-0.6 C
New York
Home Blog Page 1314

වෛද්‍ය ජයරුවන් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අද (12) සිට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පත්කර ඇත. ඒ මහතා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධයක්ෂවරයා ලෙස කටයුතු කළේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (12) පැවැති මාද්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

මාධ්‍ය හමුවේ දී වෛද්‍යවරයා කියා සිටියේ ඊයේ (11) දිනයේ දී පමණක් ඔහු දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ 6482ක් සිදුකර ඇති බවයි.

-Advertisement-

බ්‍රැන්ඩික්ස් පොකුරේ සුලමුල

0

“මත්තලට ඉන්දියාවෙන් ගුවන් යානයක් ආවා” – සමාජ ජාල

”ගුවන් යානා තුනක්ම ආවා. ආපු අය නිරෝධායනය කළා” – බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය

”ඉන්දියාවෙන් ගෙන්නපු කවුරුවත් නිරෝධායනය කළේ නෑ” – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

” අපේ අයට කලින් ඉදලාම අසනීප තිබුණා. නිවාඩු දුන්නෙත් නෑ” – ආසාදිත කාන්තාවක්

”අසනීප තිබුණානම් අපි නිවාඩු දුන්නා. කවුරුවත් රෝග ලක්ෂණ පෙන්නුවේ නෑ” -බ්‍රැන්ඩික්ස් ආයතනය

(බ්‍රැන්ඩික්ස් පොකුර යන නම භාවිතයට මෙම ලේඛකයා එකඟ නොවන අතර අපගේ rata.lk වෙබ් අඩවිය ද එම නම භාවිතයට එකඟ වන්නේ නැත. එසේ වුව ද සමාජය හඳුන්වන නම මේ මොහොතේ භාවිතා කරන්නේ අදාල ආයතනය පාර්ශවයෙන් ද අදහස් දැක්වීම මෙහි අන්තර්ගත වන බැවිනි. මින් පෙර ද මින් මතුවට ද අප ඒ නම භාවිතා නොකරන්නෙමු.)

කොරෝනා වසංගතය මුළු ලෝකයම වෙලා ගනිද්දී ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මිය යද්දී අපට ඒ ගැන වගේ වගක් තිබුණේ නැත. සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබිණි.

කොරෝනා හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම බොහෝ දෙනෙකුට දැනුන ද කොරෝනා වයිරසය ගැන බියක් තිබුණේ නැත.

නමුත් ඔක‍්තෝබර් 04 වැනි ඉරිදා උදෑසන සියල්ල කණ පිට පෙරැළිනි. මේ සටහන ලියන මා එදින උදෑසන නිවසින් කොළඹ බලා යාමට පිටත්වූ බසයේත් අධිවේගී මාර්ග බසයෙත් මුඛ ආවරණයක්බ පැළඳ සිටියේ මා පමණි.

නමුත් මා ආපසු සවස නිවස ට එද්දී දකින දකින සැවොම තම කට වැසෙන්නට යළි ආවරණ පැළඳ සිටියහ. ජන සමාජය මොහොතකින් යළි ආරක්ෂිත පියවර අනුගමනය කරන්නට පටන්ගෙන තිබිණි. දැන් සෑම දෙනකුගේම ගැටලුව වී ඇත්තේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූයේ කෙසේ ද යන්නයි.

එය කොයි කවුරුත් දන්නේ පරිදි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවෙන් ආරම්භ වූ බවයි. එහි සත්‍යතාවක් ඇත්දැයි අප දන්නේ නැත. කිසිවෙකුත් ඒ ගැන නිශ්චිත පරීක්සණයක් කර නැතත් වර්තමානයේ කොරෝනා දෙවැනි රැල්ල යනුවෙන් හඳුන්වන වත්මන් රෝගීන් හමුවීම හඳුන්වන්නේ බ්‍රැන්ඩික්ස් පොකුර යනුවෙනි.

නමුත් අප සමාජය තුළ කොරෝනා ‍වයිරසය තිබෙන බවත් එය කොතැනින් හෝ යළි මතුවිය හැකි බවත් වෛද්‍යවරු, වෛද්‍ය සංගම් පමණක් නොව වසංගත රෝග විද්‍යාව පිළිබඳ විශේෂඥයෝ ද සති ගණනක සිට අනතුරු ඇඟවූහ. එසේ වුව ද අපට ඒ ගැන තැකීමක් තිබුණේ නැත.

දැන් සියලු දෝෂාරෝපණ එල්ලවන්නේ බ්‍රැන්ඩික්ස් සමාගමටය. මේ ලිපියේ අරමුණ වන්නේ බ්‍රැන්ඩික්ස් පොකුර ලෙස වර්තමානයේ හඳුන්වන කොරෝනා ආසාදිත සමූහයේ යථාර්ථය හැකිතාක් හෙළිදරව් කිරීමයි.

යූඑල් 1159 දරණ ගුවන් යානයකින් ඉන්දියාවේ විශාකාපට්නම් සිට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉන්දියාවේ සිට පුද්ගලයන් 60 දෙනකු ගෙන්වා ඇති බවට රාවයක් පැතිර ගියේය.

එලෙස පැමිණි පුද්ගලයන් නිසි පරිදි නිරෝධායනයට ලක් නොවී මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ විවිධ කටයුතු සදහා පැමිණි බව ද එම තොරතුරුවල සඳහන්ව තිබිණි. බොහෝ දෙනකුගේ අදහස වූයේ මෙලෙස ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයන් හේතුවෙන් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට කොරෝනා වසංගතය ඇතුළුවන්නට ඇති බවයි.

මේ පිළිබඳ සොයා බැලිමේ දී මෙවැනි ගුවන් යානයක් පැමිණි බවත් එම යානයේ පැමිණි පිරිස ෂෙරටන් හෝටලයේ නිරෝධායනයට යොමු කළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කියා සිටියේය. සැප්තැම්බර් 22 දා ඉන්දියානුවේ සිට පිරිසක් පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන පී.කන්දිපන් මහතා ද තහවුරු කර තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී සහ වැඩ බලන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉන්දියානුවන් සේවය කළා කියන පුවත අසත්‍යයක් බවයි.

කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලන අධිකාරිය කියා සිටියේ ගුවන් යානා එකක් නොව ගුවන් යානා තුනකින් ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය මෙරටට ගෙන්වාගත් බවයි. ඔවුන් සියලු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධායනයට යොමුකළ බවත් එම නිරෝධායන කාලය දින 14ක් හා නිවසේ දින 14ක් වශයෙන් දින 28ක් බවත් බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය පවසයි. එම සම්පූර්ණ නිරෝධායන කාලයම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ සිදුවූ බව ද ඔවුහු කියති.

යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන්නේ නම් එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීම සාමාන්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්තියයි. මේ පිළිබඳ ඩේලිමිරර් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනය ප්‍රකාශ කරන පරිදි ඉන්දියාවෙන් පැමිණි කිසිම පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යටතේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වී නොමැති බවයි. ඉන්දියාවෙන් පැමිණි බව බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලන අධිකාරිය විසින් ම පවසන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට මත්තල ගුවන්ත‍ොටුපොළ හා ශ්‍රී ලංකන් ගුවන් සේවය අමතා ඩේලිමිරර් පුවත්පත උත්සාහ ගෙන තිබුණ ද එම ආයත විසින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.

එමෙන් ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් පුද්ගලයන් පවසන පරිදි ඉන්දියාවෙන් ගෙන ආ රෙදිපිළි මෙරට කර්මාන්තශාලාවල අමුද්‍රව්‍ය ලෙස භාවිතා නොකළ බවයි. තව ද ඉන්දියාවෙන් ඇණවුම් භාර නොගත් බව ද ඉන්දියාවේ සිට පැමිණියේ ශ්‍රී ලාංකික සේවකයන් හැර ඉන්දියානුවන් නොවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

බ්‍රැන්ඩික්ස් ආයතනය යනු ශ්‍රී ලාංකීය ඇඟළුම් නිෂ්පාදන ආයතනයකි. 1969 වර්ෂ‍යේ දී ආරම්භ වන මේ ආයතනය ඇඟළුම් ‍ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1972 වර්ෂ‍යේ දී සීදූවේ ඇඟළුම් ආයතනයක් ස්ථාපිත කරමින්. එතැන් පටන් මෙරට ප්‍රමුඛ පෙලේ ඇඟළුම් ආයතනයක් බවට පත්වන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කර්මාන්තශාලා 23ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති අතර ඒවායේ සේවක සේවිකාවෝ 53,000ක් පමණ රැකියාවල නිරතවෙති. ඊට අමතරව ඉන්දියාවේ කර්මාන්තශාලා 04ක් හා බංග්ලාදේශයේ කර්මාන්තශාලාවක් ද බ්‍රැන්ඩික්ස් සමූහයට හිමියි.

11 වැනි ඉරිදා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී සඳුන් ගමගේ සමඟ සාකච්ඡාවකට එක්වන බ්‍රැන්ඩික්ස් සමූහයේ පාලන අධිකාරිය පවසන්නේ ඉන්දියාවෙන් පැමිණි සේවකයන් කිසිවෙකුත් පසුගිය කාලයේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාව හා සම්බන්ධ නොවූ බවයි. එමෙන්ම කොරෝනා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පටන් මේ දක්වාම සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තම සියලු කර්මාන්තශාලාවල අනුගමනය කළ බව ද ඔවුන් පවසා තිබේ.

ඔවුන් පවසන්නේ මාර්තු මාසයේ කො‍රෝනා වසංගත තත්ත්වය හේතුුවෙන් කර්මාතශාලා සියල්ල වසා දමා පසුව ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත්වෙද්දී විවෘත කළ බවයි. 53,000ක් වූ සේවකයන් අතරින් සේවකයන් 35,000ක් ඔක්තෝබර් මාසයේ මුල් සතිය දක්වා සේවයේ යොදවා තිබූ වව ද ඔවුහු කියති.

මේ කාලයේ දී නිෂ්පාදනය කළේ අත්‍යාවශ්‍ය ඇණවුම් පමණක් බවත් ඉන්දියාවෙන් ඇණවුම් ලබා නොගත් බවත්, ඇමෙරිකාවෙන් ලැබුණු මුඛ ආවරණ මැසීමේ රුපියල් මිලියන 200ක පමණ ඇණවුමක් භාරගෙන නිෂ්පාදන කටයුතු කළ බව ද සමාගම පවසයි.

කොරෝනා ආසාදනය වූ බවට මුළින්ම හඳුනාගත් දිවුලපිටියේ පදිංචි කාන්තාව (ඇතැම් මාධ්‍යයන්හි ඇගේ නම සහ ඡායාරූප මෙන්ම පෞද්ගලික විස්තර ද සඳහන්ව ඇතත් කොරෝනා සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේ ආචාරධර්ම අනුව අපි එම තොරතුරු සඳහන් කරන්නේ නැත.) මෙවන් කතාවකි.

” මම සේවය කරන්නේ සීඑම් – 23 කියන අංශයේ. එතැන මහන්නේ ඉන්දියාවට යන ඇණවුමක්. මම හරියටම දන්නේ නැහැ ඉන්දියාවෙන් කට්ටිය ආවාද කියලා. විවිද අය විවිද දේ කියනවා. කට්ටිය ඇවිත් ඇවිත් යනවා. ඒ අය අපිත් එක්ක කතා කරන්නේ නැහැ ලොකු අය එක්ක තමයි කතා කරන්නේ. ඒ අය එන්නේ සාම්පල් බලන්න. ඉන්දියාවේ අයද කියලා දන්නේ නැහැ. මගේ ලයින් එකේ සාම්පල් පවා ඒ අය බැලුවා. ඇදුම් බලලා අඩුපාඩු පෙන්වලා තව වෙන්න ඕනෑ දේවල් කියනවා. පහුගිය මාසේ 17 හෝ 18 වගේ දවස්වල ඇවිත් බැලුවා.”

ඇය පවසන්නේ ඇය රෝගාතුර වූයේ සැප්තැම්බර් මස 28 වැනි දිනයේ දී බවයි.

”28 වැනිදා මට ඔළුව කැක්කුමක් හැදුනා. මම සික් රූම් එකේ විවේක ගත්තා. මම ලෙඩවෙන්න ඉස්සෙල්ලා අපේ කොටසේ උණ හැදුණු අය ගොඩක් හිටියා. හෙම්බිරිස්සාව කැස්ස වගේ හැදුණු අයත් හිටියා. අපි හැමෝටම ආයතනයෙන් ම බෙහෙත් ගන්න පුළුවන්. අපි බෙහෙත් ගන්න ගියාම කිව්වා වයිරස් උණක් තියෙනවා කඒක තමයි හැදිලා තියෙන්නේ කියලා. මමත් බෙහෙත් අරගෙන වැඩ කළා. 30 වැනි දා උදේ මට පපුවේ කැක්කුමක් ආවා. කලන්තේ ගතියකුත් ආවා. ළමයි දෙන්නේක මාව සික් රූම් එකට අරන් ගියා. මට සිහිය අඩු වුණා වගේ මගේ පපුව රිදෙනවා කියලා මම කිව්වා. ඒ වෙලාවේ නර්ස් කෙනෙක් ඇවිත් ප්‍රතිකාර කළා. ගැස්ටි්‍රික් වෙන්න ඇති කිව්වා. පස්සේ උගුර කට රිදෙන්න ගත්තා. පස්සේ මාව රොහලට අරන් යන්න කිව්වාම ගම්පහ රෝහලට අරගෙන ගියා. පස්සේ මගේ ගෙදරින් ආවා.”

ඇය පවසන්නේ ගම්පහ රොහලේ දී ඇයට ඉතාමත් හොඳ ප්‍රතිකාර ලැබුණු බවයි. 01 වැනි දා පීසීආර් පරීක්ෂණක් කළ බවත් දෙවැනි දා නිවසට පැමිණි බවත් ඇය පවසන්නීය. 03 වැනි දා සවස ඇයට දැනගන්නට ලැබී ඇත්තේ තමන් කොරෝනා ආසාදිතයකු බවට පත්ව ඇති බවයි.

මෙතැන් සිට සියල්ල වෙනස්වීමට ගත වූයේ සුළු මොහොතකි. දිවුලපිටියේ කාන්තවකට කොරොනා වැළඳී ඇති බවත් ඇය ඇඟළුම් සේවිකාවක බවත් පැතිරයන්ටන විය. ඒ සමගම ඇගේ චරිතය පවා ඝාතනය කරමින් විවිධ පිරිසි කතා පැතිරවුව ද ඇගේ සැමියා පවා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි. මේ කටකතාවලට හේතුවූයේ ඇයට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය අනාවරණය කර ගත නොහැකිවීමයි.

අලුයම තම නිවසින් පිටත්ව ගොස් යළි රාත්‍රී නිවසට පැමිණෙන  සෙනෙහෙබර බිරිඳක් හා ආදරණීය මවක් වූ ඇයට රැකියා ස්ථානයෙන් හැර වෙනත් කිසිම අයුරකින් කොරෝනා ආසාදනය විය නොහැකි බව ඇය ගැන දන්නෝ දනිති.

එමෙන්ම සෞඛ්‍ය අංශ පවා දැන් පවසන්නේ ඇය කොරෝනා ආසාදිත බව හඳුනාගත් පළමුවැන්නා වුව ද පළමුව කොරෝනා ආසාදනය වූ ඇඟළුම් සේවිකාව හෝ සේවකයා ඇය නොවිය හැකි බවයි. එසේනම් ඇයට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ උප්පැන්න ලිවීමට අවශ්‍ය වන්නේ නැත.

”සේවය කරන කාට හෝ අසනීප තත්ත්වයක් තියෙනවානම් කර්මාන්තශාලා පරිශ්‍රයේ දී අවශ්‍ය ප්‍රතිකාර කරනවා. නමුත් අපිට මීට පෙර සේවක සේවිකාවන්ගේ අසනීප තත්ත්ව ගැන වාර්තා වුණේ නැහැ. යම් කෙනෙක් සුළු අසනීප තත්ත්වයක් පෙන්නුවත් අපිට තිබුණු විශාලම අභියෝගය වුණේ ඒ කිසිම කෙනෙක් කොරෝනා ලක්ෂණ නොපෙන්වීම. නමුත් පළමු ආසාදිත සේවිකාව හඳුනාගත්තෙත් රෝහලට ගිහින් ප්‍රතිකාර ලබාගත් අවස්ථාවේ දී.” පාලන අධිකාරිය කියන්නේ එවැනි කතාවකි.

” අපේ ලෙඩවෙලා හිටපු අයට නිවාඩු දුන්නෙත් නැහැ. වේදනා නාශක අරගෙන ආපහු පැය දෙකකින් වැඩ කරන්න කියනවා.” සේවිකාවන්ගේ චෝදනාවයි ඒ.

”මේවා අසත්‍ය ප්‍රචාර. අපේ ආයතනයේ ප්‍රතිපත්තියක් තියෙනාවව. කිසිම කෙනෙක් අසනීප තත්ත්වයේ ඉදගෙන සේවයට යෙදාගන්නේ නැහැ. අපි ජාත්‍යන්තර ඇණවුම් භාර ගනිද්දී පවා ඒ ආයතනවලට අපේ සේවකයන්ට ලබා දී ඇති සුබසාධන හා සෞඛ්‍ය පහසුකම් පවා පෙන්විය යුතුයි. කෙනෙකුට අසනීප තත්ත්වයක් ඇත්නම් එය සුවවී එනතුරු නිවාඩු ලබාදෙනවා. කොරෝනා කාලයෙන් පසුවත් සියලුම සෞඛ්‍යා ආරක්ෂතිි ක්‍රම අපි අනුගමනය කළා. ඒවා අපි අනිවාර්යයෙන් ම කළ යුතුයි. කර්මාන්තශාලා පරිශ්‍රයන්ට එන නිලධාරීන් පවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරලා එන්නේ. එය බ්‍රැන්ඩික්ස් සමූහයේ ආයතනික ක්‍රියාපටිපාටියක්. පසුගිය වසරෙ හොඳම ආයතනය ලෙස අපි ව්‍යාපාරික සම්මානය පවා ලැබුවා.” යැයි පවසනේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කළමනාකාරීත්වයයි.

නමුත් ආසාදිත බව හඳුනාගත් පළමු සේවිකාව කියන්නේ වෙනත් කතාවකි.

”මුල් කාලයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කළා. පස්සේ පස්සේ ඒවා ටික ටික ඈත් වුණා. මහන වෙලාවට මුඛ ආවරණ පළඳින්නේ ම නැහැ. අත් සෝදාගෙන ඇතුළුවෙන එකත් නැති වුණා.”

”අපිට මේ දේවල් හංගන්න ඕනෑ නැහැ. රටේ වගකිව යුතු ආයතනයක් හැටියට අපි සමාජ වගකීමක් තියෙනවා. මේ රෝගයෙන් සමාජය ගලවා ගැනීම ට උදව්කරන්න. ඒ නිසා අපි දෙන්නේ සත්‍ය තොරතුරු ඇතැම් අය මේ වගේ වෙලාවට ව්‍යාපාර විනාශ කිරීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර කරනවා. ” යැයි ද පාලන අධිකාරිය පවසයි.

කවුරුන් මොනවා කීව ද දැන් සියල්ල සිදුවී තිබේ. බ්‍රැන්ඩික්ස් සමූහය යනු මෙරට පවුල් දහස් සංඛ්‍යාවකගේ ආදායම් මාර්ග සපයන ව්‍යාපාරයකි. එපමණක් නොව විදේශ විනිමය රැගෙන එන ආයතනයකි.

එහි හිමිකාරීත්වය පමණක් නොව ඇතැම් ප්‍රධාන නිලධාරීන් ද රජයේ ඉහළම පුද්ගලයන් හා සමීප බවත් ඒ නිසාම ඔවුන්ට මෙරට නීති කිසිවක් බලනොපාන බවත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරති. ඒ ව්‍යාපාරයන්හි සාමාන්‍ය ස්වභාවයයි. ව්‍යාපාරිකයෝ රටේ පාලකයන් හා සම්බන්ධතා පැවැත්වීම අරුමයක් නොවේ. පාලකයන් හා ව්‍යාපාරිකයන් අතර හොඳ අන්‍යොන්‍ය සහ සම්බන්ධයක් තිබිය යුතුය නැතිනම් රටක් දියුණු වන්නේ නැත. ව්‍යාපාරිකයකුට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැත්නම් එය අරුමයකි.

ඒවා ගැන අටුවා ටීකා ටිප්පිනි ලිවිය යුතු නැත. අපට අවශ්‍ය වන්නේ කොරෝනාවලින් ආරක්ෂාවීම හා ජන සමාජය කොරෝනාවලින් ආරක්ෂා කරගැනීමයි.

දැන් යළිත් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව වෙලා ගනිමින් තිබේ. මේ දෙවැනි රැල්ල ආරම්භ වූයේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය හේතුවෙන් බව බොහෝ දෙනකු කීව ද ශ්‍රී ලංකාවේ රෝහල්වල පසුගිය මාස කිහිපයේ බාහිර රෝගී අංශවලින් හා පුද්ගලික බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් පිළිබඳ යම් සංගණනයක් කළ හැකිනම් උණ,‍ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හා නිව්මෝනියා තත්ත්වයන්ට වැනි කොරෝනා රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබූ කී දෙනෙක් නම් ප්‍රතිකාර ලබාගත්තා දැයි තේරුම්ගත හැකිවනු ඇත.

බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට කොරෝනා වයිරසය ඇතුළු වූයේ ඉන්දියාවෙන් පැමිණියා යැයි කියන පිරිසකගෙන් ද නැත්නම් මේ සමාජයේ තිබූ කොරෝනා වයිරසය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට රිංගාගෙන හැඩ වැඩ වී මතුවූවා දැයි අප දන්නේ නැත.

කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුතු දෙයක් තිබේ. මාරයා ද ආර්ථික ඝාතකයා ද දැන් අප එළිපත්ත අසළටම පැමිණ තිබේ. වෛද්‍ය විද්‍යාවේ අනුහසින් මාරයා ජයගත්ත ද අප කොරෝනා නිසා වළ පල්ලට වැටීමනම් නවතා ගත නොහැකි වනු ඇත.

විශාකාපට්නම් සිට මත්තලට බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් රැගෙන පැමිණි බව කියන ගුවන් යානයේ තොරතුරු
බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම
-Advertisement-

මොරටුව පුද්ගලික රෝහලක් වසා දමයි

0

කොරෝනා ආසාදිතයකු පසුගිය ඔක්තෝබර් මස 05 වැනි දා රුධිර පරීක්ෂාවක් සඳහා පැමිණ සිටීම හේතුවෙන් මොරටුව මෙඩිහෙල්ප් පුද්ගලික රෝහල තාවකාලිකව වසා දැමූ බව එහි පාලන අධිකාරිය පවසයි.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයකු ආ ගිය ස්ථාන පිළිබඳ සෙවීමේ දී ඔහු සෞඛ්‍ය හා බුද්ධි අංශවලට ලබාදුන් තොරතුරු මත රෝහලට රජයෙන් කරන ලද දැනුම් දීමක් අනුව මෙම තීරණය ගෙන ඇත. රොහලේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම රෝගියා පැමිණි අවස්ථාවේ රෝහලේ සිටි අනෙකුත් පුද්ගලයන් පිළිබඳව ද තොරතුරු සෞඛ්‍ය අංශයට ලබාදීමට කටයුතු කර ඇති බවත් රෝහලේ පාලන අධිකාරිය පවසයි.

-Advertisement-

ශ්‍රී ලංකන් සේවකයකුටත් කොරෝනා

0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 50 දෙනකු පිසීආර් පරීක්ෂණයට යොමු කළ බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තෙටුපොළේ මාද්‍ය අංශ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පවසයි.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයකුට බවත් ඔහු මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් පැවසේ.

ඔහුට බාහිර පුද්ගලයකුගෙන් කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සැක කරන බව ද පෙරේරා මහතා පැවසීය.

-Advertisement-

බැංකු සේවකයකුට කොරෝනා

0

NDB බැංකුවේ කොළඹ මැරයින් ඩ්‍රයිව් හි පිහිටි ශාඛාවේ සේවකයකුට කො‍රෝනා ආසාදනය වී ඇති බැවින් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයතුු කළ බව NDB බැංකු කළමනාකාරීත්වය නිවේදනය කරයි. මේ හේතුවෙන් ගනුදෙනු කරුවන්ට සිදුවන අපහසුතා පිළිබඳ කණගාටුව ප්‍රකාශකරන බැංකු කළමනාකරීත්වය පවසන්නේ ශාඛාව විෂබීජහරණය කිරීමෙන් පසු හෙට (13) දිනයේ දී බැංකුව විවෘත කිරීමට කටයුතු කරන බවයි.

එම නිලධාරියා හා සමීපව කටයුතු කළ අනිකුත් සේවකයන් හා පවුලේ ඥාතීන් නිරෝධායනය සඳහා යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

-Advertisement-

ඔබ ගාල්ලේ ද ? ප්‍රවේශමෙන්.

0

ගාල්ලේ සැරි සරනවා ද ? එහෙනම් ප්‍රවේශමෙන්

ගාල්ලේ පදිංචි හා ගාල්ලේ සැරිසරන සැවොම කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා නිකුත් කර ඇති නිර්දේශ දැඩි ලෙස පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙයට හේතුවී ඇත්තේ ගාල්ල හා ඒ අවට ස්ථාන ගණනාවක පුද්ගලයන් නිරෝධායනය කිරීම හා කොරෝනා ‍ආසාදිතයන්ගේ පළමු මට්ටමේ සමීපතමයන් කිහිප දෙනකු ගාල්ල පුරා සැරි සරා තිබීමයි. 35 දෙනකු මෙතෙක් සොයා ගැනීම ද අපහසු වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථානවල සහ හෝටල් ගණනාවක දහසක පමණ පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබේ. රජයේ සෘජු අධීක්ෂණය යටතේ ඇති එවැනි ස්ථානවලින් කොරෝනා වෛරසය පැතිරීයාමේ අවධානමක් නැතත් ඇතැම් විදේශිකයන් නිරෝධායනය වෙමින් සිටින හෝටල්වල සේවකයන් තම නිවසේවල සිට රැකියාව සඳහා පැමිණීම ගැටලුවක් බව ගාල්ල දිස්ත්‍රික්ක‍යේ සෞඛ්‍ය අංශ ප්‍රධානියකු මෙම ලේඛකයා සමග කියා සිටියේ තම නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමිනි.

ගාල්ල නගරයත් අධිවේගී මාර්ගයත් අතර විදේශිකයන් නිරෝධායනය වී සිටින එක්තරා හෝටලයක පහළ මහළේ ඇති ආහාර ද්‍රව්‍ය අළෙවි සැළක් දිගටම විවෘතව පවතියි. මෙම ස්ථානයේ ද යම් අවධානමක් ඇති බව ලේඛකයා විසින් සෞඛ්‍ය අංශ වෙත දැනුම් දුන් විට සෞඛ්‍ය අංශ සඳහන් කළේ එහි නිරෝධායනය වන කිසිවෙකුට පහළ මහළේ ආහාර ගැනීමට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි. ආහාර ඔවුන්ට සැපයීමේ දී සෞඛ්‍ය ආරක්ෂති ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන ලෙස දන්වා ඇති බව පැවසුව ද හෝටලයේ සේවකයන්ට ඒ පිළිබඳ නිසි පුහුණුවක් නොමැති බව ද සෞඛ්‍ය අංශවලින්ම පිළිගන්නා කරුණකි.

මේ අතර ගාල්ල වටරැක ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය දා ගම්පහ දිස්ත්‍රික්කයේ නීතිඥ මහත්මයකු සමඟ පැය එකහමාරක පමණ කාලයක් සමීපව ගත කර ආපසු පැමිණි බවත් ඔහු ඇසුරු කළ නීතිඥයා කොරෝනා ආසාදිතයකු බවත් අනාවරණය වී තිබිණි. ගාල්ලට ආපසු පැමිණි එම පුද්ගලයා තම නීතිඥ මිතුරා කොරෝනා ආසාදිතයකු බව නොදැන ගාල්ල නගරයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන දෙකකට සහ ආපන ශාලාවකට ගොස් තිබේ. එපමණක් නොව ඔහු රාත්‍රීයේ තම හිත මිතුරන් ද සමග සාදයක් ද පවත්වා තිබිණි. ප්‍රතිඵලය වටරැක නිවාස පහක පුද්ගලයන් නිරෝධායනයට යොමු කර තිබීමයි.

ගාල්ලේ ඇති තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ වටරැක ප්‍ර‍දේශයට පසුගිය 04 වැනි දා උදෑසන පැමිණි ආසාදිත තරුණිය කඩවත සිට ගාල්ලට ආ අධිවේගී මාර්ග බසයේ ගමන්ගත් 35 දෙනකු මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීමයි. මේ පිළිබඳ අප වෙබ් අඩවියේ ඊයේ (11) දිනයේ දී ද අනාවරණය කරන ලදී.

කඩවත සිට 04 දා උදේ 6.30 ට ගමන් ආරම්භ කළ NB 7323 දරණ බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා නිරෝධායනයට යොමු කර ඇතත් මේ ලිපිය ලියන 12 වැනි දා දහවල් වනතුරු ද අනෙක් මගීන් කිසිවෙකුත් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වී සිටියේ නැත. ඔවුන් කොරෝනා ආසාදිතයාගේ පළමු මට්මේ ආශ්‍රිතයෝය. එනම් අනිවාර්යයෙන් ම සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ නිරෝධායනය විය යුතු පිරිසකි. මොවුන් මෙතෙක් සැඟව සිටීම ගාල්ලේ ජනතාව පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද අසීරුතාවට පත්කිරීමකි.

තමන් ආසාදිතයකු බව නොදැන කඩවත සිට ගාල්ලට පැමිණි තරුණිය වටරැක නිවස වෙත යාමට භාවිතා කළ ත්‍රී රෝද රථයේ රියදුරා ස්වයං නිරෝධායයට යොමු කර තිබුණ ද අක්මීමණ පදිංචි ඔහු ඉන් පසුව ද තම ත්‍රී රෝද රථයේ මගී ප්‍රවාහන කටයුතු සිදුකළ බවට ප්‍රදේශවාසීන් විසින් ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර තිබිණි.

මෙවැනි වාතාවරණයක් තුළ ගාල්ල නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරන ඕනෑම කෙනෙකු අවදානමකට ලක්විය හැකි බැවින් අනිවාර්යයෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

උත්සව, ප්‍රිය සම්භාෂණ, ආගමික වැඩසටහන්, රැස්වීම් ආදිය නොපවත්වන ලෙසත් ඉල්ලා සිටින අතර සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටින ලෙසත් දුරස්ථ භාවය තබාගන්නා ලෙසත් ඉල්ලා සිටියි. එමෙන්ම තම දෑත් නිතර පිරිසිදුව තබාගන්නා ලෙසත්, මුහුණ නාසය, මුඛය හා ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙන අතර මුඛ ආවරණ පැළඳිම ද අනිවාර්ය බවත් ඉල්ලා සිටියි. අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් බැහර නොයාමත් රැකියා ස්ථානවල දී ද දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙසත් දැනුම් දෙයි.

-Advertisement-

විදුලි පුද්ගලික සමාගමේ 12කට කොරෝනා

0

කඳානේ විදුලි පුද්ගලික සමාගමේ කාර්යාල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

කාර්යාල සේවකයකුගේ දියණියක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලවේ සේවය කළ අතර ඇයට කොරෝනා ආසාදනය වී තිබුණෙන් මෙම කම්හලේ කාරේයාල සේවකයන්ට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ එහි සේවකයන් 12 දෙනකුට ‍වයිරසයට අසාදනය වී ඇති බවයි.

-Advertisement-

මිහිඳු සිසුහු තම ආරක්ෂකයාට උපහාර පුදති

0

පාසල්වලින් බිහිවන සුවිශේෂී චරිත තියෙනවා. ආචාර්ය මහාචාර්යවරු ගැන අපි කොතෙක් කතා කළත් විදුහල්පතිවරු ගැන, ගුරුවරු ගැන කතා කළත්, තමන්ගේ මුළු ජීවිත කාලයම පාසල් වෙනුවෙන් කැප කරන ඇතැම් පුද්ගලයන් ගැන කතා කරන්නේ අල්ප වශයෙන්.

ගාල්ලේ මහින්දයේ ඒ වගේ චරිත කිහිපයක් හිටියා. මහින්දේ ඉස්සරහ හිටපු ඩැනි අයියා, කැන්ටිමේ හරිස් අයියා, ටකේ ගහපු පියදාස අයියා, ලැබ් එකේ මහින්ද අයියා, සූරි අයියා, කාර්යාලයේ සරත් අයිය ඒ වගේ චරිත. තවත් අපි නොදන්න අය ඉන්න ඇති.

මේ චරිත අතර කලහෙ අංකල් සුවිශේෂයි. මම කලහෙ අංකල්ව දන්නේ පාසලේ ආරක්ෂක නිලධාරියා විදියට. මගේ ලොකු පුතා මහින්දයට ඇතුළුවුණු දවසේ ඉදලා කලහෙ අංකල්ගේ ඇල්ම බැල්ම ඔහු කෙරෙහි තිබුණා. පුතාව ගන්න මහින්දයේ ගේට්ටුව අසළට යන්න පරක්කු වුණත් අපිට කිසිම ගැටලුවක් වුණේ නැහැ. කලහෙ අංකල් දරුවන්ව ආරක්ෂා කරනවා.

විටින් විට බෝම්බ බිය පැතිරෙද්දී, මත්ද්‍රව්‍ය වැනි අපචාර පාසල් අසළ ගැවසෙනවා කියා කියවෙද්දී කලහෙ අංකල් පතාක යෝධයෙක් වගේ ඒ සියල්ල වළක්වමින් පාසලේ දරුවන් ආරක්ෂා කළේ තමන්ගේ ප්‍රාණය හා සමව.

කොතරම් වයස්ගත වුණත් ප්‍රාථමික අංශයේ සියලු දරුවන් ඇතැම් විට නම් ගම්වලින් පවා දැනගෙන හිටපු කලෙහ අංකල් ඔවුන්ගේ දෙමාපියන් පවා වෙන වෙනම අඳුනගෙන හිටියා. ලොකුපුතා ප්‍රාථමික අංශයෙන් ඉවත්වෙලා යන විට පොඩි පුතා පාසලේ. මේ දෙන්නටම කලහෙ අංකල් සැළකුවේ එකම විදියට. මගේ දරුවන්ට විතරක් නෙවෙයි මහින්දයේ ආදි සිසුන් නොවන දෙමාපියන්ගේ දරුවන්ටත් ඒ දෙමාපියන්ටත් කලහෙ අංකල්ගේ වෙනසක් තිබුණ් නැහැ.

පාසලේ ආරක්ෂකයා වුණාට කලහෙ අංකල් ඉතා හොඳ චිත්‍ර ශිල්පියෙක් වගේ ම අත්කම් නිර්මාණ කරුවෙක්. ඒ නිසා පාසලේ උත්සව අවස්ථාවල දී දරුවන්ට අවශ්‍ය බොහෝ නිර්මාණ කලහෙ අංකල්ගේ දෑතින් හැඩ වැඩ වුණේ අපූරු අයුරින්.

කලහෙ අංකල් ගාව ලොකු පොල්ලක් තිබුණා. දවසක් මේ පොල්ල අරගෙන කොල්ලන් පස්සේ එලවනවා දැකපු මට පුදුම හිතිලා ”අංකල්, ඇයි මේ පොල්ලක් අරගෙන” කියල ඇහුවා.

මා දෙස බලා හිනා වුණු ඔහු

” මේ පොල්ලට කොල්ලො බයයි. ඒත් උන් දන්නවා මම කවදාවත් ගහන්නේ නැහැ කියලා. පොල්ල ගන්න කොටම දන්නවා තමන් කරපු වැරද්දට මට තද වෙලා කියලා. මට මේ පොඩි එවුන් එක්ක තරහ යන්නේ නෑ. ඒත් ඉතින් මේ කොල්ලො ටිකට වැරදි කරන්න දෙන්න බැහැනේ. පුදුම විසයක් තියෙන්නේ.” කියමින් පොල්ල තම ආරක්ෂක කුටියේ තැබුවා.  

ඔහු පාසලේ ආරක්ෂක නිලධාරියා පමණක් නොවෙයි දරුවන්ට ආදරණීය වැඩිහිටියෙක් වුණා. මේක ටික කාලයක් නෙවෙයි. දශක ගණනක්ම සිදුවූ දෙයක්. ඉතින් මහින්දයේ ඉගෙන ගත්තු සෑම මහින්දීයයකු ම මේ අපූරු මනුස්සයාට ණය ගැතියි.

අපි කලෙහෙ අංකල් කියන ”කලහෙවිතානගේ අමරසේන” තම මුළු ජීවති කාලයම කැප කළේ මහින්දය වෙනුවෙන්.

මම මේ සටහන ඔහු වෙනුවෙන් තැබුවේ පසුගිය 02 දා මහින්දයේ ගුරුවරුන් හා දරුවන් එකතුවෙලා කලහෙ අංකල්ට උපහාර පැවැත්වීම ගැන සඳහන් කරන්න.

විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මෙහෙයවීමෙන් ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි සන්ධ්‍යා රේණුකා මහත්මිය ඇතුළු ගුරුභවතුන් රැසක් මහින්දයේ ප්‍රාථමික ශිෂ්‍යනායක මණ්ඩලයේ දරුවන් සමඟ කලහෙ අංකල්ගේ ගෙදරට ගියා.

මම දන්නවා කලහෙ අංකල්ට ඇ‍‍‍ඬෙන්න ඇති.  මේ දරුවන් දැකලා. ඒ සතුටු කඳුළු. ඒ තමයි මේ සංවේදී මනුස්සයාගේ ස්වභාවය.

එදා මේ උපහාරය ගැන දන්නවනම් ඇත්තටම අපිත් යනවා කලහෙ අංකල් එක්ක කයියක් ගහන්න. නමුත් අපිට ඒ වාසනාව තිබුණේ නැහැ.

මහින්දීයයන් වන අපි, මහින්දීයයන්ගේ දෙමාපියන් වන අපි හැමෝම කලහෙ අංකල්ට සාදාකාලික ණය ගැතියි. ඔහු නොවන්නට ඇත්තටම මහින්දයේ ඇතැම් දරුවන්ට මොනවා වේවිද කියා අපි දන්නෙත් නැහැ. ඔහු කළේ රස්සාවක් නෙවෙයි. මහින්දය මහින්දයේ දරුවන්ට අනූපමේය සේවාවක්.

ඉතිං කලහෙ අංකල් අපේ දරුවන්ගේ සදාතනික ආදරය දිනාගත් ඔබට අපේ ගෞරවය දිනාගත් ඔබට අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්. සියලු මහින්දීයන් හා මහින්දයේ ප්‍රජාව වෙනුවෙන්.

කලෙහි අංකල් අපි සැවොම ණය ගැතියි සදාකාලිකව ම ඔබට අපේ දරුවන් මෙන්ම මහින්දයත් රැක දුන්නාට.

(මම ඔබේ පත්තර මිත්‍රයා – සජීව විජේවීර)

Photography by: Arch92 | Web Team MCG

-Advertisement-

කොරෝනා රෝගීන්ට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණයි

0

කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති රෝහල් පහසුකම් අතරින් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණක් බව කො‍විඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (12) උදෑසන 5.00 ට යාවත්කාලීන කළ දත්ත අනුව පැහැදිලි වෙයි.

මේ වනවිට රෝහල් ‍12ක කොරෝනා ආසාදිතයන් 1581ක් ඉඩ පහසුකම් වෙන්කර තිිබේ. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 1328 කි මේ අනුව දැනට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණි.

කොරෝනා ආසාදිතයන් සඳහා වැඩිම ඇඳන් ප්‍රමාණයක් ලබා දී ඇති රෝහල වන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහලයි. එහි ඇඳන් 400ක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇත. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දත්ත අනුව අයිඩීඑච් රෝහලේ ඇඳන් 120ක් ඇති අතර එහි ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් 160 දෙනෙක් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබති.

කඹුරුගමුව රෝහලේ ඇඳන් 200ක් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ඇති අතර එහි ධාරිතාව ද ඉක්මවා යමින් රෝගීන් 213ක් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

වැලිකන්ද රෝහලේ ද නියමිත ධාරිතාව ඉක්මවා රෝගීන් හය දෙනකු ප්‍රතිකාාර ලබන අතර එහි ආසාදිතයන් 116 ක් ඇත්තේ ඇඳන් 110ක් වෙන්කර තිබෙන තත්ත්වයක් තුළය.

මේ වනවිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් 400න් රෝගීන් සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ ඇඳන් 157ක් පමණක් බැවින් එහි ඇඳන් 243ක් ඉතිරිව තිබේ. තෙල්දෙණිය රෝහලේ ඇඳන් 120ක් තිබුණ ද රෝගීන් සිටින්නේ 95ක් පමණක් බැවින් එහි ඇඳන් 25ක් ඉතිරිව ඇත. හම්බන්තොට රෝහලේ ද ඇඳන් 186 අතරින් ඇඳන් 19ක් ඉතිරිව තිබේ. කාත්තන්කුඩි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 105ක් වන අතර ඇඳන් 15ක් ඉතිරිව ඇත. හෝමාගම රෝහලේ ඇඳන් 06ක් හා නැගෙනහිර කොළඹ රෝහලේ ඇඳන් 03ක් මේ දක්වා ඉතිරිව තිබේ.

මේ අනුව වෙන වෙනම රෝහල් සැළකූ විට ඇඳන් 312ක් ඉතිරිව ඇතත් අයිඩීඑච් රෝහලේ, කඹුරුගමුව රෝහලේ සහ වැලිකන්ද රෝහලේ නියමිත ධාරිතාව ඉක්මවා රෝගීන් 59 දෙනකු සිටින බැවින් දැනට පහසුකම් ඇත්තේ රෝගීන් 253කට පමණක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා පවසන්නේ කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්වූ ඇඳන් සංඛ්‍යාව 3000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි.

-Advertisement-

තිහාරියේ කර්මාන්තශාලාවක් වසා පීසීආර් පරීක්ෂණ

0

තිහාරිය ඇඟළුම් කර්මාන්තශාලවක සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම කර්මාන්තශාලාව වසා දමා සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණයට යොමු කළ බව Hela Clothing සමාගම පවසයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ සේවිකාවකගේ ස්වාමිපුරුෂයකු මෙලෙස කොාරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත. එම සමාගම සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සේවකයා ඔක්තෝබර් 02 වැනි දිනයෙන් පසු සේවයට නොපැමිණි බවයි. ඔහු නිරෝධායනයට යොමු කර සිටි අයෙකි.  

-Advertisement-