-0.8 C
New York
Home Blog Page 1318

මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරී ඇරඹේ

0

තාවකාලිකව වසා දමා තිබූ මිනුවන්ගොඩ පොලිසිය අද (09) සවස 2.00 සිට යළි විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම පොලිසියේ ආපනශාලාව පත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමත් සමග පොලිස් නිලධාරීන්ගේ පීසීආර් පරීක්ෂණ පවත්වා ඔවුන් නිරෝධායනයට යොමුකර පොලිසිය ඊයේ (08) දහවල් තාවකාලිකව වසා දැමිණි.

පසුව පොලිසියේ සියලු ගොඩනැගිලි හා උපකරණ විෂබීජහරණය කර මෙලෙස මහජන සේවා සඳහා විවෘතකරන ලදී. අවට පොලිස් ස්ථානවලින් හා පොලිස් අභ්‍යාස ආයතනවලින් කැඳවූ නිලධාරීන් 80ක පමණ පිරිසක් යොදවා මිනුවන්ගොඩ පොලිසිය යළි විවෘත කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නිරෝධායනයට යොමුකර සිටින බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

-Advertisement-

මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි

0

මධ්‍යම තැපැල් හුවමාරුව ඔක්තෝබර් මස 17 වැනි දින දක්වා පාරිභෝගික සේවා සඳහා වසා දැමීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් සේවා ඔක්තෝබර් 17 දක්වා අත්හිටුවන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

-Advertisement-

හලාවත උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

0

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම ශිෂ්‍යයා ආරච්චිකට්ටුවේ පදිංචිකරුවෙකි. ඔහුට කොරෝනා ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත. මෙම සිසුවා පසුගිය දිනවල ගම්පහ නගරයේ පැවැත්වෙන උපකාරක පන්ති කිහිපයකට ම සහභාගී වූ බව ද අනාවරණය වී තිබේ.

හලාවත රෝහලට ඇතුලත් කර සිටි මෙම සිසුවාගේ පවුලේ සාමාජිකයන් හා ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ අසල්වාසීන් ද නිරෝධානයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

-Advertisement-

අගරදගුරු නිවසටත් කොරෝනා රිංගයි ?

0

මන්නාරම අගරදරගුරු නිල නිවසේ පුද්ගලයන් 32කගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වූ බව මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇත්තේ අගරදගුරු නිල නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා හලාවත සිට පැමිණි පෙදරේරුවකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීම හේතුවෙනි.

අද (09) දින පීසීආර් පරීක්ෂණයට ලක්කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වී සිටින ලෙස උපදෙස් දී තිබේ..

-Advertisement-

හලාවත ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ගිහින්

0

හලාවත පදිංචි කොරෝනා ආසාදිත පුද්ගලයකු පසුගිය සැප්තැම්බර් 23 වැනි දා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම පුද්ගලයා හලාවත අඹකඳන්විල පදිංචි 36 හැවිරිදි තැනැත්තෙකි. රෝගීවීමෙන් පසු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගත් මෙම පුද්ගලයාගේ පීසීආර් පරීක්ෂණය සිදුකර ඇත්තේ පසුගිය 06 වැනි දා ය. 23 වැනි දින ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඔහු සහභාගීවන අවස්ථාව වනවිට කොරෝනා ආසාදනය වී තිබුණේ නම් කොරෝනා පැතිරීමේ දැඩි අවදානම් තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

එදින කොළඹ බස් නැවතුම් පොළේ රැඳී සිටි බවත් පසුව සැප්තැම්බර් 30 වැනි දා නුවරඑළිය දක්වා ගොස් ඇති බව ද අනාවරණය වී තිබේ.

-Advertisement-

වස් පිංකම් සෞඛ්‍ය නිර්දේශ අනුව පමණයි.

0

රට පුරා කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින බැවින් බෞද්ධ විහාරස්ථානවල පැවැත්වෙන වස් පිංකම් ඇතුළු සියලුම ආගමික උත්සව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව පැවැත්විය යුතු යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

බෞද්ධ ජනතාවගේ ප්‍රධාන පිංකමක් වූ වාර්ෂික කඨින මහෝත්සව මේ දිනවල සියලු විහාරස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක වන බැවින් ප්‍රධාන සංස්කෘතික අංගයක් වූ ඒවා නතර කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියයේ.

කොමසාරිස් ජනරාල් කාරියප්පෙරුම මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

” භික්ෂූන් වහන්සේලා වස් වාසය කිරීම වගේම වස් පිංකම් පැවැත්වීම බෞද්ධ ජනතාවගේ ප්‍රධාන පූජෝත්සවයක් වනවා. ඔවුන් මාස කිහිපයක සිට මේ සඳහා සූදානම් වනවා. මහත්ඵල මහානිශංස තිබෙන පිංකමක් ලෙස සැළකෙන කඨින චීවර පූජා ආදිය පැවැත්වීම බෞද්ධ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක්. නමුත් කොරෝනා පැතිරීමේ අවධානම නිසා අපි ඒ ගැනත් අවධානය යොමු කළ යුතුයි. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. වස් පිංකම් ඇතුළු සියලුම ආගමික උත්සව පැවැත්වීමේ දී මේ නිර්දේශ අනුගමනය කරන්න කියා අපි විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලාගෙන සහ ‍සමස්ථ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

කාරියප්පෙරුම මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ අනුව සියලුම ආගමික උත්සවවල දී අවම පිරිසක් සහභාගී විය යුතු බවයි. මෙලෙස සහභාගීවන පිරිස තීරණ කිරීමේ වගකීම අදාල විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා සහ දායක සභාව සතුවන බව ද ඒ සඳහා සීමාවක් පනවා නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

සියලු අවස්ථාවන්හි දී සමාජ දුරස්ථ භාවය තබාගැනීම, අත් සෝදා පිරිසිදුව සිටීම, මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන බව ද හෙතෙම පවසයි. මේ වනවිට සූදානම් කර ඇති ආගමික උත්සව අවම පිරිසක් සහභාගී කර අදාල නිර්දේශ අනුව පැවැත්වීම සුදුසු බවත් ඉදිරියේ දී මේ තත්ත්වයේ වෙනසක් ඇතිවන්නේ නම් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන නිර්නායක අනුව කටයුතු කිරීම සුදුසු බව ද බෞද්ද කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කඨින චීවරය වැඩමවීම පෙරහැරකින් සිදුකිරීම සාමාන්‍ය ක්‍රමය බවයි. කෙසේ වෙතත් කඨින පෙරහැර පැවැත්වීමේ දී ද සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවත් අවම පිරිසක් සහභාගී කරගෙන එය සිදුකිරීම සුදුසු බවත් ඒ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

-Advertisement-

කටුනායක කම්හලක සේවිකාවකටත් කොරෝනා

0

කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලක සේවය කරන සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඇය සේවය කරන ඇඟළුම් කර්මාන්තශාලාවේ සෙසු සේවක සේවිකාවන් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇත. මෙම සේවිකාව සීදූවේ පදිංචිකාරියකි.

-Advertisement-

කොග්ගල ඇඟළුම් සේවිකාවන් 12ක් කරාපිටිය රෝහලට

1

කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 12 දෙනකු ඇතුළු 13 දෙනකු අද (09) උදෑසන රෝහල්ගත කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.

කොග්ගල නිහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හල වෙත ඔවුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථය උණවටුනේ දී බස් රථයක ගැටීමෙන් තුවලා ලබා මෙලෙස රෝහල්ගත කර තිබේ. වෑන් රථයේ රියදුරා ද බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර සිටියි.

පොලිසිය පවසන්නේ කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් උණවටුන හන්දියේ නතර කළ අවස්ථාවේ පිටුපසින් පැමිණි වෑන් රථය ‍බසයේ ගැටී ඇති බවයි.

හබරාදුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බවත්වයි.

-Advertisement-

දරුවාගේ සැත්කමට යාමට සිටි පියාට කොරෝනා

0

ඉන්දියාවේ සැත්කමක් සඳහා යොමුකිරීමට නියමිතව සිටි දරුවකුගේ පියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රිජ්වේ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම දරුවා දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. දරුවා සහ දෙමාපියන් ඉන්දියාවට යාමට පෙර මෙම පීසීආර් පරීක්ෂණය සිදුකර තිබේ.

-Advertisement-

රිජ්වේ රෝහලේ මාස 10ක දරුවකුට කොරෝනා

0

උණ රෝගයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි මාස 10ක් වයසැති දරුවකුට කො‍විඩ් – 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව එම දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

-Advertisement-