spot_img
spot_imgspot_img

ගාල්ල කොටුවේ කොටසක් තහනම් කලාපයක් කරලා

පුවත්

විදෙස්

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ ඉදිරිපස පහිටි ඓතිහාසික හිරු අට්ටාලය, සඳු අට්ටාලය හා තාරුකා අට්ටාලය මේ දිනවල කිසිවෙකුට ඇතුළුවිය නොහැකි අයුරින් වසා දමා තිබේ.

මෙලෙස වසා දැමීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයයි. කොරෝනා වසංගත තත්ත්වයක් පැවතිය ද රට තුළ සංචාරක සීමා පනවා නොමැති බැවින් සති අන්තයේ ගාලු කොටුව නැරඹීමට ආ පිටපළාත්වල විශාල දේශීය සංචාරකයන් පිරිසක් මේ ස්ථාන නැරඹීමට නොහැකිව ආපසු හැරී ගොස් තිබේ.

ගාල්ල කොටුවේ පැරණිම කොටස ලෙස සැළකෙන පෘතුගීසීන් විසින් ඉදිකරන ලද කළු කොටුව ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පිහිටා ඇති බැවින් සංචාරකයන්ට ඇතුලුවීමට විශේෂ අවසරයක් ගත යුතුය. ක්‍රිකට් තරඟ හේතුවෙන් වසා දමා ඇති ඉදිරිපස කොටස ද පෘතුගීසීන් විසින් ඉදිකරන ලද මුර අට්ටාල තුනක් ලන්දේසීන් විසින් විශාල කර බන්දවා ඇති අතර පසුව ඉංග්‍රීසි පාලකයන් විසින් ද වෙනස්කම් රැසක් සිදුකර ඇත. ගාල්ල කොටුවේ පිහිටි සුවිශේෂීතම කොටස ‍ලෙස සැළකෙන මෙම ස්ථානය වසා දැමීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව සංචාරකයෝ පවසති.

මෙම ටෙස්ට් තරඟාවලිය නරඹන්නන්ට තහනම් කර ඇති බැවින් කොටුව මත සිට ක්‍රිකට් තරඟය නැරඹීම වැළැක්වීමට මෙම තීරණය ගෙන ඇති බව ද පැවසේ.

මේ පිළිබඳ ගාලු උරුමය පදනමෙන් සභාපති පරාක්‍රම දහනායකගෙන් විසූ විට හෙතෙම කියා සිටියේ මෙම කොටස වසා දැමීමට ගාලු උරුමය පදනම කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එය වසා දැමීමේ දී තම පදනමෙන් විමසා නැති බව ද හෛතෙම කීවේය.

මේ පිළිබඳ ගාල්ල පොලිසියෙන් විමසීමේ දී කියා සිටියේ කොරෝනා වසංගත තත්තවය සළකා කොටුව මතට නැග ක්‍රිකට් තරඟය නැරඹීව වැළැක්වීමේ අවශ්‍යතාව මත එම කොටසට කිසිවෙකුට ඇතුළු වීමට නොදෙන බවයි. මෙලෙස වසා දමා ඇත්තේ ක්‍රිකට් තරඟ පැවැත්වෙන කාලයේ දී පමණක් බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!