spot_img

කොළඹ හුදකලා ප්‍රදේශවල වෙනසක්

පුවත්

විදෙස්

හුදකලා කර ඇති ඇතැම් ප්‍රදේශ හෙට (28) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත්කරන බවත් ඇතැම් ප්‍රදේශ හුදකලාබවට පත්කරන බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව වේල්ලවීදිය පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසම හා මරදාන පොලිස් වසම යන ප්‍රදේශ තුනෙහි ඉවත් කරයි. එමෙන්ම කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම , හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල ග්‍රාම නිලධාරී වසම්, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය මෙලෙස හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ වෙයි.

හෙට (28) උදෑසන 5.00 සිට කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම හා අලුත්කඩේ නැගෙනහි ග්‍රාම නිලධාරී වසම හුදකලා කරන බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. දැනට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ නැවත දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ ලෙස ම පවත්වාගෙන යන බව ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles