මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
මාතර බන්ධනාගාරයේ අඩු පාඩු පරීක්ෂා කිරීම සඳහා ඊයේ (07) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසු හෙතෙම මේ බව කියා සිටියේ ය.
එහි දී අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද කීවේය. “ මෙම බන්ධනාගාරයේ දැනට බන්ධනගාරයකට අවශ්‍ය කටයුතු සඳහා සුදුසු ඉඩකඩ නෑ. මේ නිසා රැඳවූවන්, කාර්ය මණ්ඩලය සහ සියලු නිලධාරීන් දැඩි අපහසුතාවකට ටපත්ව සිටිනවා. මෙයට විසඳුමක් ලෙස මාතර බන්ධනාගාරය ඉක්මණින් කොටවිල ප්‍රදේශයට ගෙන යාමට කටයුතු කරනවා. නව අධිකරණය තියෙන්නෙත් කොටවිල ප්‍රදේශයේ. එහි බන්ධනාගාරය සඳහා ඉඩමක් වෙන්කර තිබෙනවා. දැනට තිබෙන බන්ධනාගාරය ඓතිහාසික වටිනාකමක් සහිත භූමියක් බවට පත්කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළා.”