තීරණයක් ගන්න ඕනෑ.

ලංකා ගුරු සංගමයේ ගාල්ල දිසා ලේකම් කැලුම් ද සිල්වා මෙසේ කීවේය.

“දකුණු පළාතෙත් මේ විදියටම වැරදි සහගත ලෙස බඳවාගැනීම් කළා. පුද්ගලික විශ්වවිද්‍යාලවලින් පිරිනමන අධ්‍යාපනවේදී උපාධි පිළිබඳ අපි සොයා බැලුවා. ඇතැම් විශ්වවිද්‍යාලවලින් රුපියල් 500,000.00ක් දුන්නාම අධ්‍යපනවේදී උපාධි සහතිකය ගන්න පුළුවන්. ගුරු පුහුණුවක් තියා දේශනවත් තියන්නේ නෑ. ඔක්කෝම ඔන්ලයින්. මාස 06න් අවුරුද්දෙන් අධ්‍යාපනවේදී උපාධිය දෙන තැන් තියෙනවා. ඉතින් මේවා‍යින් උපාධිය ගත්තා කියලා එන අය ගුරුසේවයේ ඉහළට බඳවාගත්තාම රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන්නේ බලවත් විනාශයක්.”

ලංකා ගුරු සංගමය පවසන්නේ දැනට දින කිහිපයකට පෙර ලබාදුන් මෙම පත්වීම් අත්හිටුවා ඔවුන්ගේ සුදුසුකම් නිශ්චිතව සොයා බලා ගුරු සේවයේ සුදුසු ශ්‍රේණියකට අන්තර්ග්‍රහණය කළ යුතු බවයි.

“අගමැති සහ අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය විපක්ෂය නියෝජනය කරන කාල‍යේ අපිත් එක්ක එකතුවෙලා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගන්නත්, අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම නවත්වන්නත් කටයුතු කළා. නමුත් ඇයට අද වනවිට ඒ සියල්ල අමතක වෙලා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවම වශයෙන් මේ සඳහා නිර්ණායකවත් හදලා නෑ. මේ වැරදි වැඩේ නැවත්විය යුතුයි. ගුරු සේවයේ ඉහළ ශ්‍රේණියකට එන්න ආණ්ඩුව ඇරලා තියෙන හොර පාර වහාම වසා දැමිය යුතුයි. රටේ අනාගතය වෙනුවෙන් මේ උත්සාහය පරාජය කළ යුතුයි.” යනුවෙන් ද ස්ටාර්ලින් වැඩිදුරටත් කීවේය.

-Advertisement-

සිරකරුවකුට ජනාධිපති සමාව දීම ගැන පරස්පර විරෝධී කතා දෙකක්

0

බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයකු වෙසක් පොහොයට සමගාමීව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදන නිකුත්කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අතුල තිලකරත්න නම් සිරකරු නිදහස් කරන ලද්දේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීමහේතුවෙන් ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන්න යැයි අධිකරණය විසින් නියම කිරීම හේතුවෙන් බවයි.

දඩ මුදල නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිත සිර රදඬුවම් නියමකිරීමට මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබිණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පසුගිය වෙසක් පොහොය යෙදී තිබුණු 12 වැනි දා පොදු සමාව ලබාදීමේ කොන්දේසිවලට මැයි මස 05 වැනි දින වනවිට බන්ධනාගාරගතව සිටි රැඳවියන් අදාළ වන බවයි.

එබැවින් මෙම සමාව පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන සිදුකරන ලද්දක් නොව පොදු සමාවක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයකු නිදහස් කිරීම සම්බන්ධයෙන් බලවත් අක්‍රමිකතාවක් ඇතැයි යනුවෙන් සිදුකෙරෙන සමාජ මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයේන ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවී ඇත. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වෙයි.

කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාමලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මෙම සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවද එම නිවේදනයේ දක්වා ඇත.

-Advertisement-

ජුනි 10 සිට කාළගුණයේ වෙනසක්, අවධානයෙන් සිටින්නැයි කියයි

0

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජුනි 10 වන දින සිට දිවයින හරහා නිරිතදිග මෝසම ශක්තිමත් වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණික තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

තවද, දිවයින හරහා සහ දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන අනාගත අනාවැකි සහ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

-Advertisement-

ශ්‍රී ලන්කන් යානයක් හදිසියේ ඉන්දුනීසියාවට ගොඩ බස්වයි

0

ඊයේ(05) සවස කටුනායක සිට සිංගප්පූරුව බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 306 ගුවන් යානය හදිසියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ මේදාන් හි ක්වාලා නාමු ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් පවසා ඇත්තේ අලුත්වැඩියා කටයුතු සඳහා දීර්ඝ කාලයක් ගතවන බවයි. ඒ අනුව ගුවන්යානයේ අලුත්වැඩියා කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික කණ්ඩායමක් අද (06) අලුයම ජකර්තා බලා පිටත්ව ගොස් තිබේ.

යානයේ මගීන් බස්සවා ඔවුන් ගුවන් තොටුපලේ කුඩා ක‍ාමරයක රැඳී සිටීමට ඉඩ ලබාදී ඇති අතර පසුව ශ්‍රී ලාංකික මගීන් පමණක් ගුවන්තොටුපල අසල හෝටලයක් වෙත යොමුකර තිබිණි. යානයේ සිටි ඉන්දීය මගීන් පිරිසක් මේ හේතුවෙන් නොසන්සුන් වී ඇති අතර ඔවුන් තමන්ට සිදුවූ අපහසුතා සම්බන්දව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ බලධාරීන්ට පැමිනිලිකර ඇතැයි ද වාර්තා වේ.

අතරමං වූ මගීන් ඔවුන්ගේ ගමනාන්තයට ප්‍රවාහනය කිරීම සඳහා යානයක් යැවීමට අවසර දීමට ඉන්දුනීසියානු බලධාරීන් කල්ගැනීම හේතුවෙන් මගීන් තවදුරටත් නොසන්සුන් වූහ. කෙසේවුවද පසුව වාර්තා වූයේ මගීන් ගෙන ඒම සඳහා අද සවස ‍ගුවන් යානයක් පිටත්ව යන බවයි.

-Advertisement-