spot_img
spot_img

ගාල්ලේ තවලමට වූ ඛේදවාචකය පීඑච්අයි කියයි

පුවත්

විදෙස්

අසල්වැසි තවලම..!!

ඊයෙ රෑ නියාගම නාරංඕවිටින් වාර්තා උනු covid-19 ආසාධිත රෝගියා රෝහල් ගතකරන්න පැය 20ක් විතර බලන් ඉන්න උනා.

ලංකාවේ covid-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලම රෝගීන්ගෙන් පිරිලා. ඉතින් කොහෙවත් ඉඩ නැහැ. බලන් ඉඳල බලන් ඉඳල අන්තිමේදි අද හවස අලුතෙන් covid-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරපු රෝහලක් ඔහුට ලැබුනා.

ඉතින් හවස ඔහු රෝහලට අරන් යන්න Ambulance එකක් එන බවත් ඒකෙ තවත් රෝගීන් 8 දෙනෙකුත් එන බවත් මට දැනුම් දීල තිබුනා. මගේ covid-19 රෝගියාට අමතරව ඒ Ambulance එකේ ආපු අනිත් රෝගීන් 8 දෙනාම ගාල්ල තවලමින් හඳුනාගත්තු රෝගීන්. ඉතින් හොයල බැලුවට පස්සෙ තවලම වැඩේ බරපතලයි. ඒ Covid-19 රෝගීන් විශාල ප්‍රමාණයක් හිටි හැටියේම වාර්තා වීම නිසාම නෙමේ. තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ හෙද සොහොයුරියටත් රියදුරු මහත්මයාටත් අදවනවිට covid-19 රෝගය ආසාධනය වෙලා.

ඉතින් ඒ නිසා තවලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තිදෙනා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු දෙදෙනා ආශ්‍රිතයින් බවට පත්වෙලා. ඔවුන් තමන්ගේ කාර්‍යාලය ඇතුලෙම නිරෝධායනය වෙමින් තමන්ගෙ PCR වාර්තා එනකල් බලන් ඉන්නවා.

ඒ අතරෙ දුරකථනයෙන් තමන්ගෙ ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් රෝහල් ගතකිරීම, නිරෝධායනය කිරීම ආදී දේවල් කරන්න උත්සාහ ගන්නවා. අතාරින්නෙ නැතුව දුරකථනයෙන් ආශ්‍රිතයින් හොයන්න හදනවා. පොසිටිව් උනා, ආශ්‍රිතයෙක් උනා, නිරෝධායනය උනා කියලා මේකෙන් ඉවත් වෙන්න ඔවුන්ට බැහැ.

මේක ඛේදවාචකයකින් අවසන් වෙන්න ලියැවිලා නම් ඒක එහෙම වෙන්න ඇති. ඒත් නොමැරී මැරි මැරි හරි සටන් කරන්න වෙනවා. වෙන්න පුලුවන් නරකම දෙයක් තියෙනවනම් එයින් එකක් තමයි තවලමට වෙලා තියෙන්නෙ. සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය අකර්මණ්‍ය උනොත් වෙන දේවල් ගැන මං තාම හිතල නැහැ. ඒක ඉතාම නරකම දෙයක් වෙන්න පුලුවන්.

කේ.ජී වික්‍රමසිංහ

මහජන සෞඛ්‍ය පරීක්ෂක

උපුටා ගැනීම ම.සෞ.ප K.G වික්‍රමසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවෙන්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!