spot_img
spot_imgspot_img

පටි තද කරගන්නා ලෙස මහබැංකුව බැංකුවලට කියයි

පුවත්

විදෙස්

බැංකුවල අනවශ්‍ය වියදම් නවත්වන ලෙසත් තම කොටස් ආපසු මිල දී ගැනීම් සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසත් ප්‍රාග්ධන වියදම් සිදුකිරීමේ දී ඉතා සැළකිලිමත්වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත දැනුම් දී තිබේ.

2021 මුල් මාස 06ක කාලයේ දී මෙලෙස කටයුතු කරන්න යැයි උපදෙස් දී ඇත.

2020 මැයි 13 වනදින නිකුත් කරන ලද විධානයක් මගින් කොවිඩ් -19 ව්‍යවසනයේ ව්‍යාප්තිය සමග හටගත් සුවිශේෂි තත්ත්වයන් හමුවේ බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන මට්ටම් ශක්තිමත් කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ප්‍රකාශයට පත්කිරීම, ලාභ මෙරටින් බැහැර කිරීම, තම කොටස් ආපසු මිලට ගැනීම, කළමනාකාරීත්වය සඳහා ගෙවනු ලබන දීමනා වැඩි කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරනු ලබන ගෙවීම් ඉහළ දැමීම ආදී අභිමතානුසාරී ගෙවීම් 2020 දෙසැම්බර් 31 දින දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණි.

මෙම සීමා කිරීම් යළි සලකා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති අතර ඒ අනුව බලපත්‍රලාභී බැංකුවල 2020 වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශන විගණනයට ලක් කිරීමෙන් අනතුරුව ලාභාංශ මුදලින් ගෙවීමට සහ ලාභ මෙරටින් බැහැර කිරීමට 2021 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද විධානය මගින් බලපත්‍රලාභී බැංකුවල වෙත අවසර හිමිවිය.

පවතින අභියෝගාත්මක වාතාවරණය හමුවේ බැංකුවල වත්කම් වර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම සහ කොවිඩ් -19 නිසා වන බලපෑම වැනි දෑ පිළිබඳව සැලකිලිමත් වියයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!