මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරී ඇරඹේ

0
46

තාවකාලිකව වසා දමා තිබූ මිනුවන්ගොඩ පොලිසිය අද (09) සවස 2.00 සිට යළි විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම පොලිසියේ ආපනශාලාව පත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමත් සමග පොලිස් නිලධාරීන්ගේ පීසීආර් පරීක්ෂණ පවත්වා ඔවුන් නිරෝධායනයට යොමුකර පොලිසිය ඊයේ (08) දහවල් තාවකාලිකව වසා දැමිණි.

පසුව පොලිසියේ සියලු ගොඩනැගිලි හා උපකරණ විෂබීජහරණය කර මෙලෙස මහජන සේවා සඳහා විවෘතකරන ලදී. අවට පොලිස් ස්ථානවලින් හා පොලිස් අභ්‍යාස ආයතනවලින් කැඳවූ නිලධාරීන් 80ක පමණ පිරිසක් යොදවා මිනුවන්ගොඩ පොලිසිය යළි විවෘත කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නිරෝධායනයට යොමුකර සිටින බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here