spot_img
spot_imgspot_img

මහින්දයෙන් 198ක් ලැබූ සිසුවාගේ කතාව

පුවත්

විදෙස්

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ බිහදු බිමල් සල්වතුර සිසුවා සමත් වූවේය. තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වන ඔහු ගාල්ල ගල්වඩුගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

“මට අදහසක් තිබුණා ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා. පාසලේ විදුහල්පතිතුමාත්, ගරුවරුත් ඒ සඳහා මාව දිරිමත් කළා.අද මේ පාසලට අරන් දීපු ගෞරවය ගැන ඇත්ටම සතුටුයි.” බිහදු බිමල් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් එසේ කීවේය.

බිහඳුගේ පියා නුවන් සල්වතුර ව්‍යාපාරිකකයෙකි. මව තිළිණි කලංසූරියයි. පවුලේ වැඩිමලා බිහඳුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිති.

වැඩිදුරටත් අදහස් දැක්වූ බිහදු බිමල් සල්වතුර සිසුවා මෙසේද කීවේය.  

අම්මා තාත්තා නංගී මල්ලී වගේම ගුරුවරු, යාලුවෝ හැමෝම මට උදව් කරා. ඒ වගේ ම මගේ පළමු වසරේ දී මට උගන්නපු ගයන්තිකා ගුරුතුමිය, අනිත් පංති වලදී මට ඉගැන්වීම් කළ ගයානි උපේන්ද්‍රා ගුරුතුමිය සහ ටී.සී.ජී. කුමුදුනී ගුරුතුමිය වගේ ම අපේ ශ්‍රේණි භාර සම්පත් රත්නායක ගුරුතුමාත් මේ අවස්ථාවේ දී මතක් කළ යුතුයි.  ඒ වගේම මම පෞද්ගලික පංති වලටත් සහභාගී වුනා. සාමාන්‍ය යෙන් එදිනෙදා වැඩ කළා. මගේ අම්මා මට පාඩම් කියලා දුන්නා. ඒ හැමෝම මේ වෙලාවේ මතක් කරනවා. මම මහින්ද විද්‍යාලය වෙනුවෙන් චෙස් තරඟාවලි සදහා සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගෙන තියනවා. ඒ වගේම ජිම්නාස්ටික් හා කරාටේ යන ක්‍රීඩා දෙක මීට අමතරව කරනවා. මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වී මගේ පාසල මහින්ද විද්‍යාලයට ගෞරවයක් ලබාදීමත් මගේ රටට වැඩදායී පුරවැසියෙක් වී සේවාවක් ඉටුකිරීමයි.

විදුහල්පති ගාමිණී ජයවර්ධන කියා සිටියේ මෙවර තම පාසලේ සිසුන් 68 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇති බවයි. ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන් 244 කගෙන් සිසුන් 236 ක්ම ලකුණු 100 යේ සීමාව පසුකර ඇති බවත් ලකුණු 194 ක් ලබා ගනිමින් විනුජ දම්සර නමැති සිසුවකු ද 185 ට වැඩි සිසුන් 14 දෙනෙකු මෙවර මහින්ද විද්‍යාලයේ සිටින බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

(ලංකින්ද නානායක්කාර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!