කොරෝනා රෝගීන්ට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණයි

0
86

කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති රෝහල් පහසුකම් අතරින් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණක් බව කො‍විඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (12) උදෑසන 5.00 ට යාවත්කාලීන කළ දත්ත අනුව පැහැදිලි වෙයි.

මේ වනවිට රෝහල් ‍12ක කොරෝනා ආසාදිතයන් 1581ක් ඉඩ පහසුකම් වෙන්කර තිිබේ. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 1328 කි මේ අනුව දැනට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණි.

කොරෝනා ආසාදිතයන් සඳහා වැඩිම ඇඳන් ප්‍රමාණයක් ලබා දී ඇති රෝහල වන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහලයි. එහි ඇඳන් 400ක් කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇත. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ දත්ත අනුව අයිඩීඑච් රෝහලේ ඇඳන් 120ක් ඇති අතර එහි ධාරිතාව ඉක්මවා යමින් රෝගීන් 160 දෙනෙක් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබති.

කඹුරුගමුව රෝහලේ ඇඳන් 200ක් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කර ඇති අතර එහි ධාරිතාව ද ඉක්මවා යමින් රෝගීන් 213ක් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

වැලිකන්ද රෝහලේ ද නියමිත ධාරිතාව ඉක්මවා රෝගීන් හය දෙනකු ප්‍රතිකාාර ලබන අතර එහි ආසාදිතයන් 116 ක් ඇත්තේ ඇඳන් 110ක් වෙන්කර තිබෙන තත්ත්වයක් තුළය.

මේ වනවිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් 400න් රෝගීන් සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ ඇඳන් 157ක් පමණක් බැවින් එහි ඇඳන් 243ක් ඉතිරිව තිබේ. තෙල්දෙණිය රෝහලේ ඇඳන් 120ක් තිබුණ ද රෝගීන් සිටින්නේ 95ක් පමණක් බැවින් එහි ඇඳන් 25ක් ඉතිරිව ඇත. හම්බන්තොට රෝහලේ ද ඇඳන් 186 අතරින් ඇඳන් 19ක් ඉතිරිව තිබේ. කාත්තන්කුඩි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 105ක් වන අතර ඇඳන් 15ක් ඉතිරිව ඇත. හෝමාගම රෝහලේ ඇඳන් 06ක් හා නැගෙනහිර කොළඹ රෝහලේ ඇඳන් 03ක් මේ දක්වා ඉතිරිව තිබේ.

මේ අනුව වෙන වෙනම රෝහල් සැළකූ විට ඇඳන් 312ක් ඉතිරිව ඇතත් අයිඩීඑච් රෝහලේ, කඹුරුගමුව රෝහලේ සහ වැලිකන්ද රෝහලේ නියමිත ධාරිතාව ඉක්මවා රෝගීන් 59 දෙනකු සිටින බැවින් දැනට පහසුකම් ඇත්තේ රෝගීන් 253කට පමණක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා පවසන්නේ කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්වූ ඇඳන් සංඛ්‍යාව 3000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here