අහංගම නගරයේ රැකවරණයක් නොමැතිව ඉබාගාතේ යමින් සිටි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගනවිත් සිටිය දී කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
ඔහු යම් කිසි මානසික ආබාධයකින් පෙළෙන්නේ යැයි ලැබුණු තොරතුරකට අනුව ගිලන්රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගන විත් තිබිණි. 52 හැවිරිදි වියේ පසුවන බව පවසන එම පුද්ගලයා රෝහලට පවසා ඇත්තේ තමන්ට දරුවන් නොසළකන බවයි.
ඔහු දින ගණනක් මහ මඟ ඉබාගාතයේ සැරි සරා ඇති බව ද අනාවරණය වී තිබේ.
ඔහු රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයට යොමුකිරීමට පෙර කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණයකින් ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ. වාට්ටුවේ ප්‍රකාශකයකු කියා සිටියේ දෙවරක්ම ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකළ බවයි. ඔවුන් පවසන්නේ මෙම පුද්ගලයාගේ සිරුරේ කොරෝනා වයිරස අධි සාන්ද්‍රණයක් ඇති යැයි විශ්වාස කළ හැකි බවකි.
අද (24) රාත්‍රියේ ම ඔහු රෝහලේ 36 වාට්ටුවට මාරුකර ඇති අතර ඉක්මණින්ම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකිරීමට ද නියමිතය.
මොහු පදිංචි ස්ථානයක් නොමැතිව තැන තැන ඇවිදිමින් සිටි පුද්ගලයකු බැවින් ඔහුගේ ආශ්‍රිතයන් සොයා ගැනීම හා කොරෝනා ආසාදනය වීමේ මූලාශ්‍රයක් හඳුනාගැනීම ද දැඩි අසීරු කරුණක් වනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.