spot_img
spot_imgspot_img

ගල් කොරියකට ඉමදුව සභාවෙන් දැඩි විරෝධයක්.

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එකසිය එක්වන කිලෝමීටරය ආසන්නයේ ඇති රංගොඩ කන්ද ප්‍ර දේශයේ නවතා දමා ඇති ගල් කොරියක් නැවත ආරම්භ කිරීමට සුදානම් වන බවත් මේ හේතුවෙන් දක්ෂිණ අධීවේගී මාර්ගයට මෙන්ම ප්‍රදේශවාසීන් ද දැඩි අසීරුතාවයට පත්වන බව ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීමේ දී අනාවරණය විය.

ඉමදුව ප්‍රා දේශීය සභාව එහි සභාපති ඒ.වී.සරත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් ඉමදුව බහුකාර්ය ගොඩනැගිල්ලේ දී රැස්විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී. අරුණ කියා සිටියේ ගල්කොරිය නැවත ආරම්භ කිරීමට ගම් වාසීන් ඇතුළු සියළු දෙනා විරුද්ධව සිටින බවත් මෙය කලි සිසුකල හොත් දක්ෂිණ අධිවේගී මාර්ගය නාය යාමේ අවධානමක් පවා ඇති ඇති වනු ඇතැයි විශ්වාසයක් පවතින බවයි.

මෙහි දී අහස් දක්වමින් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී රුවින් මන්තින්ද කියා සිටියේ මෙම ගල කැඩීම සදහා අදාල පුද්ගලයා වසර ගණනක සිට උත්සාහ කල බවත් එය ව්‍යර්ථ වුව ද මේ වන විටදිස්ත්‍රික්කයේ  ඉහළ දේශපාලන නියෝගයක් මත අදාල පුද්ගලයා නැවත මෙම ගල කැඩීමට අවසර ඉල්ලා ඇති බවට දැනගන්නට තිබෙන බවයි.

ඉමදුව ප්‍රා දේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර

නෑ අපිට මේක නවත්වන්න වත් අවසර දෙන්නවත් බෑ. මේක අපේ පාලනයේ නෙවේ තියෙන්නේ

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂණී කණ්ඩම්බි  

එහෙම කියන්න එපා අපි සභාව විදියට මේකට විරුද්ධ වෙන්න ඕන. ඉහල දේශපාලනය කියලා එකක් කියලා අත පිහිදාගන්න බෑ. මේක සභාවට අයිති කොටසක්. අපි සබාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා ලිපියක් යවමු.

අමරසේන ලියනපතිරණ (පොදුජන පෙරමුණ)

අපිට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අපේ විරුද්ධත්වය වැඩක් නෑ. භූ විද්‍යා එකෙන් ඒක කරන්න කිව්වොත් අපිට කරන්න දෙයක් නැති වෙනවා.

ටී.ජී. අජිත් ප්‍රේමකුමාර මන්ත්‍රීවරයා (ජනතා විමුක්ති පෙරමුණ)

අපි පොදුවේ මේකට විරුද්ධ වෙන්න ඕන. භූ විද්‍යා එකටවත් ඉහල දේශපාලන කට්ටිය කියලා අපේ දේවල් වලට අතදාන්න දෙන්න බෑ. අනික මේ අධිවේගී මාර්ගයට සෘජුව බලපානවා.

ඒ.ජී. අරුණ මන්ත්‍රීවරයා (එක්සත් ජාතික නිදහස් පෙරමුණ)

මේ ගල කලින් කැඩීම නිසා පසුගිය කාලේ අධිවේගී මාර්ගයට පස්කදු කඩා වැටුණා. ප්‍රදේශවාසීන් ගේ නිවෙස් වලටත් හානි වෙලා තියනවා. මේ සම්බන්ධයෙන් නඩු කීපයක් ද තියනවා ඒ නිසා මේ සදහා සභාව ලෙස විශේෂ මැදිහත් වීමක් සිදුකල යුතුයි.

ඉමදුව ප්‍රා දේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර මහතා,

ඒ අවස්ථානුකූලව තීරණයක් ගනිමු.

(සටහන – ලංකින්ද නානායක්කාර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!