spot_img
spot_imgspot_img

කොරෝනා මර්ධනය අසාර්ථක බව වෛද්‍යවරු කියති

පුවත්

විදෙස්

මෙරට කොරෝනා මර්ධනය මේ වනවිට අසාර්ථක වී ඇති බවත් ලබන මස මැද භාගය වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය අතිශය දරුණු විය හැකියැයි ‍රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ බස්නාහිර පළාතෙන් දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව මේ වනවිට අඩු වී ඇතත් පිට පළාත්වලින් වාර්තාවන රෝගින් සංඛ්‍යාව 50%ක් දක්වා වැඩි වී ඇති බවයි.

ඔහු වැඩි දුරටත් මෙසේ ද කීවේය.

“මේ වනවිට කොරෝනා මර්ධනයේ දී අපි අසාර්ථක වී ඇති බව පැහැදිලියි. බස්නාහිර කේන්ද්‍රගත වෙලා තිබූ අවදානම එහි දී කළමනාකරණය කරලා රට පුරා ව්‍යාප්තවීම වළක්වන්න නොහැකි වුණා. ඒ නිසා මේ වනවිට රට පුරා සියලුම දිස්ත්‍රික්කවලින් දෛනිකව රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. දැනට දෛනිකව රෝගීන් 800ක් වාර්තා වෙනවා. අපිට පෙනෙන්නට තිබෙන්නේ ඒ සංඛ්‍යාව වුණත් සෞඛ්‍ය අංශවලට ඒ 800 දෙනාගේ ආශ්‍රිතයන් ගැන පවා සොයන්න සිදුවනවා. මේ නිසා හැකි ඉක්මණින් එන්නත ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!